ඔවුන්ගේ ජනරජය සහ පසුව අධිරාජ්‍යය පුරාවටම නගර සහ සුළුනගර වෙත පිටස්තර මූලාශ්‍ර වෙතින් ජලය රැගෙන ඒමට රෝමානුවෝ දිය මං තැනූහ. රෝම නගරය වෙත දිය මං විශාල සංඛ්‍යාවක් සංකේන්ද්‍රණය වී තිබූ අතර, වසර 500 ක පමණ කාලයක් තුල නිමැවුනු දිය මං එකලොසක් මගින් එය වෙත ජලය සැපයුනි. පානීය ජලය මෙන්ම නගරයෙහි බාහුල්‍යව පැවති නාන ස්ථානයන් සහ දිය බුබුළු වෙතද සැපයුම ඒවා මගින් සිදුකෙරුනු අතර, අවසානයෙහිදී පල්දෝරු වෙත මුදාහරිනු ලැබූ වරක් භාවිතා කෙරුනු මලින ජලය විසින් එහි අවසන් කෘත්‍යය වන අපද්‍රව්‍යයන් ඉවත් කිරීම සිදු කරනු ලදි.

රෝමානු ගෝල් දේශයෙහි (වර්තමානයෙහි දකුණු ප්‍රංශය) පොන්ඩු ගෙයා නිර්මානයෙහි බහුවිධ ආරුක්කු දිස්වූ අයුරු. රෝමානු කාලයෙහිදී නිම් වෙත ජලය රැගෙන ගිය දිය මගක් ඉහළ තට්ටුවෙහි අඩංගු විය; 1740ගණන් වලදී එහි පහළ තට්ටුව පුළුල් කෙරුණේ ගංගාව හරහා පළල් මාර්ගයක් තැනීමටය.
මෝරියා (ලෙස්බොස්) හී රෝමානු ප්‍රාදේශීය දිය මගෙහි අහස් රූගත කිරීමක්

රෝමානු දිය මං අතරින් පළමුවැන්න වූයේ, රෝමානු ජනරජය සමයයෙහිදී ක්‍රිපූ 312දී ඉදිකෙරුණු අක්වා අප්පියා යන්නයි. විට්‍රෑවියස් විසින් ක්‍රිපූ පළමුවන සියවසේහි ලියැවුනු ඔහුගේ ඩි ආකිටෙක්ටුරා නමැති කෘතියෙහි ඉදිකිරීම් ක්‍රමවේදයන් ‍විස්තර කර තිබුණි. රෝමයෙහි බාහුල්‍යවූ දිය මං පරිපාලනය කෙරුමට ක්‍රිව පළමුවන සියවසෙහි අග භාගයෙහිදී පත්කෙරුණු ජනරාල් වරයෙකු වූ ෆ්‍රොන්ටිනස් හට මොහුගේ මෙම කෘතිය මහත් අනුග්‍රහයක් වන්නට ඇත.

ආශ්‍රිත ලිපි

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය

භාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=රෝමානු_දිය_මග&oldid=604369" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි