රෙඩ් බ්‍රිගේඩ්ස් (ඉතාලි: බ්‍රිගාට්ටෙ රොස්සෙ, සමහරවිට BR ලෙසින් ලුහුඞුකරණය කෙරෙන) යනු, ඉතාලියෙහි පදනම්ව තිබූ, මාක්ස්වාදී-ලෙනින්වාදී පෙරටුගාමී සටන්කාමී සංවිධානයක් වූ අතර, ඊනියා "මුඛ්‍ය වර්ෂයන්හිදී" බොහෝ ප්‍රචණ්ඩ සිද්ධින්, ඝාතන සහ සොරකම් වලට වගකිය යුතු වෙති. 1970 දී පිහිටවුනු මෙම සංවිධානයයේ අරමුණ වූයේ, සන්නද්ධ අරගලයක් ඔස්සේ, "විප්ලවීය " රාජ්‍යයක් බිහිකිරීම සහ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය වෙතින් ඉතාලිය බැහැර කර ගැනීම විය. කඩාකප්පල් කිරීම්, බැංකු කොල්ලයන් සහ, පැහැරගෙන යෑම් ක්‍රියාවන් ඔස්සේ ඉතාලිය අස්ථාවර කිරීමට ඔවුන් සිදු කල ප්‍රචණ්ඩ ව්‍යර්ථයන් නිසා 1970ගණන් වල මුල් භාගයේදී රෙඩ් බ්‍රිගේඩ්ස් කුප්‍රකටභාවයට පත්විය.[1]

රෙඩ් බ්‍රිගේඩ්ස්
දේශීය නමබ්‍රිගාට්ටෙ රොස්සෙ
ප්‍රධාන ක්‍රියාවන්1970 (1970)—වර්තමානය
( 1980ගණන් වන සිට සාපේක්ෂ වශයෙන් අක්‍රීය වෙයි)
සක්‍රීය භූමිප්‍රදේශය (න්)ඉතාලිය
මතවාදයමාක්ස්වාදය–ලෙනින්වාදය

ඔවුන් සඳහා භූමිකා ආකෘතීන් ලෙසින් රෙඩ් බ්‍රිගේඩ්ස් තෝරාගත් දේ අතර ලතින් ඇමරිකානු නාගරික ගරිල්ලා ව්‍යාපාර වූහ. ටුපාමරොස් පිළිබඳ ෆෙල්ට්‍රිනෙල්ලි විසින් ප්‍රකාශිත කාණ්ඩ වැදගත් "මුල් රෙඩ් බ්‍රිගේඩ්වරුන්ට ගුරු අත්පොත් වැනි" වූ අතර 1943–45 අතරතුර ඉතාලියානු පක්ෂවාදි ව්‍යාපාරය පිළිබඳ කරුණුද, සාධාරණ දේවල් ඉටු කර ගැනුමට තරුණ සුළුතරයක් විසින් ප්‍රචණ්ඩ ක්‍රම භාවිතා කිරීම ලෙසින් අර්ථදක්වන ලදි.[2]

කණ්ඩායමෙහි මහත් කුප්‍රකට ක්‍රියාව 1978දී සිදුවූ අතර, එහිදී BR සංවිධානයෙහි දෙවන පෙළ කණ්ඩායම මෙහෙයවූ මාරියෝ මෙරෙට්ටි විසින්, හිටපු ක්‍රිස්තියානු ඩෙමොක්‍රැට් අග්‍රාමාත්‍යවර අල්ඩො මෝරො පැහැර ගෙන ගියේ, කොමියුනිස්ට්වරුන් හා සමගින් කොම්ප්‍රොමේසො ස්ටොරිකෝ, හෝ "ඓතිහාසික එකඟතාවයක්" වෙත එළඹීමට ඔහු උත්සාහ දරමින් සිටි විටය.[1] පැහැරගෙන යෑම සිදු කල වුන් විසින් මෝරොගේ පිරිවර පිරිසෙහි සාමාජිකයන් පස් දෙනෙකු මරා දැමූ අතර, දින 54 කට පසුව මෝරො මරා දැමූහ.

සටහන් සංස්කරණය

  1. 1.0 1.1 වෙස්ට්කොට්, කැත්රින් (6 ජනවාරි 2004). "ඉටලීස් හිස්ට්‍රි ඔෆ් ටෙරර්". බීබීසී. http://news.bbc.co.uk/2/hi/3372239.stm. 
  2. පෝල් ගින්ස්බෝර්ග්, අ හිස්ට්‍රි ඔෆ් කන්ටෙම්පොරරි ඉටලි 1943–1988, පෙන්ගුයින් 1990 ISBN 0-14-012496-9 පි. 361–362
"https://si.wikipedia.org/w/index.php?title=රෙඩ්_බ්‍රිගේඩ්ස්&oldid=290799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි