වියලි කාල වලදී වගා කටයුතු කරගැනීම සඳහා ජලය රැස්කර ක්‍රමවත්ව යොදාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති සංකීර්ණ ජල පද්ධති වැව නමින් හැඳින්වේ.

තිසා වැව

වැවේ ප්‍රභවය

කිසියම්‍ පහත් කදු වෑටියක කපොල්ලක් තූළින් ගංගා,ඈළ,දොළ,පිහිටා තිබු අතර ඵ කපොල්ල වසා වේල්ලක් බෑද ඵ කදුවෑටියෙහි නෙරෑදෙක ඵකට සම්බන්ධ කරමින් පෑරණි සිංහලයෝ වෑව් නිර්මාණය කළහ.

වාරි කර්මාන්තයේ විකාශනය

ක්‍රි.ව 6 වන සියවසේ ඡලාශ්‍රිත ප්‍රදේශවල ආර්ය ජනපද පිහිටා තිබු බව මහාවංශටීකාවේ දෑක්වේ. වාරීමාර්ග මුල් යුගයේ ගම් වැව් ලෙස නිර්මාණය විය. ක්‍රි.පු 6 වන සියවසේ විජය කුමරෑ සමඟ අනුරාධ ඈමතියා විසින් කුඩා ගම් වැවක් ඉදිකළ බව මහාවංශයේ දෑක්වේ. වාරිකර්මාන්තයේ වර්ධනය නදී පද්ධතීන් 03 ක් මුල්කොට ගෙන විකාශනය විය.

  1. මල්වතු ඔය සහ කලා ඔය නදී පද්ධතිය
  2. වළවේ සහ කිරිඳි ඔය නදී පද්ධතිය
  3. අඹන් ගග සහ මහවෑලි නදී පද්ධතිය

රජරට ශිෂ්ටාචාරයේ මල්වතුඔය හා කලා ඔය නදී පද්ධතිය මුල් කොටගෙන වර්ධනය වු වැව් හා ඈළ මාර්ග වන්නේ යෝධ වැව,මහගල්කඩවල වැව,නුවර වැව,මහකණදරා වැව,පත්තපාසාන වැව,මහවිලච්ච්ය වැව,කලා වැව වෑදගත්ය. කලා වැවේ සීට අනුරාධපුරයේ තිසා වැවට ජලය ගෙන ගියේ සෑතපුම් 54 දිගැති ජය ගග මගිනි. අඹන් ගග හා මහවැලි ගග මුල් කොට ගෙන වැව් අමුණු නිර්මාණය විය. 1වන අග්ග‍බෝධ් රඡු මහවෑලි ගග මුල් කොටගෙන මණිමේඛලා අමුණ හා මින්නේරි වැවේන් ගලා බසින විශාල ඇළක් නිර්මාණය කර ඇත. මහවෑලි ගගේ ශාඛාවක් වු කඵ ගග හරහා හත්තොට අමුණ බෑදීමෙන් ගිරිතලේ හා කන්තලේ වැව්වලට ජලය සපයා ඇත. පරාක්‍රම සමුද්‍රය ,එරබඳු වැව, දුබුටුළු වැව,තෝපා වැව,යන වැව් 3 ඵක් කොට මහා පරාක්‍රමබාහු රජ විසින් නිර්මාණය කර ඇත.

වැව් වර්ගීකරණය

  • ගම් වැව්
  • මහ වැව්
  • කුළු වැව්

වැවක අංග

  1. ඉහත්තාව
  2. තාවුල්ල සහ දෙණිකඩ
  3. පෝටා වැටිය


පොටා වැටිය යනු කදු වලින් එන අපද්‍රව්‍ය වළක්වා ගැනීමට යොදන බැමි ය

  1. වැව් පතුල සහ වැව් (ජල) තලය


වැව් පතුලේ කලිඟු බැමි යන නමින් හදුන්වන කළුගල් බැමි කීපයක් තිබේ මේවා යොදා ඇත්තේ පිටවාන කැඩී ගියහොත් එය රදවා ගැනීමටය. මේවා මතුපිටින් අපට නොපෙනේ.

  1. සොරොව්ව

වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්‍රමයකි. චූල වංශය අනුව බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී.

  1. වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක්
  2. ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන ‍‍බෝක්කුවක්
  3. ගැඹුරට කනින ලද විවෘත ඝෘඡුකෝණාඝ්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය"මොහොල,නම්වේ.

පරණවිතාන මහතා දක්වන්නේ සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිඳ දැමිම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යය බවයි

  1. ඇළ

වැවක ඵක් රැස් කරගත් ජලය කුඹුරැ වලට බෙදා හැරිම සඳහා සකස් කර ගත් ක්‍රමයකි. පැරණි වාරි ශිල්පින් ඇළමාර්ග පද්ධතියේ කාර්යය ප්‍රමාණය අනුව කොටස් 03 වර්ග කර ඇත.

  1. වැවේ ජලය කුඹුරු වලට බෙදා හැරිමේ ඇළ මාර්ගය.
  2. ගගක් හා ඔයක් හරහා අමුණක් බැඳඉන් ලබා ගන්නා ජලය වැවට ගෙන යාම සඳහා තනනු ලැබු ඇළ මාර්ගය
  3. බෙදාහරින ඇළමාර්ගයකින් ලියඳි වලට ජලය ලබා ගැනිමේ අතුරැ මාර්ගය

ලෝකයේ ව්ශිෂ්ඨ ජල තාක්ෂණයක් සැතපුමකට අගල් 1ක බෑවුමක,පළමු සැතපුම්18 තුළ ඇතිවනසේ අනුරාධපුර තිසා වෑව තෙක් සැතපුම්54 දිගට කනින ලද යෝධ ඇළ ධාතුසේන රඡු කල තිබු තාක්ෂණික දියුණුවයි.

  1. වෑ කන්ද (වැව් බැම්ම),රළපනාව

වැව් බැම්ම තුළින් ජලය සුරක්ෂිතව තබා ගැනිම සිදුවේ.(වැවක ජලය රඳවා ගැනීම) සියළු වැව් වල වැව් බැම්මේ ඇතුල් පැත්ත මෙන්ම පිට පැත්තද බෑවුම් වන ලෙස ඉදි කොට ඇති අතර ඵසේ නිර්මාණය කොට ඇත්තේ ජල ධාරිතාව නිසාවැව් බැම්මට වන හානිය වළක්වා ගැනීමටයි. ගොනුව:වැව්.jpg|400px|right|thumb|link=Special:FilePath/වැව්.jpg

රළපනාව භාවිතාවන්නේ වැව් බැම්ම දියපහරවල් වලින් සේදී යාම වලකාගැනීමටය. මෙය ගල් පතුරු වලින් සාදා තිබේ.

  1. පිට වාන/ඇතුලුවාන - ඇළ මාර්ගය ජලයෙන් පිරැණු අවස්ථාවලදි අතිරික්ත ජලය ගලායාම සඳහා ගලින් නිර්මාණය කොට අැති වාන් ක්‍රම දැක්වේ.

ඇළ මාර්ගයෙහි වේගයෙන් ජලය ගලා යන බෑවුම් සහිත ස්ථානයෙහි වේල්ල ආරක්ෂා කිරිම සඳහා ගල්වාන් යොදා ඇත. ඇතුලවාන යොදාගන්නේ වැවට වෙනත් ඇළකින් ජලය ගැනීමටය.

  1. බිසෝ කොටුව / සොරොව්ව

ශ්‍රී ලංකා වාරි තාක්ෂණයේ සැලකිය හැක්කේ මෙම බිසෝ කොටුවයි.සොරොව්ව මගින් පිට කරන ජලයේ පීඩනය අවම කිරීම මෙමගින් සිදු කරයි.සොරොව්වේ කාර්යභාර්යට ජල කරාමයක කාර්යභාරයට සමාන වේ.එමගින් ඉටු වන්නේ වැවෙහි ඇති ජලය අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට වාරි ඇළට නිදහස් කිරීමයි. සොරොව්ව විවෘත කළ විට සොරොව් නළය දිගේ එන ජලයේ අධික පීඩනය, කොටසක් බිසෝ කොටුව හරහා මුදා හැරේ. පීඩනය අඩු වූ ජලය ඉදිරියට ගලා එන අතර සොරොව්ව අවසානයේදී නළ දෙකකට බෙදී වර්ගඵලය දෙගුණ වී ඇති නිසා පීඩනය තවත් අඩු වෙයි. වැව් හා බැදුණු අති විශිෂ්ඨ තාක්ෂණයක් ලෙස මෙය හදුනාගත හැක.

සොරොව්වක කොටස් දෙකක් දක්නට ඇත.

  1. ගොඩ සොරොව්ව
  2. මඩ සොරොව්ව

සාමාන්‍ය තත්ත්ව යටතේ ගොඩ සො‍රොව්වෙන් ජලය නිකුත් කෙරෙන අතර ගොඩ සොරොව්වේ මට්ටමකට වඩා වැවේ ජලය අත්‍යාවශ්‍ය අවස්ථාවල වැවේ ජලය නිකුත් කිරීමට මඩ සොරොව්ව යොදා ගනියි.රොන් මඩ පිරී වැව අපවිත්‍ර වූ අවස්ථාවල වැව පිරිසිදු කිරීමට ද මඩ සොරොව්ව යොදා ගනියි. සළපනාව

වැව් බැම්මේ ආරක්ෂාව සදහා වැව් බැම්මේ ඇතුළු පැත්තේ පාදමේ කළුගල් පුවරු අතුරනු ලැබීම සිදුකරනු ලැබූවා. එමගින් වැව් බැම්ම ශක්තිමත් වූවා වගේම රළ පහරට වැව් බැම්ම සේදී යාමෙන්ද ආරක්ෂා වූවා. මේ ගල් පුවරු අතුරනු ලැබූ කොටස රළපනාව, රළ පැන්නුම, සළපනාව යන නම් වලින් හදුන්වනු ලබනවා.

පිටවාන

වැවක ජලය අධික වන විට එම අතිරික්ත ජලය පිටට ගලා යාමට ඉඩ සලසන ස්ථානය වූයේ පිටවානයි. බොහෝ අවස්ථාවලදී වැව් බැම්මේ කෙළවරක වැව් බැම්මේ මට්ටමට පහත් වන ලෙස ගල් පුවරු අල්වා කපොල්ලක් ලෙස මෙය සාදනු ලැබූවා. ජලය වැඩි කාලයේදී අතිරේක ජලය මින් බැස යාම හේතුවෙන් වැව් බැම්මට ඇතිවිය හැකි හානිය වැළකුණා.

සොරොව්ව

වැවකින් ජලය පිටකරන විවරය සොරොව්ව නමින් හැදින්වෙනවා. විශාල වැව්වල සොරොව් කිහිපයක් පිහිටි අවස්ථා දැකිය හැකියි. සාමාන්‍ය වැවක සොරොව් දෙකක් දැකිය හැකි වනවා. වැවේ ජල මට්ටම ඉහල තිබෙන අවස්ථාවක ජලය සැපයිය හැකි ආකාරයෙන් ඉහළ ජල මට්ටමේ පිහිටි සොරොව්ව ගොඩ සොරොව්ව නමින් හදුන්වනු ලබනවා. මේ ගොඩ සොරොව්ව මගින් ජල මට්ටමට සාපේක්ෂ මට්ටමේ පිහිටි උස්බිම් ප්‍රදේශ සදහා ජලය සැපයිය හැකි වූවා.

වැව් බැම්මේ වඩා පහළ මට්ටමකින් පිහිටවනු ලැබූ සොරොව්ව මඩ සොරොව්ව නමින් හදුන්වනු ලබනවා. ජල මට්ටම බෙහෙවින් අඩුවූ කල ජලය ලබා ගන්නේ මේ මඩ සොරොව්වෙනි. වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වැව හිස් කිරීමටද මඩ සොරොව්ව උපකාරී වේ. කුඩා වැව්වල දකින්නට ලැබෙන්නේ මඩ සොරොව්ව පමණි.

බිසෝකොටුව

පැරණි වැව් කර්මාන්තයේ විශිෂ්ඨ ශ්‍රී විභූතීය පෙන්නුම් කරන අංගයක් ලෙස බිසෝකොටුව හැදින්විය හැකිය. විශාල ගැඹුරු වැවකින් වැව් බැම්ම හරහා සොරොව්වක් මගින් ජලය පිටට ගලා යාමේදී ඇතිවන පීඩනය වැව් බැම්මට හානිකර විය හැකිය. වැව් ඉවුරත් ජල මට්ටමත් එක්වන තැන ගැඹුරු හතැරැස් ළිඳක හැඩයට තනා ඇති බිසෝකොටුව මගින් එකී පීඩනය පාලනය කරනු ලැබේ. බිසෝකොටුව යනු සොරොව්වෙහි ඉදිකල ප්‍රධාන කොටසකි.එම බිසෝකොටුව පතුලේ සිට වැව් කණ්ඩිය හරහා පිටට ජලය ගෙනයනු ලැබේ. අවශ්‍ය ප්‍රමාණයට හා අවශ්‍ය වේලාවට ජලය ලබා ගැනීම සදහා මෙම බිසෝකොටුවේ විශේෂ ජල පාලක උපකරණයක් යොදා තිබිණි. පැරණි සෙල්ලිපි ආදියෙහි මෙය මොහොල ලෙස හදුන්වා තිබේ.

මුල් යුගයේ තනන ලද බිසෝකොටු වලටත් පසු කාලයේ තනන ලද බිසෝකොටුවලත් දක්නට ඇති එකම වෙනස විශාලත්වයෙන් වැඩිවීම පමණි. තාක්ෂණික ලක්ෂණවල වෙනසක් සිදුවී නොමැත. එයින් පැහැදිලි වනුයේ බිසෝකොටුව මුල් අවස්ථාවේදීම තාක්ෂණික අංග අතින් පරිපූර්ණ නිර්මාණයක් වූ බවයි.

මුරගල

වැවක සොරොව්වේ හෝ ඒ අසල හෝ නාග රූපයක් සහිත මුරගලක් බොහෝවිට දක්නට ලැබේ. නාගයා ජලයට අධිගෘහිත යැයි පැරැන්නන් විසින් සලකන ලදී. ඒ නිසා වැව් පොකුණු ආදිය සෑදූ කළ ඒවාට ආරක්ෂාව සදහා නාග රූප ඉදිකරන ලද බව පෙනී යයි. එසේ නාග රූපයක් ඉදිකළ විට වැවේ ජලය අඩු නොවන බවට විශ්වාසයක් තිබුණි.

මේ මූලික නිර්මාණ එක්වීමෙන් සෑදුණු වැව අපේ පැරණි තාක්ෂණික නිපුණතාවය විදහා දක්වනු ලබයි. වැවක සියලූම අංග විදහා දක්වන වැවක් ලෙස මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් ඉදිකළ පරාක්‍රම සමුද්‍රය දැක්විය හැකියි.

වාරි මාර්ග නඩත්තුව හා පාලනය

  1. වැව් බැම්වල ගස් කැපීම
  2. ගවයන් දක්කා ගෙන යාම
  3. පැරණි බ්‍රහ්මීය ලිපි 2ක "අනගත""අවියක"යනු වාරි ඉංජිනේරැවෙකු හා ඇළවල් භාර නිලධාරියෙකි.-සෙනරත් පරණවිතාන.
  4. දොළොස්මහා වෑ තැන-වැව් පාලන සංවිධානය-(ඩබ්ලිව්.නිකලස්)
  5. IIවන සේන රජට අයත් ශිලා ලිපිය-"වෑවැඡෑරෑම්" (වාරි කර්මාන්ත සම්බන්ධ විධායක නිළධාරියෙකු)"වෙල් කැව්"නිළධාරියා-දිය පාලනය,නෙලීම්,සී සෑම

වාරිකර්මාන්ත සඳහා අය කළ බඳු

  1. දිය බද්ද
  2. දිය බදු
  3. ඇළමාර්ග

වැඩිදුර කියවීම්

මුලාශ්‍ර

  • මහාවංශය ,පුථම භාගය හා ද්වීතිය භාගය,සංස්කරණය හික්කඩුවේ ශ්‍රි සුමංගලාභිධාන නායක ස්ථවිර,ප්‍රකාශනය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව,1996
  • බස්නායක ඵච්.ටී,පුරාණ ශ්‍රි ලංකාවේ ජල ශිෂ්ටාචාරය ,1997,ඇම් ඩි ගුණසේන සහ සමාගම,217,‍කොළඹ11
  • සෙනෙව්රත්න අනුරාධ,පුරාණ සිංහල වාරි සංස්කෘතිය,2001,ප්‍රියසිරි ප්‍රින්ටික් සිස්ටම්,නුගේගොඩ
  • වාරි ශිෂ්ඨාචාරයක අභිමානය
  • ලංකා විශ්ව විද්‍යාලය, ලංකා ඉතිහාසය 1කාණ්ඩය 2 භාගය.

මේ අඩවිත් බ‍ලන්න

"https://si.wikipedia.org/w/index.php?title=වැව්&oldid=524595" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි