දුනුතිලක මුදියන්සේලාගේ රේණුකා මැණිකේ හේරත්, සාමාන්‍යයෙන් රේණුකා හේරත් (උපත 1945 සැප්තැම්බර් 7 - 2017 මාර්තු 13), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලනඥයෙකු සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි. [1] රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ ඇය සෞඛ්‍ය අමාත්‍යවරිය වූවාය. රේණුකා හේරත් මිය යන විට මධ්‍යම පළාත් සභාවේ [2] විපක්ෂ නායිකාව විය.

ගරු
රේණුකා හේරත්
Renuka Herath
ரேணுகா ஹேரத்
තනතුර දරමින්
2006–2010
පුද්ගලික තොරතුරු
උපත7 සැප්තැම්බර් 1945(1945-09-07)
වැවකලේ, වලපනේ
විපත13 March 2017(2017-03-13) (වයස 71)
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
වෙනත් දේශපාලන
සබැඳියා
එක්සත් ජාතික පෙරමුණ
කලත්‍රයාවිමල් සිසිර බණ්ඩාර රණවීර
දරුවන්හිරන්‍ය හේරත්
වාසස්ථාන(ය)වැවකලේ, වලපනේ
උගත් ශාස්ත්‍රාලයපදියපැලැල්ල කනිෂ්ඨ විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය
රැකියාවදේශපාලඥ

ඇය සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන කාලය තුළ, [3] සෞඛ්‍ය සේවා ක්‍ෂේත්‍රයේ විශාල දියුණුවක් සිදු වූ අතරම, සෞඛ්‍ය සේවා අංශයේ කිසිදු වැඩ වර්ජනවලට මහජනතාව අපහසුතාවට පත් කිරීමට ඉඩ නොදුන් කාලයකි. ඇය 2017 දී මිය යන තුරුම දේශපාලනයේ ක්‍රියාකාරීව සිටියාය [4]

ජනතාවගේ යුක්තිය සහ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නිර්භීතම නිර්භීත දේශපාලන නායිකාවක් ලෙස ඇය අදටත් ප්‍රසිද්ධය.

වෘත්තීය සංස්කරණය

රේණුකා හේරත් UNP [5] සාමාජිකාවක් වූ අතර 1977 දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇගේ උපන් ගම වන වලපනේ ආසනයෙන් තරඟ කර දේශපාලනයට පැමිණියාය. ඇය සිය පළමු මැතිවරණය ජයගෙන දිස්ත්‍රික් අමාත්‍යවරියක් වූවාය.

1988 දී ඇය සංස්කෘතික කටයුතු නියෝජ්ය ඇමති ලෙස පත් කරන ලදී. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ඇය සෞඛ්‍ය හා කාන්තා කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. වලපනේ සහ නුවරඑළිය ප්‍රදේශවල යටිතල පහසුකම් සහ රාජ්‍ය සේවා අංශයේ විශාල දියුණුවක් සහ ජීවන තත්ත්වය නඟාසිටුවීම ඇයගේ නිල කාලය තුළ සිදු විය.

යොමු කිරීම් සංස්කරණය

  1. "PARLIAMENTARY GENERAL ELECTION - 02-04-2004" (PDF). Sri Lanka Department of Elections. 4 March 2010 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 August 2011.
  2. "CENTRAL PROVINCE COUNCIL| PROSPEROUS MEDARATA MARCHES FORWARD WITH DIGNITY " (PDF). cs.cp.gov.lk. සම්ප්‍රවේශය 2021-03-06.
  3. "The Gazette of the Democratic Socialist Republic of Sri Lanka Issued by Hon. Renuka Herath" (PDF). Ministry of Health of Sri Lanka.
  4. "Central Provincial Council opposition leader Renuka Herath passes away". Sirasa News First. 13 March 2017.
  5. "Hon. (Mrs.) Renuka Herath, M.P. Parliament of Sri Lanka". Parliament of Sri Lanka.
"https://si.wikipedia.org/w/index.php?title=රේණුකා_හේරත්&oldid=612917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි