තරුණ කාන්තාවකගේ ආලේඛ්‍ය චිත්‍රය ( ලා ෆෝනරිනා ලෙසද හැඳින්වේ) යනු 1518 සහ 1519 අතර කාල පුනරුද සමයෙහි රෆායල් නම් ශ්‍රේෂ්ට ඉතාලි චිත්‍ර ශිල්පියා කළ සිතුවමකි. . එය රෝමයේ Palazzo Barberini හි Galleria Nazionale d'Arte Antica හි පිහිටා ඇත.

තරුණ කාන්තාවකගේ ආලේඛ්‍ය චිත්‍රය
Italian: La fornarina
ශිල්පියාරෆායල්
වර්ෂය1518–1519
මාධ්‍යයOil on wood
මාන85 cm × 60 cm (33 in × 24 in)
පිහිටීමGalleria Nazionale d'Arte Antica, Rome

මෙම සිතුවමෙහි දැක්වෙන සුරූපී කාන්තාව මාගරීටා ලූති ලෙස සැලකෙන අතර ඇය අග්‍රගන්‍ය චිත්‍ර ශිල්පී රෆායල්ගේ සොරඹුව​ ලෙස සැලකේ.

විචාරය සංස්කරණය

ඇත්තෙන් ම සිතුවමෙහි දැක්වෙන කාන්තාවගේ රුව පිරිමින් වශීකිරීමට සමත් ය​. ලූති එකල විසූ සුන්දරම ගැහැනියක බවට සැක නැත​. පුනරුද සමයෙහි ඇති වූ දියුණුවත් සමග ස්වාභාවෝක්තියට මුල් තැනක් හිමි විය​. එබැවින් ලූතිගේ සිතුවම ඇත්තේ අඩ නිරුවතිනි. ඈ තම එක් අතකින් තම වම් පයෝධරය අල්වා ගෙන සිටී. ඇත්තෙන් ම ඇගේ නිරුවත් පයෝධර විත්‍රයෙහි ආකර්ශනය වැඩි කර ඇත​. ඇගේ මුහුනෙහි සිනහව ස්වභාවික ය​. ඇගේ කෙළවරට ගත් දෑස පිරිමින් ආකර්ශනය කරගනී. ඇතැම් විචාර අනුව හෙළිවනුයේ ඇගේ බැල්ම තමා ඉදිරියෙහි වන්නාට තමා සමීපයට ම එන ලෙස කරන ආරාධනාවක් බව යි. මෙලෙස ඇගේ බැල්ම තමා හා ලිංගිකව හැසිරීමට කරන ආරාධනාවක් බැවින් ඇතැම් විචාරකයන් ඇය වෛශ්‍යාවක ලෙස පෙන්වා දී ඇත​.


කෙසේවෙතත් එතෙක් මෙතෙක් විසූ ශ්‍රේෂ්ටත ම සිත්තරෙකුවන රෆායල්ගේ විශිෂ්ටත ම ආලේඛ්‍ය චිත්‍රය මෙය බවට අවිවාදයෙන් පිළිගැනේ.

"https://si.wikipedia.org/w/index.php?title=ලා_ෆෝනරිනා&oldid=579549" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි