Al2(SO4)3
රසායනික සූත්‍රයක
නිදසුනක්
සල්ෆියුරික්
  • පල්මානික්කම් HO2
  • ජීව වායුව HO°
  • රසායනික සූත්‍රයක් කිසියම් නිශ්චිත සංයෝගයක අඩංගු සංඝටක මූලද්‍රව්‍ය නිරූපණය කරනු ලබන පහසු ආකාරයකි. මීට අමතරව රසායනික සූත්‍ර මඟින් රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන ආකාරය ද කෙටියෙන් දැක්විය හැකිය. අණුක සංයෝග සඳහා හඳුන්වන අණුක සූත්‍ර යනුවෙන්ද මෙම අණුක සූත්‍ර මඟින් සංයෝගයක ඇති සංඝටක මූලද්‍රව්‍ය එහි රසායනික සංකේත මඟින් හඳුන්වන අතර එහි අණුවක අඩංගු එක් එක් මුලද්‍රව්‍යයට අදාල පරමාණු සංඛ්‍යාව ද දක්වනු ලැබේ. කිසියම් සංයෝගයක එයට අදාල කිසියම් මූලද්‍රව්‍යයක පරමාණු එකකට වඩා සංඛ්‍යාවක් අඩංගු වේ නම් එය අගය අදාල මූලද්‍රව්‍ය සංකේතයට පසුව යටකුරක් වශයෙන් දක්වනු ලැබේ. (19 වැනි සිය‍වසේ දී නම් මෙය උඩකුරක් ලෙස දක්වන ලදී) අයනික හා අණුක නොවන අනෙක් ද්‍රව්‍යවල මෙම යටකුර මඟින් එහි අනුභවික සූත්‍රයේ ඇති මූලද්‍රව්‍යවල අනුපාත දක්වයි.

මෙම රසායනික සූත්‍ර ලිවීමේ ක්‍රමය හඳුන්වන ලද්දේ 19 වැනි සියවසේ විසූ ස්වීඩන් ජාතික රසානඥයෙකු වන ජෝසප් ජේකොබ් බර්සිලියස් මඟිනි.


පරමානු අනුක සූත්‍රය

සංස්කරණය

උදාහරණයක් ලෙස, එක් කාබන් පරමාණුවකින් හා එයට බැඳුණු හයිඩ්‍රජන් පරමාණු 4කින් සමන්විත වන මෙතේන්වලට පහත අණුක සූත්‍රය පවතින අතර:

CH4 හෝ H4C

කාබන් පරමාණු 6කින්, හයිඩ්‍රජන් පරමාණු 12 කින් හා ඔක්සිජන් පරමාණු 6කින් සමන්විත ග්ලූකෝස්වලට පහත අණුක සුත්‍රය පවතියි:

C6H12O6.

රසායනික සූත්‍රයක් මඟින් රසායන ද්‍රව්‍යයක ඇති බන්ධනවල වර්ගය හා ඒවායේ අවකාශ ව්‍යාප්තිය දක්වන නමුත් එහි නිශ්චිත සමාවයවිකය කුමක් ද යන්න නොදක්වයි. උදාහරණයක් වශයෙන් එතේන් හි එකිනෙක සමඟ තනි බන්ධනයකින් සම්බන්ධ වූ කාබන් පරමාණු 2ක් ද එම එක් එක් කාබන් පරමාණුව හා සම්බන්ධ වූ හයිඩ්‍රජන් පරමාණු 3ක් ද පවතියි. එහි රසායනික සූත්‍රය CH3CH3 ආකාරයට දැක්විය හැකිය. එතිලීන් හි කාබන් පරමාණු අතර පවතින්නේ ද්විත්ව බන්ධනයකි. (එක් එක් කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු 2ක් සම්බන්ධව ඇත) එම නිසා රසායනික සූත්‍රය CH2CH2 ආකාරයට දැක්විය හැකිය. ඒ අතරම එහි කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධනයක් පවතින බව නිසැක කරුණක් වන්නේ කාබන්හි සංයුජතාවය හතර නිසාය. කෙසේ නමුත් වඩා පැහැදිලි හා නිවැරදි ක්‍රමයක් වන්නේ H2C=CH2 ලෙස හෝ එතරම් සුලබ ආකාරයක් වන H2C::CH2 ආකාරයට ලිවීමයි. මෙහි ඇති රේඛා දෙක (හෝ තිත් යුගල දෙක) මඟින් නිරූපණය කරනු ලබන්නේ එය දෙපස ඇති පරමාණු ද්විත්ව බන්ධනයකින් සම්බන්ධ වන බවයි.

ත්‍රිත්ව බන්ධනයක් රේඛා හෝ තිත් යුගල තුනකින් නිරූපණය වන අතර කිසියම් ව්‍යාකූල බවක් පවතී නම් රේඛා හෝ තිත් යුගල එකක් මඟින් තනි බන්ධනයක් නිරූපණය කළ හැකිය.

කිසියම් අණුවක සමාන ක්‍රියාකාරී කාණ්ඩ එකකට වැඩි සංඛ්‍යාවක් පවතියි නම් එය (CH3)3CH ආකාරයට නිරූපණය කළ හැකිය. කෙසේ වෙතත් මේ මඟින් ඉහත පරමාණු වර්ග හා සංඛ්‍යාවන් ම යොදා ගනිමින් සෑදිය හැකි වෙනත් ව්‍යුහයන් ගෙන් වෙනස් වන ව්‍යුහයක් දක්වයි. (CH3)3CH සූත්‍රය මඟින් මාධ්‍ය කාබන් පරමාණුවක් හා එයට සම්බන්ධ වූ තවත් කාබන් පරමාණුවකින් සමන්විත කාබන් පරමාණු 3කින් සමන්විත දාමයන් දක්වයි. එහි ඇති අනෙක් බන්ධනවලට හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ වී තිබිය යුතුය. කෙසේ නමුත් සමාන පරමාණු සංඛ්‍යාවක් (කාබන් පරමාණු 4 හා හයිඩ්‍රජන් පරමාණු 10ක් C4H10) යොදා ගනිමින් සෘජු දාමයක් ද සෑදිය හැකිය. CH3CH2CH2CH3 but-2-ene නැමැති ඇල්කයිනයට CH3CH=CHCH3 සූත්‍රය මඟින් නොදැක්වෙන්න සමාවයවික දෙකක් පවතියි. මෙහි දී මෙතිල් කාණ්ඩ දෙක ද්විත්ව බන්ධනයෙන් එකම පැත්තේ පිහිටන බව (සිස් හෝ Z) හෝ දෙපස පිහිටන බව (ට්‍රාන්ස් හෝ E) වශයෙන් එහි සාපේක්ෂ පිහිටීම අමතරව සඳහන් කළ යුතුය.

බහු අවයවක

සංස්කරණය

බහු අවයවකවලදී, එහි පුනරාවර්තී ඒකකය වඩා වරහන් යොදනු ලැබේ. උදාහරණයක් ලෙස CH3(CH2)50CH3 ලෙස විස්තර කෙරෙන, හයිඩ්‍රොකාබන අණුවක පුනරාවර්තී ඒකක 50ක් ඇත. මෙම පුනරාවර්තී ඒකක සංඛ්‍යාව නොදන්නා විට හෝ විචල්‍ය විට එය හැඟවීමට n සංකේතය යොදනු ලැබේ. CH3(CH2)nCH3.

නිශ්චිත අයනයක ආරෝපණය එහි දකුණු පසින් යොදන උඩකුරක් මඟින් දක්වනු ලැබේ. උදාහරණ Na+, හෝ Cu2+ ආරෝපිත අණුවක හෝ බහු පරමාණුක අයනයක ආරෝපණය ද ඉහත ආකාරයට ම දක්වනු ලැබේ. උදාහරණයක් ලෙස හයිඩ්‍රෝනියම් H3O+ හෝ සල්ෆේට් SO42-

වඩාත් සංකීර්ණ අයන සඳහා අයනික සූත්‍රය ආවරණය කිරීමට පහත පරිදි වරහන් [ ] යොදනු ලැබේ. [B12H12]2- වරහන්වලට ඇතුළතින් ( ) ආකාරයේ වරහන් මඟින් පුනවර්තී ඒකක පහත පරිදි දැක්විය හැකිය. [Co(NH3)6]3+ මෙහිදී (NH3)6 මඟින් අයනයෙහි NH3 කාණ්ඩ 6ක් අඩංගු වන බවත් [ ] වරහනට පිටතින් ඇති +3 මඟින් එම අයනයේ මුළු ආරෝපණය +3 බවත් දැක්වේ.

සමස්ථානික

සංස්කරණය

සමස්ථානික සම්ප්‍රදායානුකූල රසායනියට වඩා සම්බන්ධ වන්නේ න්‍යෂ්ටික රසායනයට හෝ ස්ථායී සමස්ථානික රසායනයට වුවත්, විවිධ සමස්ථානික ඒවායේ වම් පස ලියන උඩකුරක් මඟින් රසායනික සමීකරණවලදී දක්වනු ලැබේ. උදාහරණයක් ලෙස විකිරණශීලී PO43- අඩංගු වන පොස්පේට් අයන 32PO43- ලෙස දක්වයි. ස්ථායී සමස්ථානික අනුපාත පිළිබඳ කරන අධ්‍යාපනය කදී 18O16O අණුව ද ඇතුළත් විය හැකිය.

සමහර අවස්ථාවලදී පරමාණුක ක්‍රමාංකය දැක්වීමට වම් පස යටකුරක් යොදා ගනු ලැබේ. උදාහරණයක් වශයෙන් ද්වි ඔක්සිජන් දැක්වීමට 8O2 ද, වඩාත් සුලභතම ද්වි ඔක්සිජන් සමස්ථානික ප්‍රභේදය දැක්වීමට 168O2 ද යොදා ගනු ලැබේ. මෙය වඩාත් වැදගත් වන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ලියා ආරෝපණ තුලිත කිරීමේ දීය.

අනුභවික සූත්‍රය

සංස්කරණය

රසායන විද්‍යාවේ දී ආනුභවික සුත්‍රය යනු සංයෝගයක අඩංගු එක් එක් වර්ගයේ පරමාණුවල සාපේක්ෂ අගයක් හෝ එහි අඩංගු මූලද්‍රව්‍යවල අනුපාතය දක්වන සරල ප්‍රකාශනයකි. CaCl2 වැනි අයනික සංයෝගය හා SiO2 වැනි මහා අණු සඳහා අනුභවික සූත්‍ර සම්මතයකි. ආනුභවික සූත්‍රය මඟින් සමාවයවිකතාවය, ව්‍යුහය හෝ සංයෝගයේ ඇති සත්‍ය පරමාණු සංඛ්‍යාව නිරූපණය නොකෙරේ. ආනුභවික යන පද මූලද්‍රව්‍ය විශ්ලේෂණ ක්‍රම වේදයකට සම්බන්ධ අතර මෙය විශලේෂණ රසායන විද්‍යාවේ දී කිසියම් පිරිසිදු රසායන ද්‍රව්‍යයක සාපේක්ෂව ප්‍රතිශත සංයුතිය නිර්ණය කිරීමට භාවිතා කෙරේ.

උදාහරණයක් වශයෙන් හෙක්සේන් සඳහා C6H14 නම් අණුක සූත්‍රයක් ඇති අතර ව්‍යුහමය වශයෙන් එය CH3CH2CH2CH2CH2CH3 වේ. මේ මඟින් එයට කාබන් පරමාණු 6ක් හා හයිඩ්‍රජන් පරමාණු 14ක් ඇති දාම ව්‍යුහයක් ඇති බව හැඟවේ. කෙසේ වෙතත් හෙක්සේන් සඳහා ආනුභවික සුත්‍රය C3H7 වේ. ඒ ආකාරයටම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් , H2O2 හි ආනුභවික සුත්‍රය HO වන අතර එමඟින් එහි සංඝටක මූලද්‍රව්‍ය වල 1:1 අනුපාතය පෙන්වයි.

සිර වූ පරමාණු

සංස්කරණය

@ යන සංකේතය මඟින් කූඩුවක් / ජාලයක් තුළ සිරවූ , නමුත් රසායනිකව බන්ධනය නොවූ පරමාණු හෝ අණු නිරූපණය කරයි. මෙම සංකල්පය ජනප්‍රිය වූයේ 1990 කාලයේ දී ෆුලරීන් කූඩු/ ජාල සොයා ගැනීමත් සමඟය. උදාහරණයක් වශයෙන් ඒවා තුළ La වැනි පරමාණු සිර වී තිබිය හැකි අතර ඒවා La@C60 ලෙස හෝ La@C82 ලෙස ලියනු ලැබේ. ෆුලරින් නොවන උදාහරණයක් වන්නේ [As@Ni12As20]3- ය. මෙහිදී පරමාණු 32 කින් සැදුම්ලත් කූඩුවක් තුළ ද As පරමාණුවක් සිරගත වී ඇත.


ස්ටොයිකියෝමිතික නොවන සූත්‍ර

සංස්කරණය

රසායනික සූත්‍ර බොහෝ විට බොහෝ විට යොදා ගනු ලබන්නේ පූර්ණ සංඛ්‍යාය. නමුත් කුඩා පූර්ණ සංඛ්‍යා මඟින් නිරූපණය කළ නොහැකි සංයෝග ශ්‍රේණියක් පවතින අතර ඒවා ස්ටොකියෝමිතික නොවන සංයෝග වේ. සූත්‍ර ලියනු ලබන්නේ දශම භාග උපයෝගී කර ගනිමිනි. උදා - Fe0.95O සමහර අවස්ථාවල සාමාන්‍යයෙන් 1ට අඩු x නැමැති අක්ෂරයක් විචල්‍ය කොටසක් ලෙස භාවිතා කරනු ලැබේ. උදා- Fe1-xO

කාබනික සංයෝගවල පොදු ආකාර‍

සංස්කරණය

නියත ඒකකයක් මඟින් එකිනෙකාගෙන් වෙනස් වන සංයෝග ශ්‍රේණියක් දැක්වීමට යෙදෙන රසායනික සූත්‍ර “පොදු සූත්‍ර” නම් වේ. එවන් ශ්‍රේණියක් සදෘශ ශ්‍රේණියක් ලෙස හැඳින්වෙන අතර එහි සාමාජිකයන් සදෘශයන් ලෙස හැඳින්වේ. හිල් ක්‍රමය යනු සූත්‍ර ලිවීමේ හා වර්ගීකරණයේ දී භාවිතා වන පොදු සම්මත ක්‍රමයකි.

හිල් ක්‍රමය

සංස්කරණය

හිල් ක්‍රමය යනු අණුවකාබන් පරමාණු සංඛ්‍යාව පළමුවෙන්ද, හයිඩ්‍රජන් පරමාණු ගණන අනතුරුවද, අනෙකුත් සියළුම රසායනික මූලදුව්‍යයන් සංඛ්‍යාවන් ඉනික්බිතිව අකාරාදියෙහි පිළිවෙලටද, විදහාපෑමෙන් රසායනික සූත්‍රයන් ලියාදැක්වීමේ ක්‍රමයකි. සංයෝගයක කාබන් පරමාණු අඩංගු නොවූ විටෙක, හයිඩ්‍රජන් ඇතුළු සියළු මූල දව්‍යයන්, අකාරාදියෙහි පිළිවෙලට ලැයිස්තු ගත කෙරේ.මෙම නිර්ණායන ක්‍රමය නිසාවෙන් සංයෝගයන් වර්ගීකරණය හා විපරම සෘජු ලෙසින් සිදු කිරීමට අවකාශ ‍ලැබේ.

මෙයද බලන්න

සංස්කරණය

ආශ්‍රිත

සංස්කරණය
  • රැල්ෆ් එස්. පෙට්රූචි, විලියම් එස්. හාවුඩ් සහ එෆ්. ජෙෆ්රි හරිං, ජෙනරල් කෙමිස්ට්‍රි, 8වන වෙළුම (ප්‍රෙන්ටිස්-හෝල් 2002), පරිච්ඡේදය 3.
"https://si.wikipedia.org/w/index.php?title=රසායනික_සූත්‍ර&oldid=524579" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි