ශ්‍රී රාජාධි රාජසිංහ රජ

(රාජාධි රාජසිංහ රජු වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී රාජාධි රාජසිංහ (ක්‍රි.ව. 1782-1798) නමින් සිහසුනට උරුමකම් ලැබූ ඔහු කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සොහොයුරාය. ඔහුද තම සහෝදරයා සමග මදුරෙයි හි සිට මෙහි පැමිණියේ කුඩා ළමයෙකුව සිටියදීය. මේ හේතුව නිසාම ඔහු හැදී වැඩුනේ උඩරැටියෙකු පරිද්දෙනි. සිංහලයෙකු පරිද්දෙනි. එවකට මල්වතු විහාරයේ නායක හිමියන්ගේ දක්ෂතම ශිෂ්‍යයෙකු ලෙස කැපී පෙනුණේය. ඔහු විවිධ දක්ෂතාවලින් යුත් අයෙකු විය. භාෂා බොහොමයක් ඉගෙන ගත්තේය. පාලි සහ සංස්කෘත ද ඒ අතර විය. බුද්ධාගම සම්බන්ධයෙන් නොමසුරු දායකත්වයක් සැපයූ ඔහු කාව්‍ය රසිකයෙකු විය. එසේම කවියෙක් ද විය.

ශ්‍රි රාජාධි රාජසිංහ
සිංහලේ රජ
රාජ්‍ය සමය1782 ජනවාරි 2 - 1798 ජූලි 26
අභිෂේකය1782
පූර්වප්‍රාප්තිකයාකීර්ති ශ්‍රී රාජසිංහ රජු
අනුප්‍රාප්තිකයාශ්‍රී වික්‍රම රාජසිංහ රජු
භූමදානයශ්‍රී ලංකාව
වල්ලභයාඋපෙන්ද්‍රාම්මා රැජින
දරුවන්None
වංශයමහනුවර නායක්කාරවරු

1798 දී දරුවෙකු නොමැතිව, අනුප්‍රාප්තිකයෙකු ද නම් නොකර ඔහු මිය ගියේය. සියලු වගකීම් පිළිමතලාවේ වෙත පැවරුණි. පිළිමතලාවේ පළමු අධිගාර් නොහොත් අගමැති තනතුර දරමින් සිටියේය. ඔහු අති දක්ෂ, බලලෝභි, කූට උපක්‍රමයෙහි දක්ෂ පුද්ගලයෙකු විය. හිස් වූ සිහසුනට අනුප්‍රාප්තිකයෙකු තේරීම ඔහුට පැවරුණි. විවාද චරිතයක් වූ පිළිමතලාවේ, රජ පෙළපතේ අවසාන වීමට වගකිව යුතු ප්‍රධාන සාධකයන්ගෙන් එකක් විය.

ශ්‍රී රාජාධි රාජසිංහ රජ
උපත: ? ? මරණය: 26 ජූලි 1798
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
කීර්ති ශ්‍රී රාජසිංහ රජ
මහනුවර රජු
2 ජනවාරි, 1782–26 ජූලි, 1798
අනුප්‍රාප්තික
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ