රාහුල අනුර අත්තලගේ
මහාචාර්ය රාහුල අනුර අත්තලගේ (ඉංග්‍රීසි: Rahula Anura Attalage) යනු මොරටුව විශ්ව විද්‍යාලයයේ නියෝජ්‍ය උප කුලපති හා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා මහාචාර්ය වරයායි.
මහාචාර්ය රාහුල අනුර අතලගේ | |
---|---|
උපත | |
නිවහන | ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | මහාචාර්ය |
සේවායෝජකයා | මොරටුව විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාව |
ප්‍රසිද්ධව ඇත්තේ | නියෝජ්‍ය උප කුලපති / මහාචාර්ය යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා |
දරුවන් | දිනු අතලගේ චරිත රක්ෂිත අතලගේ |
සටහන් | |
මණ්ඩල සාමාජීක, ශ්‍රී ලංකාවේ පොදු පහසුකම් මණ්ඩලය | |
ආගම | බෞද්ධ |
කොළඹ නාලන්දා විද්‍යාලයේ ඔහුගේ අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව, හේ මොරටුව විශ්වවිද්‍යාලය වෙතින් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබමින් සමත් විය.
ශක්ති තාක්ෂණවිද්‍යාව පිළිබඳ ඔහුගේ පශ්චාත් උපාධිය හේ ලබා ගත්තේ, තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය වෙතිනි.
ඔහු, ප්‍රංශයේ ඉකෝල් දිස් මින් ඩි පැරී වෙතින් ඉංජිනේරු විද්‍යා උපාධියක් සහ ශක්ති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අචාර්ය උපාධියක්ද දරයි.
මොරටුව විශ්වවිද්‍යාලයෙහි විශිෂ්ට පර්යේෂණ කටයුතු පිළිබඳ ත්‍යාගය පිටපිට පස් වතාවක් දිනා ගැනුමට මහාචාර්ය අත්තලගේ සමත් විය.
මොරටුව විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු විද්‍යා පීඨයේ, පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ තනතුරද හේ හොබවයි.
සාමාන්‍ය ආශ්‍රිත
සංස්කරණය- "ප්‍රොෆ් රාහුල අත්තලගේ හැස් බීන් එපොයින්ටඩ් ඈස් ද නිව් ඩෙපියුටි වයිස් චාන්සලර් ඔෆ් දි යුනිවර්සිටි ඔෆ් මොරටුව". EFSU-මොරටුව විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය සැප්තැම්බර් 2012.
{{cite web}}
: Check date values in:|accessdate=
(help) - "කමිෂනර්ස්". ශ්‍රී ලංකාවේ පොදු පහසුකම් මණ්ඩලය. සිකුරාදා, 01 ජනවාරි 2010. සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2011.
{{cite web}}
: Check date values in:|date=
(help) - "එනර්ජි ෆීල්ඩ් ඔෆ් ස්ටඩි, ඩිසර්ටේෂන්ස්/තීසිස් ඔන් 1986". පරිසරය, සම්පත් සහ සංවර්ධනය පිළිබඳ ශාස්ත්‍රාලය (SERD) ආසියානු තාක්ෂණ ආයතනය. සම්ප්‍රවේශය 23 අප්‍රේල් 2011.
- "ෆ්‍රොෆයිල් ඔෆ් ෆ්‍රොෆෙසර් රාහුල අනුර අත්තලගේ,ඩිපාට්මන්ට් ඔෆ් මිකැනිකල් ඉංජිනියරිං, යුනිවර්සිටි ඔෆ් මොරටුව".