රෙක්ස් කොඩිප්පිලි
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |
රෙක්ස් කොඩිප්පිලි යනු සිංහල සිනමාවේ දුෂ්ටයාට නව පණක් දුන්න පුද්ගලයෙක් සහ රංගන ශිල්පියෙක් සේම නිෂ්පාදන කළමනාකරුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් වන ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට අතර අහස් මාළිගා, බයිසිකලේ චිත්‍රපට ඇතුලත්ය. රණදෙරණ, කදිරා චිත්‍රපටවල නිෂ්පාදන අධිකාරි ලෙසත් කටයුතු කර ඇත. ඔහු රඟපෑ සියලු චරිත අභියෝගාත්මකය. ඒ අතර ප්‍රභල ලෙස රක්තා, මුවන්පැලැස්ස 1, 2, 3, උතුමාණෙනි, කොටි වලිගය, අහිමි දඩමං, හුලවාලි, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ චිත්‍රපට හැඳින්විය හැකිය.
රෙක්ස් කොඩිප්පිලි Rex Kodippili | |
---|---|
![]() | |
උපත | රෙක්ස් ජෝශප් කොඩිප්පිලි 6 ඔක්තෝබර් 1938 |
මියගිය දිනය | 24 දෙසැම්බර් 2023 (වයස 85) ජා-ඇල, ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | ශාන්ත බේඩේ විද්‍යාලය ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය |
රැකියාව | නළුවා, නිෂ්පාදක, |
සක්‍රීය වසර | 1971-2023 |
කලත්‍රයා(යන්) | කැතරින් කොඩිප්පිලි (වි. 1986) |
දරුවන් | 3[1] |
සම්මාන | හොඳම සහය නළුවා ඍණාත්මක චරිතයේ හොඳම නළුවා |
එදා මෙදාතුර ඔහු චිත්‍රපට දෙසීය ඉක්මවවා ඇත. ටෙලි නාට්‍ය ද විශාල සංඛ්‍යාවක් රඟ පා ඇත. මෙගා ටෙලි නාට්‍ය දහයක් ඒ අතර වෙයි. දාමිණී මෙගා ටෙලි නාට්‍යයෙන් මෙගා ටෙලිනාට්‍ය රඟපෑම පටන් ගත් අතර අවසන් නාට්‍ය ගිනි අවි සහ ගිනි කෙළි(2015) වේ.
සිනමාවට පැමිණිම
සංස්කරණයකේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ කතුරු මුවත් චිත්‍රපටයේ පොකට්කරුවෙක්ගේ සුළු චරිතයකට රෙක්ස් හට ආරාධනා කරන ලදි. එහිදී ඔහු ඉදිරිපත් කළ රංගනයට බොහෝ සතුටට පත් වූ, කේ. ඒ. ඩබ්ලිව් මහතා "රෙක්ස් ඒ සීන් එක අපි අයින් කරන්නම්. ඔයාට හොඳ ගාණකුත් දෙන්නම් චිත්‍රපටයේ මේන් විලන්ට ඔයා රඟපාන්න" කියා පැවසූ තැන් සිට ඔහු එම රංගනයම අවුරුදු හතලිස් පහක් පුරා ගෙන පැමිණියේය.
ඒ 1969 දී රෙක්ස් සලාකා ආයතනයේ රැකියාවෙහි නියැලෙමින් සිටියදී, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, ඔස්වල්ඩ් ජයසිංහ සමඟ පැමිණ ඔහුට කතුරුමුවත් චිත්‍රපටයේ පොකට්කරුගේ චරිතය කිරීමට කැමතිදැයි කියා ඇසීය. දිගටම රඟපෑම කරන්න නොහිතූ ඔහු, ඉල්ලීමට රැකියාව කළ සේවා ස්ථානයෙන්ද සහයෝගය ලබා දුනි. එදින ෂූටින් තිබූයේ කොළඹ සෙලින්කෝ ගොඩනැඟිල්ල ආසන්නයෙහියි. සරොමක් හැඳ පොකට්කාරයා ලෙස සේනාධීර රූපසිංහ හා නීලා ලියනගෙදර සාප්පු සවාරි යමින් සිටියදී සේනාධීරගේ පොකට් එක සොරා ගන්නා ලදි.
සිනමා දිවිය
සංස්කරණයඔහුගේ කලා ජීවිතයට අවුරුදු හතලිස් පහකි.(2016) රන් කහවණු ටෙලි නාට්‍ය හරහා පුංචි තිරයට ආ ඔහු කතුරු මුවත් චිත්‍රපටය හරහා සිනමාවට සම්ප්‍රාප්ත වූ පුද්ගලයෙකි. සිනමා නළුවකු රෙක්ස් ගොඩ නඟා ගත්තේ සුවිසල් ප්‍රතිරූපයකි. සටන්කාමී මාරාන්තික රංගනයක යෙදෙමින් සිංහල සිනමාවට විශිෂ්ට සේවයක් කළ කලා ශිල්පියෙකි. එයට කදිම නිදසුන ලොකුම හිනාව චිත්‍රපටයයි. ඒ සේම ඔහුගේ බොහෝ චිත්‍රපටවල බිහිසුණු අත්දැකීම්වලට මට මුහුණ දීමට සිදුවිය. ඒ අතර මරුවා සමඟ වාසේ, යකඩයා, යළි ඉපදෙන්නයි චිත්‍රපට ද හැඳින්විය හැකිය.
මාරක පිම්ම
සංස්කරණයලොකුම හිනාව ෂූට් කිරීමේ දී උණබම්බු පටවපු ලොරියක් උඩින් මෝටර් සයිකලයක් පන්නා මෝටර් සයිකලයට යට වීමෙන් ඔහුගේ කකුල තුන් පලකින් කැඩී, මාස නවයක් කොළඹ මහ රෝහලෙහි ඥාණසේකර වෝඩ් එකේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය. ඒ ලොකුම හිනාව නිෂ්පාදක ඊ. ඒ. පී. එදිරිසිංහගේ අවශ්‍යතාවයට මාරක පිම්ම පැනීය. එම චිත්‍රපටය පැමිණීමට පෙර සෙටම හෝල් හි එහි ට්‍රෙලර් යෑමත් සමඟ මිනිසුන් තුළ චිත්‍රපටය නිකුත් වනතුරා ඉවසිල්ලක්ද නැතිවිය.
එහිම තිබු රෙක්ස් ගේට්ටුවක් කඩාගෙන පැමිණෙන අවස්ථාව රූ ගත කිරීමට ඔහු රෝහලෙන්ද පැන ගොස් රඟපා ඇත. එකල්හි ඔහුගේ පාදයට ප්ලාස්ටර් දමා සිටියද ඔහුට එළියට ගොස් චිත්‍රපට බැලීමට අවසර තිබූ සෙයින් ඔහු ඊ.ඒ.පී එදිරිසිංහ මහත්තාගේ කාරය එවා තිබු බැවින් පාදයේ ප්ලාස්ටරය කපා රූ ගත කිරිම් වලට ගොස් ඇත. ඒ බව
මාව එතනට ගෙනිච්ච ගමන් කැමරා රෙඩි වුණා. මාව මෝටර් සයිකලයේ තිබ්බා. ඇක්ෂන් කිව්වා. ආයේ දෙකක් නැහැ එදිරිසිංහ මහත්තයාගේ හීනය සැබෑවක් කරගෙන මම ගේට්ටුව කඩාගෙන මෝටර් සයිකලය එලෙව්වා. කට්ටිය ඉක්මනින් මාව වාහනේ දාගත්තා. ප්ලාස්ටරය කපපු තැනට ආයෙත් ගෙනාවා. හැකි ඉක්මනින් ප්ලාස්ටරය තිබුණා වගේ දැම්මා. කෙළින්ම මොකුත් වුණේ නැහැ වගේ ඥාණසේකර වෝඩ් එකේ මගේ ඇඳට ගියා.
ලෙස ඔහු කීය[2]
ප්‍රේම ජවනිකා
සංස්කරණයඔහු ප්‍රේම ජවනිකාවන් කරනු ලැබූයේ ලස්සන දවසක් චිත්‍රපටයට හා දමයන්ති චිත්‍රපටයටයි. සිනමාවේ එදා මෙදා තුර දුෂ්ඨයන් විරල වූ බැවින් ඔහු දුෂ්ඨයාට පමණක් පන පෙවීය.
ටෙලිනාට්‍යය
සංස්කරණය- අහිමි
- චරිතයකට පාට දෙන්න
- දෙවෙනි ඉනිම
- රන් කහවනු
- සසර සේයා
මූලාශ්‍ර
සංස්කරණය- ^ "The Loving Villain". Sarasaviya. සම්ප්‍රවේශය 24 June 2017.
- ^ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/07/07/?fn=sa16070733, ප්‍රතිෂ්ඨාපනය 2016-08-03