රෆායල්

පුනරුද සමයේ චිත්‍ර ශිල්පියෙකු හා මූර්ති ශිල්පියෙකි.

රෆායල්


රෆායෙල්ලෝ සන්සියෝ
රෆායෙල්ගේ ආලේඛ්‍ය චිත්‍රයක්, බොහෝවිට ද ස්කූල් ඔෆ් ඇතන්ස් හි "මේ සිටින්නේ මොහු වෙතැයි බොහෝ දෙන එකඟ වූ මතයකට අනුව පසුකාලීන අනුවර්තනයක් විය හැක", එලෙසමැයි කියන්නේ වසාරි විසිනි[1]
උපතේදී නමරෆායෙල්ලෝ සන්සියෝ
උපතඅප්‍රේල් 6, 1483(1483-04-06)
උර්බිනෝ, ඉතාලිය
ජාතිකත්වයඉතාලියානු
ක්ෂේත්‍රයසිත්තම් කිරීම, වාස්තුවිද්‍යාව
පුහුණුවපෙරුගිනෝ
ව්‍යාපාරයපුනරුදය
කෘතීන්ද ස්කූල් ඔෆ් ඇතන්ස්


රැෆෙලෝ සෙන්සියෝ (සාමාන්‍යයෙන් ඔහුගේ මුල් නමෙන් පමණක් දන්නා) (1483 අප්‍රේල් 6 හෝ මාර්තු 28 – 1520 අප්‍රේල් 6) යනු උස් පුනරුදයේ ඉතාලියානු සිත්තෙරුකු ගෘහ නිර්මාණශිල්පියකු වන අතර ඔහුගේ සිතුවම් හා ඇඳීම්වල පරිපූර්ණත්වය හා විශිෂ්ටත්වය නිසා අදටත් ඔහුව සමරනු ලැබේ. මයිකල් ඇන්ජෙලෝ හා ලියනාඩෝ ඩාවින්චි හා එකතුව ඔහු එම සියවසේ සුපිරි නිර්මාණකරුවන්ගේ සාම්ප්‍රදායික ත්‍රිත්වය නිර්මාණය කරන ලදී.

රෆායෙල් වයස අවුරුදු 37 දී තම ජීවිතෙන් සමුගත්තත් ඔහු අතිශයින් ඵලදායී පුද්ගලයෙකු නිසා ඔහුගේ කාර්යයන්වලින් වැඩි ප්‍රමාණයක් අදටත් ඉතිරිව තිබේ. (විශේෂයෙන් වතිකානුවේ) ඔහු ඔහුගේ ජීවිත කාලය පුරාවට අතිශයින් බලසම්පන්න වූ නමුත් ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ මයිකල් ඇන්ජෙලෝගේ බලපෑම 18 හා 19 සියවස තෙක් පුළුල්ව බිහිවිණි. එම කාලයේදී ඔහුගේ වඩාත් ශාන්ත සුමිහිරි ගුණයන් නැවතත් උසස්ම ආකෘති ලෙස සලකණු ලැබිණි.

ඔහුගේ වෘත්තීය ජීවිතය අදියර 3කට හා ශෛලීන් 3කට බෙදේ. ප්‍රථමව ජෝර්ජියෝ වසාරි විසින් විස්තර කරන පරිදි ඒවා නම් අම්බ්‍රියාහි ඔහුගේ මුල් අවුරුදු හා ෆ්ලොරන්හි කලාත්මක සම්ප්‍රදායන් උපුටා ගත් අවුරුදු 4ක කාලාන්තරය හා රෝමයේ පාප්වරු දෙදෙනෙකුට හා ඔවුන්ගේ හිතවතුන්ට සේවය කරමින් ගත කළ විජයග්‍රාහී වසර 12 වේ. තව දුරටත් වැඩි විස්තර ලබාගන්න. පහත ලින්ක් එකෙන් ඉංග්‍රීසි ලිපිය කියවන්න. https://en.wikipedia.org/wiki/Raphael?wprov=sfla1

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Raphael

සටහන් සංස්කරණය

  1. ජෝන්ස් සහ පෙනි, පිටුව. 171
"https://si.wikipedia.org/w/index.php?title=රෆායල්&oldid=494639" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි