ලියෝ ජෙරමියා ඕඩොනවන් III එස්ජේ (උපත 1934) යනු, 1989 සිට 2001 දක්වා ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙහි සභාපති වශයෙන් සේවය කල ජේසුනිකායික, ඇමරිකානු කතෝලික පූජකතුමෙකු, සහ දේවධර්මාචාර්යවරයෙකි. නිව්යෝර්ක් නගරයෙහි උපත ලද ඔහු, ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද අතර, ප්‍රංශයෙහි අධ්‍යාපනය ලබද්දී, ජේසු නිකායට එක්වීමට තීරණය කලේය. ෆෝර්ඩම් විශ්වවිද්‍යාලයෙන් සහ වුඩ්ස්ටොක් ශාස්ත්‍රාලයෙන් ඉහළ උපාධි ලද ඔහු, මින්ස්ටා විශ්වවිද්‍යාලයෙහිදී කාල් ආනෝ යටතේ අධ්‍යාපනය ලබමින් ඔහුගේ දේවධර්ම දර්ශනාචාර්ය උපාධිය ලැබීය. යළි එක්සත් ජනපදයට පැමිණි ඔහු, ඇමරිකාවෙහි කතෝලික දේවධර්මශාස්ත්‍රීය සමාජයෙහි සභාපති සහ මේරිලන්ඩ් ජේසුනිකායික දිසාවෙහි ජ්‍යෙෂ්ඨ පරිපාලකයෙකු බවට පත්වීමට පෙර, වුඩ්ස්ටොක් ශාස්ත්‍රාලයෙහි සහ දේවධර්මශාස්ත්‍රය පිළිබඳ වෙස්ටන් ජේසුනිකායික විද්‍යාලයෙහි මහාචාර්යයවරයෙකු ලෙසින් පත්විය.

ලියෝ ජේ. ඕඩොනවන්
Leo J. O'Donovan at a podium in the Dutch Embassy, Washington, D.C.
44වන ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙහි සභාපතිවරයා
තනතුර දරමින්
1989–2001
පූර්වප්‍රාප්තිකයාතිමති එස්. හීලි
අනුප්‍රාප්තිකයාජෝන් ජේ. ඩිජොයියා
පුද්ගලික තොරතුරු
උපත1934 (වයස 89–90)
නිව්යෝර්ක් නගරය, එක්සත් ජනපදය
උගත් ශාස්ත්‍රාලය
Orders
Ordination1966
"https://si.wikipedia.org/w/index.php?title=ලියෝ_ජේ._ඕඩොනවන්&oldid=474010" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි