රයිබොසෝම ජීවජ්ජනනය

රයිබොසෝම ජීවජ්ජනනය යනු රයිබොසෝම තැනීමෙහි ක්‍රියාවලිය වෙයි. ප්‍රාග්න්‍යෂ්ටිකයන් තුල, මෙම ක්‍රියාවලිය සෛලප්ලාස්මය තුල සිදුවන්නේ බොහෝ රයිබොසෝම ජාන ඔපරෝන ප්‍රතිලේඛනය කිරීමෙනි. සුන්‍යෂ්ටිකයන් තුල එය සිදුවන්නේ, සෛලප්ලාස්මය තුලදී මෙන්ම න්‍යෂ්ටිකාව තුලදීත්ය. ප්‍රාග්න්‍යෂ්ටික රයිබොසෝම RNA තුනක් හෝ සුන්‍යෂ්ටික රයිබොසෝම RNA හතරක් සංශ්ලේෂණයෙහිදී සහ සැකසුමෙහිදී 200 කට වඩා ප්‍රෝටීනයන්ගේ සමායෝජිත කර්තව්‍යය මෙන්ම, රයිබෝසෝමය ප්‍රෝටීනයන් හා සමග මෙම රයිබෝසෝම RNA එකලස් කිරීම මෙහිදී සිදු වෙයි. ATP-පරායත්ත RNA හෙලිකේස, AAA- ATPයේස, GTPයේස , කයිනේස ඇතුළු ශක්ති-පරිභෝජනය කරන විවිධ එන්සයිම වර්ගයන්ට මෙම රයිබොසෝමය ප්‍රෝටීන බොහෝමයක් ගැනෙයි.[1] සෛලයක ශක්තියෙන් 60% වැය කෙරෙන්නේ මෙම රයිබොසෝම නිෂ්පාදනය සහ නඩත්තුව සඳහා වෙයි. [2]

  1. ක්‍රෙස්ලර්, ඩෙයිටර්; හර්ට්, එඩ්; බැබ්ලර්, ජෝචෙන් (2009). "ඩ්‍රයිවිං රයිබොසෝම් ඇසෙම්බ්ලි". බයෝකිමිකා එට් බයෝෆිසිකා ඇක්ටා. 1803 (6): 673–683. doi:10.1016/j.bbamcr.2009.10.009. PMID 19879902.
  2. ක්‍රිස්ටා කොන්ගර් (ජූනි 26, 2017). "නිව්ලි අයිඩෙන්ටිෆයිඩ් ප්‍රොසෙස් ඔෆ් ජීන් රෙගියුලේෂන් චැලෙන්ජර්ස් ඇක්සෙප්ටඩ් සයන්ස්, රිසර්චර්ස් සේ". ඉන්සයිඩ් ස්ටැන්ෆර්ඩ් මෙඩිසීන් (ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයය) 9 (12). 
"https://si.wikipedia.org/w/index.php?title=රයිබොසෝම_ජීවජ්ජනනය&oldid=452587" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි