ලෝක කාලගුණ විද්‍යා සංවිධානය

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) යනු සාමාජික රටවල් 191 කින් සමන්විත අන්තර්ආණ්ඩුමය සංවිධානයකි. එය 1873 වසරේ ආරම්භ කරන ලද ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානයෙන් (IMO) බිහිවිය.

World Meteorological Organization
WMO ධජය
පිහිටුවන ලද්දේ1950
වර්ගයUN ඒජන්සිය
නෛතික තත්ත්වයසක්‍රීය
මූලස්ථානයජිනීවා, ස්විට්සර්ලන්තය
වෙබ් අඩවියwmo.int

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය 1950 වර්ෂයේ පිහිටුවීමෙන් අනතුරුව, එය එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා (කාලගුණය හා දේශගුණය), ක්‍රියාකාරීත්ව ජල විද්‍යා සහ භූ භෞතික විද්‍යා සම්බන්ධ විශේෂඥ ඒජන්සියක් බවට පත්විය.

සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය ස්විට්සර්ලන්තයේ ජිනීවා හී පිහිටුවා තිබේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන කණ්ඩයේ සාමාජිකයෙකුද වෙයි.[3]

ආශ්‍රිත සංස්කරණය

  1. https://public.wmo.int/en/about-us/secretariat
  2. https://public.wmo.int/en/about-us/governance
  3. "UNDG මෙම්බර්ස්". යුනයිටඩ් නේෂන්ස් ඩිවලොප්මන්ට් ග්රූප්. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2013.

බාහිර සබැඳි සංස්කරණය