වාර්ගික භාෂා
ජනවර්ගයක්, ගෝත්‍රයක් තම මව් භාෂාව ලෙස භාවිතා කරන භාෂාවක් වාර්ගික භාෂාවක් ලෙස හැඳින් වේ. පිජින් භාෂා(පොදු බසක් නොමැත්තන් අතර ඔවුන් ගේ භාෂා එකිනෙක කවලම් වීමෙන් තැනෙන භාෂාව ), මළ භාෂා හෝ උපකාරක භාෂා වාර්ගික භාෂා ගණයට සාමාන්‍යයෙන් අයත් නොවේ.
පිජින් භාෂාවක් මව් භාෂාවක් වශයෙන් ව්‍යවහාර වීමට ගත් කළ(එනම් පිජින් බස කතා කරන්නන් ගේ දරුවෝ සිය මවු බස වශයෙන් එයම භාවිතා කළොත්) එය ක්රෙයෝලෙ බසක් ලෙස හැඳින්වෙන අතර අර්ථ දැක්වීම අනුව ක්රෙයෝලෙ භාෂාවක් වාර්ගික භාෂාවක් වෙයි. ක්රෙයෝලෙ භාෂාවන් භාවිත රටක් ලෙස හයිටිය දැක්විය හැකිය.
මළ භාෂාවක් වාර්ගික භාෂාවක් බවට පත් වීමට උදාහරණයක් ලෙස නව හීබෲ භාෂාව දැක්විය හැකි ය.
උප භාෂා ගණනාවක් මූලාශ්‍ර කර ගනිමින් ඇතැම් ජාතික භාෂාවක් නිපදවා ගෙන තිබේ. නව නෝර්වේජියානු භාෂාව උදාහරණයක් වශයෙන් දැක්විය හැකි ය. එහෙත් මෙවැනි බසකට වාර්ගික බසක් යයි කියනවාට වඩා ජාතික උපකාරක බසක් යයි කීම වඩා යෝග්‍ය වේ.