මානව සන්නිවේදනය සඳහා භාවිත කිරීමට නිර්මාණය කළ භාෂා සැලසුම් කළ භාෂා ලෙස හැඳින් වෙයි. එම නිසා පර්යේෂණයකට​, කලා කටයුත්තකට ​(ස්ටාර් ට්‍රෙක්හි ක්ලින්ගොන් බස වැනි), රහස් සන්නිවේදනයට ආදි කටයුතුවලට නිර්මාණය කළ භාෂා, සැලසුම් කළ භාෂා ගණයට අයත් නොවේ.

ලෝශ්බාන් භාෂාවේ ධජය​

මේවා අතරින් බහුතරයක් අන්තර්ජාතික උපකාරක භාෂාවක භූමිකාව නිරූපණය කිරීමට නිර්මාණය කර තිබේ. එහෙත් මේ අතර වෘත්තීයමය කටයුතු සඳහා සැලසුම් කළ සීස්පීක් (Sea-Speak) වැනි භාෂා ද​, කලාපීය උපකාරක භාෂා වශයෙන් සැලසුම් කළ ස්ලෝවියො වැනි භාෂා ද​, අන්තර්ජාතික උපකාරක භාෂාවක අරමුණින් නිර්මාණය නොකළත්, අන්තර්ජාතික මට්ටමින් සන්නිවේදනයට භාවිතා වෙන තෝකි පෝන වැනි භාෂා ද ඒ අතර වෙයි.

බොහෝ විට සාමන්‍ය ලේඛණ භාෂාවන් විවිධ මට්ටමින් වාක් මාලාව අතින් හෝ ව්‍යාකරණය අතින් හෝ සැලසුම් කළ හෝ සකසනු ලැබෙමින් පවතින ඒවා වෙයි. එහෙත් සැලසුම් කළ භාෂාවක් වශයෙන් විශේෂයෙන් යොදන්නේ සැලසුමෙන් ලැබෙන නව ඵලය මුළුමනින් ම නව භාෂාවක් නම් පමණි. වෙනත් භාෂාවන් ගෙන් අංගෝපාංග ලබා ගනිමින් නව භාෂාවක් සැකසූ විට​, එම මූලාශ්‍ර භාෂාවන්, සැකසීමට පෙර හෝ පසුව, නව භාෂාවේ උප භාෂා ලෙස සලකනු නොලැබේ. ඇතැම් සැලසුම් කළ භාෂා සඳහා ද සැලසුම් කළ යන විශේෂණය නොයොදයි. එනම් යම් භාෂාවකට උප භාෂා ගණනාවක් පවතින විට හා ඉන් එකක්වත් විශේෂ නොවන විටෙක දී, එම උප භාෂා එකතු කරමින් තැනූ ජාතික භාෂාවකට සැලසුම් කළ යන විශේෂණය නොයොදයි. ඉන්දුනීසියාවේ භාෂා ඉන්දුනීසියා උදාහරණ වෙයි.

සැලසුම් කළ භාෂා විශේෂ​ සංස්කරණය

 
තෝකි පෝන බසින් ශරීරයේ කොටස් හඳුන්වන නම්
  • අන්තර්ජාතික උපකාරක භාෂා
  • කලාපීය උපකාරක භාෂා

ග්‍රන්ථාවලිය​ සංස්කරණය

  • Bausani, Alessandro (1921- ) Geheim- und Universalsprachen, Entwicklung und Typologie Stuttgart: Kohlhammer, 1970
  • Bausani, Alessandro Le lingue inventate. Linguaggi artificiali, linguaggi segreti, linguaggi universali Roma: Ubaldini, 1974 (151 p.)
  • Blanke, Detlev Internationale Plansprachen, eine Einfuehrung Berlin: Akademie-Verlag, 1985 (408 p.)
  • Bodmer, Frederick The loom of language New York: Norton, 1985
  • Brugmann, Karl + Leskien, August Zur Kritik der kuenstlichen Weltsprachen Strassburg: Truebner, 1907
  • Burney, Pierre Les langues internationales Paris: Presses Universitaires de France, 1962, 1966 (128 p.)

තවද බලන්න​ සංස්කරණය

බාහිර වෙබ් අඩවි සංස්කරණය

  • Langmaker භාෂා නිර්මාණකරුවන්ගේ විකියක්

"https://si.wikipedia.org/w/index.php?title=උපකාරක_භාෂා&oldid=369597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි