රබින්ද්‍රනාත් තාගෝර්

බෙංගාලි කවියා සහ දාර්ශනිකයා
(රබීන්ද්‍රනාථ් ඨාකූර් වෙතින් යළි-යොමු කරන ලදි)

ක්‍රි.ව. 1861 මැයි මස 7 වැනිදා ඉන්දියාවේ කල්කටා නගරයේ පොරසාන්ක්‌වේ ප්‍රදේශයේ දී රviන්ද්‍රනාත් තාගෝර් උපත ලැබීය. ඔහු බෙංගාලි ජාතිකයෙකි.පවුලේ දහහතර වැනියා ලෙස උපත ලැබූ "තාගොර්"පවුලේ කුඩාම දරුවා( බාලම ) දරුවා විය.මේ සමයේ භාරත දේශයේ පැවති කුල භේදය තාගෝර් ජීවිතයටද තදින්ම බල පෑ බව‌ කිව හැකිය.

රබින්ද්‍රනාත් තාගෝර්
Close-up on a Bengali word handwritten with angular, jaunty letters.
ලේඛන අන්වර්ත නාමයගුරුදේව්/බානුසිංහ
වෘත්තියPoet, writer, lecturer
ජාතිකත්වයIndian
වාර්ගිකත්වයBengali
ප්‍රභේදයPoet, novelist, short-story writer, essayist, playwright, thespian, educationist, spiritualist, philosopher, internationalist, painter, cultural relativist, orator, composer, song-writer, singer, artist
විෂයයන්Literature
සාහිත්‍යමය සංවිධානයBengal Renaissance
සංගණ්‍ය කෘතිය(න්)Gitanjali
Gora
Ghare-Baire
සංගණ්‍ය ප්‍රණාමය(න්)Nobel Prize in Literature
1913
කලත්‍රයා(යන්)Mrinalini Devi (1883–1900)


අත්සන

තාගෝර් කුඩා කාලයේදීම පෙම්බර මෑණියන් අභාවප්‍රාප්ත වීම ඔහුට බලවත් පහරක්‌ විය.ඔහුගේ පියා වූයේ දේවේන්ද්‍රනාත් තාගෝර් ය.තවද ඔහුගේ මුත්තණුවන් වූයේ ද්වාර්කනාත් තාගෝර්ය. ඔහුට මදකට හෝ සැනසීම ළඟා කර දුන් තම නෑනන්ඩියද 1884 දී පරලෝ සැපත් වූවාය.

1883 දී විවාහ වූ මේ කවියා 1900 වන විට දරුවන් පස්‌ දෙනකුගේ පියෙකි. ඒ වන විටත් තාගෝර් තම දේශයට බලවත් සේ ආදරය කරන්නට පටන් ගෙන තිබිණි. තම රටේ උරුමය රැකීමට ශාන්ති නිකේතන විද්‍යාපීඨය ආරම්භ කළ තාගෝර් එහි ප්‍රථම දේශනයේදීම කියා සිටියේ සියලු ආගම්වලට හා ජාතීන්ට ගරු කිරීම උසස්‌ ජාතික ගුණාංගයක්‌ බවය. ඒ වන විට මුලු ජාතියම පිළිගත් තාගෝර් කවියාට, ලෝකයේ සිටින ජනප්‍රිය හා ශ්‍රේෂ්ඨතම සාහිත්‍යකරුවාට පිරිනැමෙන වටිනාම ත්‍යාගය වන නොබෙල් ත්‍යාගයත් ලැබී තිබිණි. ඒ ඔහුගේ ගීතාංජලී කෘතිය වෙනුවෙනි. එම ත්‍යාගය 1913 නොවැම්බර් මාසයේදී තාගෝර් කවියාට පිරි නමනු ලැබීමෙන් එසේ ආසියාතිකයකුට පළමු වරට එම ත්‍යාගය හිමි විය.එවක පටන් ඔහු බෙංගාල මහා කවියා ලෙස ලොව පුරා ප්‍රසිද්ධ විය

තාගෝර් භාෂාවන් කිහිපයකින්ම කවි ලීවේය. නොබෙල් ත්‍යාගය දිනා ගැනීමත් සමගම 1913 දීම සාහිත්‍යාචාර්යවරයෙකු ලෙස කල්කටා විශ්වවිද්‍යාලයේ ගෞරවයට පත් වුණු එතුමා සිරිමත් රබීන්ද්‍රනාත් තාගෝර් යන නමින් 1915 දී නයිට්‌ පදවියකින් පුද ලැබුවේය.

1918 දී විශ්ව භාරතී නම් විශ්වවිද්‍යාලය ශාන්ති නිකේතනය තුළම ආරම්භ කරනු ලැබිණි. මෙම විශ්වවිද්‍යාලය දුප්පත්ම දරුවන්ගේ හැකියාවන් මතම බොහෝ විට ගොඩ නැගී තිබිණි.

1920-1921 අතර භාරත දේශයේ තැන් කිහිපයකම කැරැල්ලක්‌ හටගෙන තිබිණි. මෙහිදී බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරයාගේ අනු දැනුම මත කැරැල්ල මැඬලීම සඳහා යුද්ධ භටයින් යොදවා භාරත වැසියන් හය සියයක්‌ පමණ ප්‍රමාණයක් සංහාරය කරනු ලැබිණ. යුද්ධ නීතිය (මාෂල් ලෝ) යටතේ ජනතා නායකත්වය සහමුලින්ම මර්දනය කිරීමට යටත් විජිතවාදීන් සූදානම් වත්ම තාගෝර් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව තනියම භාරත ජනතාවට නායකත්වය දුන්නේය. තාගෝර්තුමා ලංකාවටද දෙවරක්‌ම පැමිණ ඇත.එතුමා විසින් 1934 මැයි මස 08වන දින හොරණ ශ්‍රීපාලි විද්‍යාලය සඳහා මුල්ගල තබන ලදී. 1941 අගෝස්‌තු 08 වැනිදා තාගෝර්තුමා අවසන් හුස්‌ම හෙළීය. එතුමා ලියූ පොත් කිහිපයක් පහත දැක්වේ.

    කෘති

  • කබි කහානි( කවියාගේ කතාව)(1878)
  • සන්ධ්‍යා සංගීත්(1882)
  • ප්‍රභාත් සංගීත්(1883)
  • ස්මරන්
  • මානසී(1890)
  • සොනාර් ටාර්(1894)
  • සාධනා(1913)
  • බලකා(1916)
  • තාගෝර්ගේ රන් පොත(1931)
  • කාව්‍ය

  • ගීතාංජලී(1912)
  • කථ ඕ කාහිනී
  • නෛවේද්‍ය(1901)
  • නාට්‍ය

  • සොබා දහමේ පළිගැනීම
  • භග්න හෘදය(1881)
  • තැපැල් කන්තෝරුව(1914)
  • අඳුරු කුටියේ රජතුමා(1914)

තාගෝර් එකල ගාන්ධි නම් ජාතික වීරයා " මොහු මහා ආත්මයක් ඇති කෙනෙක්.මහත්මා කෙනෙක් "යැයි කීවේය.එදා පටන් ගාන්ධි, මහත්මා ගාන්ධි නම් විය.

"https://si.wikipedia.org/w/index.php?title=රබින්ද්‍රනාත්_තාගෝර්&oldid=725890" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි