රවීන්ද්‍ර රන්දෙණිය

රවින්ද්‍ර රන්දෙණිය ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීන රංගන ශිල්පියෙකු මෙන්ම දේශපාලකයෙකි. 1970 සහ 1980 දශක වලදී ඉතා ජනප්‍රිය තලයක සිටි ඔහු, 1972 දී රගපෑ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දෑස නිසා චිත්‍රපටයෙන් වඩාත් ජනාදරයට පාත්‍ර විය. වසර කීපයකදීම ඔහු සරසවිය සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුයේය ; 1984 (දඩයම), 1985(මායා), 1989 (සඳකඩ පහණ), 1990 (සිරි මැදුර).[1]

ආචාර්ය

රවින්ද්‍ර රන්දෙණිය
උපතජුනි 5, 1945 (1945-06-05) (වයස 78)
ජාතිකත්වය ශ්‍රී ලංකාව
සක්‍රීය වසර1975-
ප්‍රධාන නිර්මාණ
දෑස නිසා (1975)
දඩයම (1984)
මායා (1985)
සඳකඩ පහන (1989)
සිරි මැදුර (1990)

ළමාවිය සහ තරුණ අවධිය සංස්කරණය

රන්දෙණිය උපත ලැබුවේ ශ්‍රී ලංකාවේ දළුගම ප්‍රදේශයේදීය. දළුගම වූ කලී මනරම් කෙත්වතු ද, කුඩා දිය දහරාද පිරි කුඩා ගම්මානයකි. කුඩා රන්දෙණිය තම උපන් ගමේ ස්වභාව සෞන්දර්ය උපරිමයෙන් රස වින්දේය. එමෙන්ම කුඩා කල සිට මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මුනිදාස කුමාරතුංග සහ විමලරත්න කුමාරගම වැනි විශිෂ්ඨයන්ගේ කෘති කියවීමට මහත් රුචියක් දැක්විය.

රන්දෙණිය අධ්‍යාපනය හැදෑරුවේ දළුගම ශාන්ත ෆැන්සිස් විද්‍යාලයෙනි. උසස් පෙළ අසමත් වීම නිසා උසස් අධ්‍යාපනය වරම් අහිමි වූ රන්දෙණිය පසුව තම පවුලේ ව්‍යාපාර කටයුතු සඳහා සම්බන්ධ වී කටයුතු කළේය.

සිනමාව සංස්කරණය

වසර චිත්‍රපට
1974 කළ්‍යාණි ගංඟා
1975 තරංගා
1975 කළු දිය දහර
1975 දෑස නිසා
1976 හරියට හරි
1976 ගංගා
1976 දුහුල් මලක්
1977 යකඩයා
1977 පෙම්බර මධූ
1977 සිරිපාල සහ රන්මැණිකා
1978 සීතා දේවී
1978 වීර පුරන් අප්පු
1979 හිඟන කොල්ලා
1979 වාසන්තයේ දවසක්
1979 චූඩා මාණික්‍යය
1979 සුගන්දි
1979 පොඩි මල්ලි
1979 හරි පුදුමයි
1980 එක්ටැම් ගේ
1980 මුවන් පැලැස්ස 2
1980 රජ දවසක්
1981 බබා කෙටූ හැටි
1981 එක දවසක් රෑ
1981 ඉන්දුට මල් මිටක්
1981 ආරාධනා
1981 සත්වෙනි දවස
1982 බඹර ගීතය
1982 පාරමිතා
1982 සඳා
1983 දඩයම
1983 රන් මිනි මුතු
1983 යලි පිපුණු මලක්
1984 බඹර පැටික්කි
1984 හිතවතිය
1984 හිම කතර
1984 මායා
1987 ජනේලය
1987 තාත්ති මං ආදරෙයි
1987 මංගල තෑග්ග
1987 කැලෑ කෙල්ල
1987 රජ වැඩකාරයෝ
1987 අහිංසා
1988 සඳකඩ පහණ
1988 සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා
1988 අංගුලිමාල
1989 සිරි මැදුර
1990 සහරාවේ සිහිනය
1991 ගොළු මුහුදේ කුණාටුව
1993 සුරබිදෙන
1993 ගුරු ගෙදර
1994 ධවල පුෂ්පය
1994 අරගලය
1994 පවන රළු විය
1995 සෙලීමා
1995 සුදු වලස්සු
1996 මදුරී
1996 චෙරියෝ ඩාලිං
1997 යසෝමා
1997 රඹා සහ මධූ
1997 බව දුක
1997 නින්ජා ශ්‍රී ලංකා
1997 බද කර්ම
1999 අඳුරු සෙවණැලි
1999 තීර්ථ යාත්‍රා
2001 අනන්ත රාත්‍රිය
2001 පොරොන්දුව
2001 අස්වැසුම
2002 සන්සාර ප්‍රාර්ථනා
2003 වෑකන්ද වලව්ව
2004 මිල්ලෙ සොයා
2006 නිලම්බරේ
2007 නිසල ගිර
2008 අබා
2009 ඩාන්සින් ස්ටාර්
2009 ජූලියා
2012 මාතා
2012 කුස පබා
2014 රූපාන්තරණ
2016 වීර වර්ණ
2016 පත්තිනි

කාලය නොදනී සුදු පිරුවට

සම්මාන සංස්කරණය

සරසවිය සම්මාන සංස්කරණය

  • 1984 - හොඳම නළුවා - දඩයම
  • 1985 - හොඳම නළුවා - මායා
  • 1989 - හොඳම නළුවා - සඳකඩ පහණ
  • 1990 - හොඳම නළුවා - සිරි මැදුර

මූලාශ්‍ර සංස්කරණය

  1. "ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය". සරසවිය.
"https://si.wikipedia.org/w/index.php?title=රවීන්ද්‍ර_රන්දෙණිය&oldid=652853" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි