වසන්ත සහ සරත් සමය

පුරාතන චීන ඉතිහාසයේ යුගය

වසන්ත සමයයනුවෙන් හැඳින්වෙන්නේ ආසන්න වශයෙන් ක්‍රි.පූ. 771 සිට 476 දක්වා වූ (හෝ ඇතැම් බලධාරීන්ට අනුව ක්‍රි.පූ. 403 දක්වා[lower-alpha 1])[2] වූ චීන ඉතිහාසයේ යුගයයි. මෙය දළ වශයෙන් නැගෙනහිර චෞ යුගයේ ප්‍රථම අර්ධයට අනුරූප වේ. මෙම යුගයෙහි නාමය පැනනැගී ඇත්තේ ක්‍රි.පූ. 722 සහ 479 අතර කාලයේ ලූ රාජ්‍යයට අයත් වසන්ත සහ සරත් වාර්ෂික වාර්තා, නම් වංශකථා ග්‍රන්ථය ආශ්‍රයෙනි. මෙය කොන්ෆියුසියස් (ක්‍රි.පූ. 551–479) හා සම්බන්ධ ය.

පසුකාලීන වසන්ත සහ සරත් සමය, ක්‍රි.පූ. 5වන සියවස, ජින් බිඳීයාමට පෙර සහ චින් රාජ්‍යය සිචුවාන් වෙත ගෙනයාමට ප්‍රථම. සිතියමෙහි ඇති වෙයි යනු ජින් බිඳීයාමෙන් බිහිවූ වෙයි රාජ්‍යය නොවේ.
වසන්ත සහ සරත් සමය
Traditional Chinese春秋時代
Simplified Chinese春秋时代
Hanyu PinyinChūn-Qiū Shídài

මෙම යුගයේ දී, විවිධ වැඩවසම් රාජ්‍ය කෙරෙහි පැවති චෞ අධිකාරිය ක්‍රමයෙන් හීන වූ අතර, එම රාජ්‍ය ස්වාධීන පාලන තන්ත්‍රයක් ගෙනයමින්, එකිනෙකා සමඟ සටන් වැදුණහ. මේ අතර වඩාත්ම බලවත් රාජ්‍යයක් වූ ජින් රාජ්‍යයේ බෙදී යාම, වසන්ත සහ සරත් සමයේ අවසානය සනිටුහන් කළේ ය. මෙලෙසින් සතුරු රාජ්‍ය සමය ආරම්භ විය.

සටහන් සංස්කරණය

  1. The Partition of Jin, the watershed between the Spring and Autumn and Warring States periods took several decades, thus there is some debate between scholars as to the exact date. 481 BCE, 475 BCE, and 468 BCE are other common dates selected by historians.[1]

ආශ්‍රේයයන් සංස්කරණය

උද්ධෘත සංස්කරණය

  1. Kiser & Cai 2003.
  2. Hsu 1990, පිටු අංකය: 547.

වැඩිදුර කියවීමට සංස්කරණය

  • Ebrey, Patricia Buckley (1999). The Cambridge Illustrated History of China. Cambridge: Cambridge University Press. ISBN 0-521-66991-X (paperback).

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වසන්ත_සහ_සරත්_සමය&oldid=506118" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි