විකිපීඩියා සාකච්ඡාව:අංකුර ලිපි

Latest comment: වසර 12කට පෙර by අනංගයා

ස්ටබ් Stub යන්න සිංහලයෙන් කොටය වේ. කරුණාකර මෙය බලන්න. අනෙක් අතට අංකුරය ඉංග්‍රීසියෙන් Stub නොවේ. කරුණාකර මෙය බලන්න. අංකුරය යන්න bud විය හැක. නමුත් stub නම් නොවේ. එබැවින් මෙම යළියොමුව නිවැරැදි ලෙසින් සකස් කරන්න. --- ශ්වෙත (talk) 15:16, 15 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

මෙය අංකුරය යැයි සඳහන් කලේ කෙලින්ම පරිවර්තනය කරනු වෙනුවට නියම අරුත ගෙන දීමටයි. කොට ලිපියක් කියනවාට වඩා අංකුර ලිපියක් යන්න කියන එක වඩා ගැලපෙනවා කියලා හිතුනා. මොකද අංකුරයක් කියන්නේ වැඩෙන්න ඉඩතියෙන කියන අදහස නිසා. අපි කෙලින්ම ඉංගිරිසියට කඩේ යන්න ඕනැද? මේක මගේ මතයයි. අනිත් අයගේ අදහස් බලලා වෙනස් කරමු එහෙනම්. -- බිඟුවා සාකච්ඡාව 17:42, 15 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
පවතින දෙයක් වෙනස් කරන කොට නේද ඔය ජන මතය විමසන්න ඕන. විකිපීඩියාව තමන්ට අයිති කියල හිතාගෙන සෑහෙන කලක් (අවුරුදු 2ක් විතර) පැවතුනු දෙයකට වෙනස් කම් කරල, ආපසු හරවන්න ජනමතය මත යැපෙන එක හරි මදි මගේ හිතේ. පරිශීලකයෙක් මෙහෙම දෙයක් කිව්වට පරිපාලකයෙක් මීට වඩා වැදගත් කථා කරයි කියල බලාපොරොත්තු වෙනවා. --- ශ්වෙත (talk) 06:13, 16 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
සිංහල ලිපියේ මුල්ම වාක්‍යයෙන් "The objective of this article is to provide a general guide for dealing with stubs, which are articles deemed too short to provide encyclopedic coverage of a subject. " යන්නෙන් පැහැදිලි වෙනවා මෙම Stub Articles යන්නෙන් අදහස් කරන දෙය. එනම් "අදාල මාතෘකාව සම්බන්ධයෙන් විශ්වකෝෂීය කරුණු දැක්වීමට නොහැකි තරමට කුඩා ලිපි" යන්නයි. අදහස් කරල තියෙන්නේ "ඉදිරියට වැඩෙන්න ඉඩ ඇති ලිපි" යන්න නොවෙයි. -- ශ්වෙත (talk) 06:24, 16 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
ශ්වෙත, ඔයා කියන කතාවේ බර අදහසක් තියෙනවා. ඔයා කියන්නේ මම වැඩ කරන්නේ මේක මට අයිතියි කියලා හිතාගෙන කියන එක. එහෙනම් ශ්වෙත, මම කැමති ලිපි විතරක් තියලා අනික්වා මකන්න ඕනැ. මම කැමති වෙනසක් කරල ආරක්ෂණය කරන්න ඕනැ. එහෙම එකක් නැ මෙතන. අදහහ් දක්වනකොට පරිශීලකයගෙයි පරිපාලකයගෙයි වෙනස මොකද්ද? අන්න එතන තමා වැරැද්ද තියෙන්නේ. ශ්වෙත, ඔයා හිතාගෙන ඉන්නේ පරිපාලක කියන්නේ මහා බලයක් තියෙන පොරක් කියලා. ඒ අදහස වෙනස් කරන ගන්න. ඒක බොහොම පැහැදිළියි ඔයාගේ වැඩ දිහා බලපුවාහාම. පරිපාලක වෙන්නේ පරිපාලක කටයුත්තක් කරන වෙලාවට විතරයි. අදහස් දැක්වීමකදී එයත් සාමාන්‍යය කෙනෙක්මයි. එහෙනම් නැත්නම් පරිපාලක කියන්නේ තමන්ගේ පුදගලික අදහස් දැක්වීමේ අයිතිය නැති කෙනෙක් වෙනවා. ඒක බොහොම පැහැදිළි අසාධාරණයක්. ඔයාගේ විටහ්‍රක් නෙමෙයි, මේ සිංහල විකියේ ඉන්න බොහොමයක් හිතාගෙන ඉන්නේ පරිපාලක කියන්නේ පොරක් කියලා. ඒක ලොකු වැරැද්දක්. එහෙම හිතාගෙන ඉන්න අය පොඩ්ඩක් පරිපාලක කියන්නේ කවුද කියන එක ගැන පොඩ්ඩක් කියැව්වානම හොඳයි. හරි!!! දැන් බලමු අපේ මත ගැටුම. ඔයා කියන කතාවත් හරි. කොට ලිපි, කෙටි ලිපි, පොඩි ලිපි, පුංචි ලිපි, චූටි ලිපි, කුඩා ලිපි... මේ වගේ ඕනැම් එකක් ගන්න පුලුවන් කියලයි මං හිතන්නේ. ඒක මගේ අදහස විතරයි. ඒක හින්දා මම වෙනස් කලා. මේක ආරක්ෂණය අරලා නැනේ. ඔයාට පුලුවන් ඒක වෙනස් කරන්න. කිසිම ගැටළුවක් නැ. මොකද මගේ මානයයි ඔයාගේ මානයයි දෙක වෙනස්. ඒක හින්දා අදහස් දෙකක් වෙන්න පුලුවන්. ඒක හින්දයි මම කිව්වේ අනිත් අයගේ අදහස බලමු කියලා. නැතුව මම කරපු එක වැරදි, නමුත් මට ලැජ්ජයි එක වෙනස් කරන්න, ඒ හින්දා අනිත අයගෙනුත් අහමු... මේ වගේ ගොන්පාට් එකක් නෙමෙයි මම කලේ. මොකද විකිය මගේ නෙමෙයි වගේම අත් වැරදි නොවෙන කෙනෙකුත් නෙමෙයි මම. ඒක හින්දා කිසිම ගැටලුවක් නැ. මන් හිතනවා මම කියපු එක, කියන්න හදපු එක තේරෙන්න ඇති කියල. ජය! -- බිඟුවා සාකච්ඡාව 08:04, 16 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
මම අහන්නේ සරල ප්‍රශ්නයක්. වසර දෙකක් තිස්සේ කොට ලිපි යන්න භාවිතා වුනා. ඔබ විසින් එය වෙනස් කලා. එතනදී සම්මුතියක් පැතුවේ නැහැ. දැන් මම එය වෙනස් කරන්න කිව්වම ජන සම්මුතියක් පතමු කියනවා. ඔය ජන සම්මුති කථාව නොකියා මගේ වෙනස් කිරීම හරි. මම ඔබට එකඟ නැහැ කිව්වනම් ඔබගේ අදහස පැහැදිලියි. පරිපාලක කියන්නේ මොකක්ද කියලා මම දන්නවා. නමුත් යම් තනතුරක අර්ථය පැහැදිලි වෙන්නේ එහි වචනාර්ථයෙන් හෝ වෙනත් විකිපීඩියාවක එය භාවිතා වන විදිහෙන් නොවෙයි. එය අපේ විකිපීඩියාවේ භාවිතා වන විදිහිටයි අපේ පරිශීලකයෝ ඒක තේරුම් ගන්නේ. අපේ පරිපාලකයෝ හා අර්ධ පරිපාලකයෝ තනතුර භාවිතා කරන අන්දමට මේක පොර තනතුරක් කියල හිතෙනවා නම් වරදක් නොවෙයි. -- ශ්වෙත (talk) 08:32, 16 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
මම මේක නැවත වෙනස් කලොත් එය අනීතික ද්විත්ව යළියොමුවක් නොවන්නේද? ඒ නිසයි මෙය ඔබට කරන්න කියා කිව්වේ. -- ශ්වෙත (talk) 08:37, 16 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
ලිපියක සංස්කරණයට මම කැමති නැත්නම් මම ඒක වෙනස් කරනවා. තවෙකෙක් වෙනස් කරනවා. මේ විදිහට සම්මුතියට එළඹෙනවා. මේකයි විකිපීඩියා මූලධර්මය. හරියට අභිසාරී ශ්‍රේණියක් වගේ. පරිශීලකයෝ වැඩිවන තරමට හොඳ ලිපි බිහිවීමේ ප්‍රවණතාවය වැඩියි. නමුක් යළියොමුවීම් එහෙම වෙනස් කරන්න පුළුවන්ද? පරිපාලක ඔබ තුමා මේක පැහැදිලි කිරීම හුදී ජන ප්‍රසාදය සඳහාම වෙයි. --ශ්වෙත (talk) 08:47, 16 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
ශ්වේතගේ අදහස හා එකඟයි.
These are the "ugly ducklings" of Wikipedia. With effort, they can grow into "swans" '
අංකුරය කිව්වම මේ වගේ හැඟීමක්(ugly ducklings) එන්නේ නෑ. වාමන ලිපි කිව්වොත් නම් අදහස එනවා.
|අනංගයා|සාකච්චාව| 13:05, 2 නොවැම්බර් 2011 (යූටීසී)Reply
Return to the project page "අංකුර ලිපි".