වලාකුළු පරිගණකකරණය යනු පරිශීලකයාගේ සෘජු ක්‍රියාකාරී කළමනාකරණයකින් තොරව පරිගණක පද්ධති සම්පත්, විශේෂයෙන් දත්ත ගබඩා කිරීම සහ පරිගණක බලය ලබා ගැනීමයි. මෙම යෙදුම සාමාන්‍යයෙන් භාවිතා කරනුයේ අන්තර්ජාලය හරහා බොහෝ පරිශීලකයින්ට ලබා ගත හැකි දත්ත මධ්‍යස්ථාන විස්තර කිරීමට ය.

වලාකුළු පරිගණනය

වලාකුළු පරිගණන සම්භවය සංස්කරණය

මෙය මුල් වරට ආරම්භ වූයේ 2009 වර්ෂයේ දී ය.නිදහස් සහ විවෘත මෘදුකාංගවලින් මේ සේවාව විශාල දායකත්වයලබා දෙයි. ‘‘Cloud” යන වචනය මෙහිදී යොදා ගැනෙන්නේ දුරකථන ක්‍රමයක් හෙවත් දුරකථනයක් (Telephone)යන අර්ථයෙනි. 1990 දශකය පමණ වන විට සිදු වූයේ රැහැන් සම්බන්ධතාවන් මගිනි. පසු කාලීනව විවිධ දුරකථන සමාගම් රැහැන් රහිත පරිගණක ජාල ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එය, Virtual Private Network(VPN) ලෙස හඳුන්වයි. එය භාවිතයෙන් පරිගණක ජාලය තුළ තදබදය(Traffic) අවම වූ අතර තොරතුරු හුවමාරුව පහසු විය. Cloud Computing සංකල්පය මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ 1960 වර්ෂයේ John McCarthy විසිනි. නමුත් මෙම වචනය ජනප්‍රිය වූයේ 1990 වර්ෂයේ ය. ඒ ATM කරලියට පැමිණීමත් සමග ය. ඉන් අනතුරුව 2007 වර්ෂයේදී ගූගල් සහ IBM සමාගම් විසින් විශාල පරිමාණයේ Cloud Computing ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

වලාකුළු පරිගණන සේවා ආකෘති සංස්කරණය

  සේවාවක් වශයෙන් මෘදුකාංග(Software as a Service-SaaS)
     SaaS අවශ්‍යතාවයට අනුකූල ස්වයං සේවාව, එසේත් නැතිනම් පරිශීලකයා සමග සෘජුවම සම්බන්ධ වන මෘදුකාංග, ‍මෙහෙයුම් පද්ධති(Operating system), පරිගණක ජාල ආදිය සහිත අතුරු මුහුණත ලෙස හඳුන්වයි.
     ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාල සම්බන්ධතාව සහිත පරිගණකයක් හරහා, අමතර මෘදුකාංග හෝ දෘඩාංග රහිතව Cloud Computing හි මෘදුකාංග පරිශීලනය කරන්න මෙම ආකෘතියෙන් පුළුවන්. උදා- 
     Gmail,Facebook….
  සේවාවක් වශයෙන් වේදිකාව (Platform as a Service-PaaS)
     මෙම සේවා ආකෘතිය මගින් මෙහෙයුම් පද්ධති (Operating system), පරිගණක වැඩසටහන් භාෂා (Programing language)හා ආශ්‍රිත තත්ව, පරිගණක ජාල සපයන නමුත් මෘදුකාංග නම් සපයන්නේ නැහැ. නමුත් අවශ්‍ය 
     මෘදුකාංග අපිට නිර්මාණය කරන්න වටපිටාව එමගින් සලසා දෙනවා. එනම් යෙදවුම් වැඩසටහන් අතුරු මුහුණතක් සපයනවා.
     අඩු වියදමකින් වැඩි කාර්යයක් කරගන්න පුළුවන් නිසා, පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන්ට මෙම ආකෘතිය වඩාත් ගැලපෙනවා. උදා- Google engine,force.com
  සේවාවක් වශයෙන් යටිතල ව්‍යුහය (Infrastructure as a service-IaaS)
     මෙම සේවා ආකෘතිය මගින් සපයනු ලබන්නේ පරිගණක දෘඩාංග(Hardware) සහිත ජාලකරණ පහසුකම පමණයි.
     එහිදී අපට අවශ්‍ය වැඩසටහන් , මෘදුකාංග ක්‍රියාත්මක කරීම සඳහා අන්තර්ජාලය හරහා පරිගණක දෘඩාංග පරිහරණය කරන්න අපිට පුළුවන්. උදා- amazon web services , at &t

වලාකුළු පරිගණන ආකාර සංස්කරණය

- පොදු -Public cloud(Amazon, Google,Microsoft,Sales force)
- පුද්ගලික-Private cloud(HP data center,IBM,Sun,Oracle,3tera)
- දෙමුහුම්-Hybrid cloud

වලාකුළු පරිගණන වල ලක්ෂණ සංස්කරණය

o අවශ්‍යතාවයට අනුකූල ස්වයං සේවාව

o ඕනෑම තැනක සිට ජාලය පරිශීලනය

o සම්පත් ගොනුව

o සීඝ්‍රෙයන් වර්ධනය වන නම්‍යත්වය

o පරිහරණය අනුව ගෙවීම් කළ හැකි වීම.

o ස්ථාන යෙදවුම් වලින් ස්වාධීන වීම.

o අතාත්වික බව

o විශ්වාසනීයත්වය

o නඩත්තුව

o ක්‍රියාකාරී බව හා කාර්යක්ෂම බව

ආශ්‍රිත​ සංස්කරණය

 පරිගණක ලෝකයේ තවත් සංධිස්ථානයක්-‘‘Cloud Computing” සංරක්ෂණය කළ පිටපත 2020-04-20 at the Wayback Machine
"https://si.wikipedia.org/w/index.php?title=වලාකුළු_පරිගණනය&oldid=623708" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි