වායු ගෝලයට ඇතුල්වීම

වායු ගෝලයට ඇතුල්වීම යනු බාහිර අභ්‍යවකාශයේ ඇති වස්තුවක් යම් ග්‍රහලෝකයක හෝ ස්වභාවික චන්ද්‍රිකාවකගේ වායුගෝලය තුලට ඇතුල් වීමයි. උල්කාපාත, අභ්‍යවකාශ සුන්බුන් වැනි පාලනයකින් තොරව චලිත වන වස්තූන් මෙන්ම, පාලනය කළ හැකි හෝ පෙරදී සැළසුම් කරන ලද පථයක ගමන් කරන අභ්‍යවකාශ යානා ද, වායුගෝලයට ඇතුල් වන වස්තූන් ට උදාහරණ වේ.

මාස් එක්ස්ප්ලොරේෂන් රෝවර් යානය අඟහරුගේ වායුගෝලයට ඇතුල් වීම (චිත්‍ර ශිල්පියෙකුගේ නිරූපණය)

වායුගෝලයකට ඇතුලු වන වස්තූන් මත වායුගෝලීය ප්‍රතිරෝධයක් ඇතිවේ. එමගින් වස්තුව මත යාන්ත්‍රික ආතතීන් ඇතිවන අතර වස්තුව ඉදිරිපිට ඇති වාතය සම්පීඩණයට ලක්වීම නිසා අධික තාපයක් ද නිපදවේ. මෙම බලයන් නිසා වස්තුව ක්‍රමයෙන් ගෙවීයෑමට ලක්විය හැකි අතර, ඇතැම් කුඩා වස්තූන් කැබලි වලට වෙන් වීමට හෝ පුපුරායාමට ද ඉඩ ඇත.

Venera – 3 ඒෂණිය 1966 මාර්තු 1 දින සිකුරු මත ගොඩ බස්වන ලදී. එය මිනිසා විසින් නිපද වු වෙනත් ග්‍රහලෝකයක වායු ගෝලයට ඇතුල් වී මතු පිට ගැටුණු ප්‍රථම වස්තුවයි. එසේ වුවත් එහි සන්නිවේදන පද්ධතිය ග්‍රහෙලා්කය පිළිබඳ කිසිදු තොරතුරක් ලබාදීමට පෙර ඇන හිටුණි. 1967 ඔක්තෝබර් 18 දින Venera – 4 වායුගෝලයට සාර්ථකව ඇතුල් වී විද්‍යාත්මක පරීක්ෂණ ගණනාවක යෙදවීමෙන් මිනිසුන් රහිත ඒෂණියක් දෙවන වරට සිකුරු තුළට ඇතුල් විය. Venera – 4 මතුපිට උෂ්ණත්වය Mariner – 2 මගින් ගණනය කළ 5000C ට වඩා උෂ්ණාධික බව පෙන්වා දුනි.එමෙන්ම වායු ගෝලයේ 90% - 95% දක්වා කාබන් ඩයොක්සයිට් පවතින බවද පෙන්වා දුනි. Venera – 4 සම්පාදකයන් අපෝහනය කළ ප්‍රමාණයට වඩා සිකුරු වායු ගෝලයේ ඝණත්වය අධික විය. එබැවින් පැරෂුට අවරෝහණය අපේක්ෂිත මට්ටමට වඩා හෙමින් සිදු වු අතර මතුපිටට ලඟා වීමට පෙර කෝෂ විසර්ජනය විය. අවරෝහණයේදී විනාඩි 93 ක දත්ත ලබාගැනීමෙන් පසු Venera – 4 අවසාන පීඩන කියවීම 24.96 km උසකදී බාර් 18 ක් විය.

1968 ඔක්තෝබර් 19 දින තවත් ඒෂණියක් සිකුරු තුළට ඇතුල් වුයේ Mariner – 5 වළාකුළු මුදුන් වලට 4000 km දුරකට පියාසර කිරීමත් සමගය. Mariner – 5 විශේෂයෙන් නිර්මාණය කළේ අඟහරු හා සම්බන්ධ Mariner – 4 හි අනුරුවක් ලෙසය. නමුත් මෙහෙයුම සාර්ථක වු විට ඒෂණිය සිකුරු මෙහෙයුම් සදහා යළ එකලස් කරන ලදී. එහිදි Mariner – 2 ට වඩා සන්වේදී උපකරණ කට්ටලයක් යොදා ගත් අතර රේඩියෝ අන්තර්දාන පරීක්ෂණ වලින් සිකුරු වායු ගෝලයේ පීඩනය ඝනත්වය හා සංඝටක පිළිබද දත්ත ලබාදෙන ලදී. Venera – 4 හා Mariner – 5 දත්ත එකමුතු වෙන් සෝවියට් ඇමෙරිකානු සුසංයෝගී කණ්ඩායමක් විශ්ලේෂණය කොට ඊළඟ අවුරුද්දේ දී අභ්යවකාශ සහයෝගීතාවයට නිදසුන් ලබාදුනි.

Venera – 4 න් ලබාගත් පාඩම් හා දත්ත වලින් සන්නද්දව සෝවියට් සමුහාණ්ඩුව Venera – 5 හා Venera – 6 යන නිවුන් යානා ද්විත්වය 1969 ජනවාරි මාසයේ පස් දින මෙහෙයුමකට යොදවන ලදී. ඒවා සිකුරු කරා ලඟා වුයේ එම වසරේ මැයි 16 හා මැයි 17 දිනයන් වලදීය. වායු ගෝල 25 ක පීඩනයක් දරා සීටිමට හැකි පරිදි ඒවායේ කබොල්ල සවිගන්වා තිබුණි. එමෙන්ම වේගවත් අවරෝහණයක් ලබා ගැනීමට කුඩා පැරෂුට සවිකොට තිබුණි. එතැන් සිට වර්ථමානය දක්වා සිකුරුගේ වායුගෝල ආකෘති වායු ගෝල 75 හා 100 අතර මතුපිට පීඩනයක් අපේක්ෂා කළ අතර මතුපිට දී ඉතිරිවීමට කිසිවිටකත් බලාපොරොත්තු නොවීය. මිනිත්තු 50 කට වඩා වායු ගෝල දත්ත ලබාගැනීමෙන් පසු කිලෝමීටර් 20 ක් පමණ උන්නතාංශයකදී සිකුරුගේ රාත්රි ප්රදේශයේ මතුපිටට ලඟා වීමට පෙර යානා ද්විත්වයම විනාශ විය.



http://en.wikipedia.org/wiki/Venus#Atmospheric_entry

"https://si.wikipedia.org/w/index.php?title=වායු_ගෝලයට_ඇතුල්වීම&oldid=553046" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි