විකිපීඩියා:ගාස්තු අපේක්ෂිත සංස්කරණය (රචනය)
මෙම මාර්ගෝපදේශන රචනයෙහි අඩංගු වන්නේ විකිපීඩියා දායකයන් එක් අයෙකු හෝ කිහිප අයෙකුගේ පරිකථන හෝ උවදෙස්ය. උපදෙස් සඳහා උපකාරයක් ලෙසින් භාවිතා කල හැකි වුවත් එය විකිපීඩියා ප්‍රතිපත්තියක් හෝ මාර්ගෝපදේශනයක් හෝ නොවේ. ප්‍රජාව විසින් මෙම රචනය විලෝකනය කරන්නේ කෙසේද යන්න ග්‍රහණය කර ගැනුමට භව්‍ය මිනුමක් සඳහා ඉතිහාස හා සාකච්ඡා පිටු පරිශීලනය කෙරුම හා සබැඳි පිටු පරික්ෂා කිරීම භාවිතා කල හැක. | |
ගාස්තු අපේක්ෂිත සංස්කරණය යනු කිසියම් පුද්ගලයෙකු හෝ ස්ථිතියක් හෝ සඳහා ලිපියක් තැනීම හෝ සංස්කරණය හෝ වෙනුවෙන් සංස්කාරකයෙක් හට හුවමාරු වශයෙන් හිලව්වක් (සාමාන්‍යයෙන් මුදල්) පිරිනැමෙන සංකල්පයකි. මෙම රචනයෙහි අභිලාෂය වන්නේ ගාස්තු අපේක්ෂිත සංස්කරණය සහ විකිපීඩියාව අරභයා කුමක් කල යුතුද යන්න පිළිබඳ උපදෙස් සැපයීමය.
ප්‍රතිපත්තිය
සංස්කරණයවර්තමානයෙහිදී එය විකිපීඩියාව තුල තහනම් කොට නොමැත. මෙම භාවිතය තහනම් කිරීමට සිංහල විකි ප්‍රජාව [උපහරණ ඇවැසිය] මෙන්ම ඉංග්‍රීසි විකි ප්‍රජාවද කීප වරක් උත්සාහ කර ඇතත් සම්මුතියකට එලඹීමට නොහැකිවී ඇත. වෙනත් භාෂා විකිපීඩියාවල මේ පිළීබඳ ඇති තත්‍වය ගැන සිංහල විකි ප්‍රජාව තුල අවබෝධයක් නැත.[උපහරණ ඇවැසිය] කෙසේ වෙතත් සම්මුති ප්‍රකාර එකඟ වී ඇත්තේ ගෙවීම් ලබන සංස්කාරකවරුන් වෙතින් පැහැදිලි ලෙසින්ම පරස්පර විරෝධී අභිලාෂයන් නිරූපණය කෙරෙන බවත් එසේ ගෙවීම් ලබන සංස්කරණ සිදුකිරීමට පෙර සංස්කරණය සඳහා ඔවුන් ගෙවීම් ලබන්නේ කුමන ලිපි සඳහාද යන්නද ඔවුන් සේවය කරනුයේ කවුරුන් සඳහාද යන්නද WP:COIN හි ප්‍රකාශ කර සිටින ලෙස එවන් සංස්කාරකවරුන් තදබල ලෙසින් පොළඹවනු ලැබේ. එසේ කිරීමට අපොහොසත්වීම නිසා ප්‍රතිෂ්ඨාපිත සංස්කාරකවරුන් හා විකිපීඩියා ප්‍රජාව හා සමගින් පිළිගැටුම් ඇති විය හැක. තත්ත්වය කෙතරම් දැඩිද යන්න මත, ඔබ හා ඔබ නියෝජනය කරන්නන් යන දෙපාර්ශවයම අරභයා විකිපීඩියාව තුල සංස්කරණය සිදුකිරීමේ වරප්‍රසාදයන් සඳහා සම්බාධක පැනවීමට ඉඩ ඇත.
- Scientology සඳහා සිදුවූ දෙය බලන්න.
මෙය සිදු කරන්නේ ඇයි?
සංස්කරණයසමහරක් නීතිගත සංස්ථාවන් හා සමහරක් පුද්ගලයන් විසින් විකිපීඩියාව වෙනුවෙන් විශේෂ උනන්දුවක් දක්වන්නේ එහි අලෙවි කිරීමේ හැකියාව හා ජනප්‍රියභාවය නිසාවෙනි. විකුණුම් විධායක නිලධාරින්, මහජන සම්බන්ධතා නිලධාරින්, සහ අලෙවි නිලධාරින් විසින් විකිපීඩියාවට මහත් ඇල්මක් දක්වන්නේ ප්‍රධාන සෙවුම් යන්ත්‍ර තුල, සාමාන්‍ය වශයෙන් (සැමවිටම නොවේ නම්) සෙවුමක පළමු පිටුව තුල එය දිස්වන නිසාවෙන් එම කරුණ උපයෝජනය කිරීමට ඔවුන් රිසි වන බැවිනි. ඔවුන් සිතන්නේ ඔවුනට විකිපීඩියාව තුල ප්‍රචාරණය සිදු කල හැකි බවත් එය ෆේස්බුක් හෝ ට්විටර් ට වඩා එතරම් නොවෙනස් බවත්ය. එසේ වුවත්, මෙම උපකල්පනයන් වඩාත් ගැලපෙන්නේ විකිපීඩියාව කුමක් නොවන්නේද යන්නට බව සක්සුදක් සේ පැහැදිලි වුවද, විකිපීඩියා සඳහා නීති හා ප්‍රතිපත්තින් ඇති බව යන්න වුව ඔවුහූ බොහෝ විට තේරුම් නොගනිති. ඔවුන් එල්බගෙන සිටින්නේ විකිපීඩියාව යනු ඕනෑම අයෙකුට සංස්කරණය කළ හැකි විශ්වකෝෂයක් යන්න මත පමණයි.
බොහෝ විට සංස්කාරකවරුන් මුදල් ගෙවා භාවිතා කරනු ලබන්නේ සේවාලාභියා හෝ ස්ථිතිය හෝ විකිපීඩියාවේ සංස්කරණය කරනු ලබන්නේ කෙසේද යන්න නොදන්නා නිසා හෝ, ඔවුන්ගේ දෘෂ්ටිකෝණය පරිනිරික්ෂණයකින් තොරව විකිපීඩියාවේ බහාලීමට අත්දැකීම් බහුල සංස්කාරකවරුන් අවශ්‍ය නිසාවෙනි. කෙසේවුවද, අනෙක් අතට, මෙම අවස්ථාව නොමැතිනම් අතපසුවන්නාවූ පිටු සංස්කරණයට ජනතාව උනන්දුකරලීමට ගෙවූ සංස්කරණය ඉවහල් වන බවක් පවසනු ලැබේ.
ඔබ මෙය සිදු නොකල යුත්තේ ඇයි
සංස්කරණයගාස්තු අපේක්ෂිත සංස්කරණයන් දෙස ප්‍රජාව සාමාන්‍ය වශයෙන් බැම අකුළා අප්‍රසන්න භාවයෙන් බලති. ඔවුන් විසින් ගිවිසාගත් ගෙවීම් නොවරදවා ලැබීම සහතික කර ගනු වස්, ලිපිය මුල් තත්ත්වයට ප්‍රතිවර්තනය කරනු ලැබීම හෝ මකා දැමිය යුතු ලිපි වෙතින් මකා දමනු ලැබීම හෝ වලක්වා ලීමට හැකි සියළු දේ කරනු ලබන සංස්කාරකයෙක් දෙස සැකයෙන්, අවිශ්වාසයෙන් හා බියෙන් බලා සිටින ලීලාවක් මෙයින් ජනිත වෙයි.
කඩාකප්පල්කාරී ප්‍රයෝග
සංස්කරණයගාස්තු ලබන සංස්කාරකවරුන් විසින් තම අදහස් හා අභිලාෂයන් මස්තකප්‍රාප්ත කර ගැනීමට අපහසු අවස්ථාවන්හීදී උපයෝගී කරගන්නාවූ සමහරක් ප්‍රයෝග අතර පහත ඒවාද වෙයි: කඩාකප්පල්කිරීම, විරුද්ධ මතධාරී සංස්කාරකරුවන් වෙත පෞද්ගලික ප්‍රහාර එල්ලකිරීම (නිදසුන් වශයෙන් ඔවුන් බහු ගිණුමන් යැයි සාක්ෂී-රහිතව හැඳින්වීම), නොමග යවන සුළු හා රළු වචන භාවිතා කරමින් සංස්කාරකවරුන් නොමග යවමින් ප්‍රශ්නයෙන් මගහැරවීමට උත්සාහ කිරීම, සහ පද්ධතිය වංචා සහගත ලෙස භාවිතා කිරීම.
සැබෑ ජීවිතයෙහි ප්‍රතිවිපාක
සංස්කරණයසැබෑ ජීවිතය පාර්ශවයෙන් මෙම ගැටළුව විමසුවහොත්, සතයක මුදලක් හෝ ඔබ හට නොලැබී කූටෝපක්‍රමයන්ට හසුවීමට ඇති අවදානමකට ඔබ මෙහිදී ලක් වෙයි. ඔබ විශ්වාස කල නොහැකි ගණයට පත් වන බැවින් අනෙකුත් සංස්කාරකවරුන් ඔබ හට කඨෝර පරිසරයක් නිර්මාණය කරවීම නොවැලැක්විය හැකි වනු ඇත. සද්භාවය වලංගු වන්නේ ඔබ සත්‍යරූපි වන තුරු පමණක් බැවින් ඔබ විසින් ඇතුන් ලවා වත් නැවත ඇදිය නොහැකි මහත් වැරැද්දක් සිදු කලා වනවා ඇත. ඔබ සිහි තබා ගත යුතු වන්නේ විකිපීඩියාවේ ඉලක්කය වන්නේ මානව දැනුම කැටි කරගත් අපක්ෂපාතී නිදහස් විශ්වතෝෂයක් බවට පත්වීම බවයි. එය ඇත්තේ XYZ සමාගමෙහි නිදහස් වෙළෙඳ ප්‍රචාරණ ඉඩකඩ තුලින් 123 නිෂ්පාදිතය සඳහා ව්‍යාජ අතිශයෝක්තියක් මවා පෑමට නොවේ. එලෙසින්ම, විකි මෘදුකාංග වල ස්වභාවය අනුව, ඔබ මේ මොහොතේ විකිපීඩියාව තුල කියන කරන දෑ සදහටම ගබඩාවී පවතියි. ඒවා පල්හෑලි හෝ ප්‍රලාප හෝ නම්, යමෙකු ඔවුන්ගේ ජනප්‍රිය සෙවුම් යන්ත්‍රය තුලින් ඔබගේ නම හෝ ඔබ සේවාග්‍රාහකයාගේ සමාගම හෝ සෙවීමට යත්න දැරූ කලෙක දිස් වන ප්‍රතිඵල හමුවේ ඔබ හට සැඟවීමට තැන් සොයා ගත යුතු වන්නේය.
- WP:ADVERT බලන්න
ඔබ මෙය සිදුකරන්නේ නම්, මෙන්න උපදේශ බිඳක්
සංස්කරණය- ඔබ සැබවින්ම සේවය කරන්නේ කා හටද යන්න සොයා දැනගන්න. එම පුද්ගලයාගේ නම, ඔහු/ඇය සේවය කරන සමාගමෙහි නම (අදාල නම්), සහ ඔබ විසින් කුමන ලිපි සංස්කරණය/තැනීම ඔහු/ඇය හට අවශ්‍යව ඇත්තේද යන්න විමසා දැනගන්න. මෙම පුද්ගලයා විකිපීඩියාව තුල සිටීද යන්න විමසා සටහන් කරගන්න ( wp:OUT සහ wp:COI යන්න සඳහා අනුකූලතාවයට).
- ඔබගේ අභිප්‍රායයන් ප්‍රකාශයට පත් කරන්න. පරස්පර විරෝධී අභිලාෂයන් මාර්ගෝපදේශනයෙහි නිර්දේශයන් බලන්න.
- ඔබගේ පරිශීලකනාම පිටුවෙහි උපපිටුවක ඔබගේ ලිපි ගොනගන්න. මෙම කාල පරාසය තුලදී, සාකච්ඡා පිටු සහ COIN වෙතින් ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න/කාරණා පිළිබඳ ප්‍රතිචාර දැක්වීමට උත්සුක වන්න.
- ඔබගේ වැලිපිල්ල සම්පූර්ණ වූ පසුව, එහි විශේෂික සාකච්ඡා පිටුවෙහි එය සඳහා බැඳියක් බහාලන්න. එය නව ලිපියක් නම්, එය තැනීමට ක්‍රියා කරන්න. පරිකථනයන් සැපයීමට හා අවශ්‍ය නම් සංස්කරණය කිරීමට අනෙකුත් පරිශීලකයන්ට අවස්ථාව සලසන අතර, ලිපිය එහි පිටුවට ගෙන යෑමට සම්මුතියක් ඇති කරවා ගන්න.
සැලකිය යුතු දේ
සංස්කරණයවිනිවිද සුළු බව
සංස්කරණයවිකිපීඩියාවේ අපි විනිවිද සුළු බව, අවංකත්වය, සහ මධ්‍යස්ථ දෘෂ්ටි කෝණයකට මනාප වෙමු.
- මෙම කාර්යයට ඔබ සම්බන්ධ කර ගත් තැනැත්තා එළිදරව් වීමට නොරිසි නම් හෝ, ඉහත දැක්වූ සියළු කාර්ය පටිපාටි පිළිපැදීමෙන් වැළැකීමට උත්සාහ දරයි නම් හෝ, මාර්ගෝපදේශන හා ප්‍රතිපත්තීන්ට අනුකූල වන පරිදී එහි කිසිවක් සංස්කරණය කිරීමට ඉඩ නොදෙමින් එය විකිපීඩියාව තුල බහාලන ලෙස පවසමින් ඔවුන් විසින් තැනූ පිටුවක් ඔබ වෙත සපයයි නම් හෝ එම කාර්යය බාර නොගන්න. ඒ වෙනුවට, හොඳ සංස්කාරකයෙකු ලෙසින් WP:ANI හි සහ ප්‍රශ්නයට තුඩු දුන් ලිපියෙහි (ලිපි වල) අදාළ සාකච්ඡා පිටුවල, යමෙකු විසින් විනිවිද නොපෙනෙන සංස්කරණය සඳහා ඔබව කුලියට ගැනීමට යත්න දරන මෙම සිද්ධිය වාර්තා කරන්න. මෙය කිරීමෙන්, වංක පුද්ගලයන්ගේ/ස්ථිතීන්ගේ අදහස් මස්තකප්‍රාප්ත කරගැනීම වැලැක්වීම සිදු කරමින් අපක්ෂපාතී විශ්වකෝෂයක් සඳහා අනුග්‍රාහක වීමට උපකාර වීමට ඔබට හැකි වෙයි.
සේවාදායකයන් ගාස්තු අපේක්ෂිත සංස්කාරකවරුන් නොවෙති
සංස්කරණය- ගාස්තු අපේක්ෂිත සංස්කරණය කරන්නෙක් හා සේවාදායකයෙක් අතර වෙනස්කම් ඇත. ඔබ, ඔබගේ සේවායෝජකයා වෙනුවෙන් ඔබගේ සමාගමෙහි විශේෂිත පිටු සංස්කරණය කරන සේවාදායකයෙක් නම්, එම පිටු සංස්කරණය කිරීම පිළිබඳ ඔබව දැඩි ලෙසින් අධෛර්යමත් කරන්නේ, ඔබගේ සේවායෝජකයා පිළිබඳ පක්ෂග්‍රාහී වීම ඉතා පහසුවෙන් සිදු විය හැකි බැවිනි. කෙසේවෙතත්, ඔබ වෙනුවෙන් සංස්කරණ බහාලන මෙන් WP:EAR හී සහ ප්‍රශ්නයට තුඩු දුන් ලිපියෙහි (ලිපිවල) සාකච්ඡා පිටුවල සංස්කාරකවරුන්ගෙන් ඔබට ඉල්ලා සිටිය හැක.
මෙයද බලන්න
සංස්කරණය- ගාස්තු අපේක්ෂිත සංස්කරණය (මාර්ගෝපදේශනය), අසාර්ථක යෝජනාවක් (ඉංග්‍රීසි බසින්)
- ගාස්තු අපේක්ෂිත සංස්කරණය (ප්‍රතිපත්තිය), අසාර්ථක යෝජනාවක් (ඉංග්‍රීසි බසින්)
- පරිකථනයට ආයාචනා/ගාස්තු අපේක්ෂිත සංස්කරණය, 2009 පරිකථනයට ආයාචනයක් (ඉංග්‍රීසි බසින්)
- ගාස්තු අපේක්ෂිත අධිවාචනය, යෝජිත ප්‍රතිපත්තියක් (ඉංග්‍රීසි බසින්)