විකිපීඩියා:පුවතකින් බිඳක්/අගෝස්තු 2010
11 අගෝස්තු 2010 ට පෙර
සංස්කරණය- ශ්‍රී ලාංකික ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් (සේයාරුව), සිය ක්‍රීඩා දිවීයේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී, ටෙස්ට් කඩුලු 800 ක් ලබාගත් ප්‍රථම පන්දු යවන්නා ලෙසට ඉතිහාස ගතවිය.
11 අගෝස්තු 2010 ට පසු
සංස්කරණය- දැනට ඉදිවෙමින් පවතින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ ප්‍රථම අදියරට අදාල වැඩකටයුතු නිමවූ අතර එහි ප්‍රථම තටාකාංගනයට ජලය පිරවීම අගෝස්තු 15 වැනි දින සිදුකිරීමට නියමිත අතර විශාල ජනකායක් මෙම වරායේ ඉදිකිරීම් කටයුතු නැරඹීමට යන බව වාර්තා වී ඇත.
15 අගෝස්තු 2010 ට පසු
සංස්කරණය- දැනට ඉදිවෙමින් පවතින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ ප්‍රථම අදියරට අදාල වැඩකටයුතු නිමවූ අතර එහි ප්‍රථම තටාකාංගනයට ජලය පිරවීම හෙවත් කරදියවර මංගල්‍යය අගෝස්තු 15 වැනි දින ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු අතර විශාල ජනකායක් මෙම අවස්ථාවට සහභාගීවූහ.
27 අගෝස්තු 2010 ට පසු
සංස්කරණය- දැනට භාවිතා වෙමින් පවතින විකිපීඩියා ලාංඡනයේ විචල්‍යතාවක් සිදුකිරීමට ක්‍රියාකාරී අඩවි පරිපාලකවරුන් සහ ලේඛනගත පරිශීලකයන්ගේ අවධානය යොමුවී ඇති අතර මෑතකදී ම මෙම වෙනස සිදුකිරීමට නියමිත ය. (ඡායාරූපය: යෝජිත විකිපීඩියා ලාංඡනය)
31 අගෝස්තු 2010 ට පසු
සංස්කරණය- පෙර භාවිතා වෙමින් පැවැතුණු විකිපීඩියා ලාංඡනයේ විචල්‍යතාවක් සිදුකිරීමට ක්‍රියාකාරී අඩවි පරිපාලකවරුන් සහ ලේඛනගත පරිශීලකයන්ගේ අවධානය යොමුවී තිබූ අතර මෑතකදී එම වෙනස සිදුකෙරිණි. (ඡායාරූපය: නව විකිපීඩියා ලාංඡනය)