මුතුමුණි රවීන් ලක්ෂිත ද සිල්වා (උපත 1990 අප්‍රේල් 30) ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු සීදූව රද්දොළුව ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන දකුණත් පිතිකරුවෙක් සහ දකුණත් මධ්‍යම වේග පන්දු යවන්නෙක්. ඔහු උපන්නේ හලාවතය. ලක්ෂිත ද සිල්වා ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේය.

2009 තරග වාරයේදී වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ ද සිල්වා, 2009-10 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව තම පළමු ලැයිස්තු A තරගය ක්‍රීඩා කළේය. ඔහු පන්දුවට පහර දුන් පළමු ඉනිමේදී ලකුණු 26ක් රැස් කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=ලක්ෂිත_ද_සිල්වා&oldid=548332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි