වර්ෂ 1924 දී දකුණු අප්ප්‍රිකාවේ කාවේ වයඹ පළාතේ ‘ටාඋන්ග්’ හි ඔස්ට්‍රෝලොපිතිකස් මානවයාට ළගින් ඥාති වු 'ඔස්ට්‍රලෝපිතකස් ඇෆ්‍රිකානිස්' ගේ ෆොසිලයක් සොයාගැනිම නිසා ප්‍රසිද්ධියට පත් ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යච්චේද විද්‍යාඥයෙක් සහ මානව විද්‍යාඥයෙක් විය. ගොවියකු සහ වෙළෙන්දකු වුවකුගේ පුත්‍රයකු වු ඔහු දෙවරක් විවාහ වු අතර ඔහුට දරුවන් දෙදෙනෙකු විය.

රේමන්ඞ් ඩාට්
උපත වර්ෂ 1893 පෙබරවාරි 04 ටුවොන්ග්, ක්වින්ස්ලන්තය
විපත වර්ෂ 1988 නොවැම්බර් 22
ජාතිකත්වය ඔස්ට්‍රලියාව
ක්ෂේත්‍රයන් මානව විද්‍යාඥ
ප්‍රසිද්ධියට පත්වුයේ ඔස්ට්‍රලෝපිතකස් සම්බන්ධයෙනි.


මුල් ජිවිත කාලය සංස්කරණය

ඔහු ඕස්ට්‍රේලියාවේ වින්ස්ලන්තයේ ටුවොන්ග්හි උපත ලැබිය, වර්ෂ 1992 දකුනු අප්ප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි ඩිට්වෝටර් ස‍්‍රැන්ඞ් විශ්ව විද්‍යාලයේ අභිනවයෙන් පිහිට වු ව්‍යච්චේද විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර භාරගැනිමට පෙර ඉප්ස්විච් භාෂා පාසැල. ක්වින්ස්ලන්ත විශ්ව විද්‍යාලය, සිඞ්නි විශ්ව විද්‍යාලය හා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යපනය ලැබිය.

සොයා ගැනිම වර්ෂ 1924 දී ටාඋන්ග්හි හුණුගල් පතල් හිමියෙක් පාෂාණිභූතව තිබු ගල් කැබලි සහිත පෙට්ටියක් ඩාට් වෙත නැව් මගින් යැවිය. එය පරික්ෂා කරමින් සිටිය දි එහි තිබි අන්තර් කපාල අච්චුවක් සහ ඊට ගැලපෙන තිඹස් ගත වු හිස් කබල් කොටසක් ඔහුට හමුවිය. මෙම 'ටාඋන්ග් ළදරුවාගේ ෆොසිලය’ (පසුව එය හැදින්වු පරිදි) විභාග කිරිමෙන් පසු එය ‘ඔස්ට්‍රලෝපිතකස් ඇමරිකානුස්’ නම් නව ප්‍රබේදයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ඔහුගේ නව සොයාගැනිම එහි කුඩා ප්‍රමාණයේ මොළය. මිනිසුන්ගේ මෙන් දත්වල පිහිටිම සහ ඍජුව සිටිමට තිබු ඉඩකඩ යනාදිය සලකා වානරයන් සහ මානවයන් අතර එතෙක් අඩුව තිබු පුරුක බවට උපකල්පනය කළේය.

ඩාට්ගේ සොයාගැනිම් සහ ඩාට්ව ද ආරම්භයේදි සමකාලින කිර්තිමත් මානව විද්‍යාඥයින් විසින් දැඩිව විවේචනය කරනු ලැබිය. ඒ අතරින් ඉතාම විශේෂ වුයේ ටාඋන්ග් දරුවා බාල ගොරිල්ලකුට වඩා වැඩි යමක් නොවන බව පැවසු ශ්‍රීමත් ආතර් කික්ය. නිදර්ශනය ඇත්ත වශයෙන් ළදරු වයසේ වු නිසා විවිධ අරුත් දැක්වීමට බොහො ඉඩකඩ තිබිණි. මිනිස් වර්ගයාගේ අප්ප්‍රිකානු මුලයන් සහ මානව ස්වභාවය සහිත මොළයත් පෙර දෙපාවලින් ඇවිදිම පිළිබද වර්ධනය ද යන කාරණා දෙකම ඒ සමයේ පැවතුණු විකාශනාත්මක සංකල්පයන් හා නොගැලපුණි . එම නිසා ඩාට් සහ ඔහුගේ ළදරුවා බොහෝ පහරදිම්වල ඉලක්ක බවට පත්විය.

"https://si.wikipedia.org/w/index.php?title=රේමන්_ඩාට්&oldid=549430" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි