නොබෙල් ත්‍යාගය
නොබෙල් ත්‍යාගය ස්කැන්ඩිනේවියානු කමිටු විසින් විද්‍යාත්මක දියුණුවන් ඇගයීම උදෙසා වාර්ෂිකව පිරිනමනු ලබන ජාත්‍යන්තර සම්මානයකි. ඩයිනමයිට් සොයාගනු ලැබූ ස්වීඩන් ජාතික රසායනඥ ඇල්ෆ්‍රඩ් නොබෙල්(Alfred Nobel) ගේ අවසන් කැමැත්ත මත 1885දී නොබෙල් ත්‍යාගය පිහිටුවන ලදී. භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, කායික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය උදෙසා වූ ත්‍යාග ප්‍රථමයෙන් පිරිනමන ලද්දේ 1901 වසරේදීය.
නොබෙල් සාම ත්‍යාගය නොර්වේහි ඔස්ලෝ නුවරදීත් අනිකුත් ත්‍යාගයන් ස්වීඩනයේ ස්ටොක් හෝල්ම් නුවරදීත් ප්‍රදානය කරනු ලබයි.සෑම නොබෙල් ත්‍යාගයක්ම සලකනු ලබන්නේ අදාල ක්ෂේත්‍රයේ ගෞරවාන්විතම සම්මානය ලෙසිනි.
ස්වෙරිජස් රිස්ක්බෑන්ක්(Sveriges Riksbank ) මහ බැංකුව විසින් ආර්ථික විද්‍යාව සඳහා වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් අනුස්මරණ ස්වෙරිජස් රිස්ක්බෑන්ක් ත්‍යාගය 1968දී නොබෙල් ත්‍යාගයන්ට සමගාමීව පිහිටුවිනි.මෙහි පලමු ත්‍යාගය පිරිනැමුනේ 1969. එය නිල වශයෙන් නොබෙල් ත්‍යාගයක් සේ පිලි නොගැනුනද ඒ පිලිබඳව නිවේදනයන් සහ ත්‍යාග පිරිනැමීම සිදුකරනු ලබනේ අනිකුත් නොබෙල් ත්‍යාගයන්ට සමගාමීවය.
භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය කැරොලින්ස්කා ආයතනයෙහි(Karolinska Institutet) නොබෙල් සම්මේලනය මගින් පිරිනමනු ලැබේ.නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කරනු ලබන්නේ නොර්වේජියානු නොබෙල් කමිටුව මගිනි. සෑම සම්මානලභියෙකුම රන් පදක්කමක්, අධිකාර පත්‍රයක් හා නොබෙල් පදනමේ වාර්ෂික ආදායම මත පදනම් වන යම් මුදල් ප්‍රමාණයක්ද හිමිකර ගනී. 2011 වසරේදී එක ත්‍යාගයක වටිනාකම ස්වීඩ්න් ක්‍රෝනා මිලියන 10ක් විය. නොබෙල් ත්‍යාගය සඳහා මිග ගිය අයෙකු සුදුසුකම් නොලැබුවද යම් අයෙක් සම්මානය හිමි කරගෙන තිබියදී එය ප්‍රදානය කිරීමට පෙර මිය ගියහොත් එම ත්‍යාගය ඒ පුද්ගලයා වෙතම ප්‍රදානය කෙරේ. ත්‍යාගය පුද්ගලයින් තිදෙනෙකුට වඩා වැඩි ප්‍රමානයක් අතරේ බෙදාහරිනු නොලබයි. විසිවන සියවසවන විට එක් සම්මානයක් උදෙසා සම්මානලාභීන්ගේ සාමාන්‍ය අගය සැලකිය යුතු පරිදි ඉහල ගොස් ඇත.
ඇල්ෆ්‍රඩ් නොබෙල් 1833 ඔක්තෝබර් 21 දින ස්වීඩනයේ ස්ටොක් හෝල්ම නුවරදී ඉංජිනේරු පවුලක උපත ලබන ලදී.ඔහු රසායනඥයෙක්ද, ඉංජිනේරුවෙක්ද, නිමැවුම්කරුවෙක්ද විය. 1884දී බොෆෝර්ස් යකඩ සහ වානේ කම්හලක් මිලදීගත් නොබෙල් ප්‍රධාන යුද්ධෝපකරණ නිෂ්පාදකයෙකු බවට පත්විය.බැලිස්ටයිට්(ballistite,)සොයාගැනීමේ පුරෝගාමියා වන්නේ නොබෙල්ය. ඔහු කෝඩයිට් පේටන්ට් අයිතිය උල්ලංගනය කිරීම පිලිබඳ නඩුවක් සඳහාද සම්බන්ද විය. නොබෙල් සිය ජීවිත කාලය පුරාම මහත් ධනයක් එක් රැස් කලේය. ඔහුගේ ධනයෙන් විශාල ප්‍රමාණයක් උපයනු ලැබුවේ ඩයිනමයිට් ප්‍රධාන වූ ඔහුගේ නව නිර්මාණ 355නි.
1888දී ඇල්ෆ්‍රඩ් "මරණයේ වෙලෙන්දා මිය යයි" යන හිසින් ප්‍රංශ පුවත්පතක පළවූ ඔහුගේම මරණ දැන්වීම දැක පුදුමයට පත්විය. මියගොස් තිබුනේ ඔහුගේ සහෝදරයා වූ ලුඩ්විග්(Ludvig) වූ හෙයින් එය වසර 8කට පෙර සිදුකෙරුනු පූර්ව මරණ දැන්වීමක් විය. එම ලිපිය නොබෙල්ව කලබලයට පත්කල අතර මරණයෙන් පසුව ඔහුව මිනිසුන්ගේ සිත්හි රැඳෙන ආකාරය පිලිබඳව බියට පත්විය.මෙය ඔහුගේ අන්තිම කැමති පත්‍රය වෙනස් කිරීමට ඔහුව පෙලඹවීය. ඇල්ෆ්‍රඩ් නොබෙල් 1896 වසරේ දෙසැම්බර් 10වනදා ඉතාලියේ සැන් රෙමෝ හි ඔහුගේ නිවසේදී මස්තිෂ්ක රක්තපාතයෙන් මරණයට පත්විය. එවිට ඔහුගේ වයස අවු:63 කි.
බොහෝදෙනෙකුගේ මවිතයට හේතුවන පරිදි නොබෙල්ගේ අවසන් කැමති පත්‍රය කියා පෑවේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව,සාමය, කායික විද්‍යාව හෝ වෛද්‍ය සාහිත්‍ය අංශවලින් මානව වර්ගයාගේ ශුභ සිද්දිය උදෙසා කැපවූවන් වෙත ත්‍යාග මාලාවක් පිරිනැමීම සඳහා ඔහුගේ ධනය පරිත්‍යාග කරන බවය. නොබෙල් සිය ජීවිත කාලය තුලදී බොහෝ අවසන් කැමති පත්‍ර ලියන ලදී. ඔහු සිය අවසාන අවසන් කැමති පත්‍රය ලියන ලද්දේ ඔහු මිය යාමට වසරකට පෙර 1895 නොවැම්බර් 27 දින පැරීසියේ ස්වීඩන්-නෝර්වේජියානු සමාජ ශාලාවේදීය. නොබෙල් ත්‍යාග 5ක් පිහිටුවීම සඳහා ඔහු සිය සම්පූර්ණ වත්කමෙන් 94%ක්- ස්වීඩන් ක්‍රෝනා මිලියන 36ක් පරිත්‍යාග කරන ලදී. අවසාන කැමති පත්‍රය පිලිබඳව ඇතිවූ සැකය නිසා නෝර්වේ පාර්ලිමේන්තුව මගින් 1897 අප්‍රේල් 26 වනදා තක්වා එය අනුමත නොවිනි. නොබෙල්ගේ අවසාන කැමති පත්‍රයේ භාරකරුවන් වන රැග්නර් සොහ්ල්මන්(Ragnar Sohlman ) සහ රුඩොල්ෆ් ලිලිපෙකිස්ට්(Rudolf Lilljequist) විසින් නොබෙල්ගේ ධනය රැක බලාගැනීම සඳහාත් සම්මාන ප්‍රදානයන් සංවිධානය කිරීම සඳහාත් නොබෙල් පදනම පිහිටුවන ලදී.
නොබෙල්ගේ උපදෙස් අනුව සාම ත්‍යාගය පිරිනැමීම සඳහා නෝර්වීජියානු නොබෙල් කමිටුව පත්කෙරිනි. මේ සඳහා සාමාජිකයින් තෝරා ගැනීම අවසන් කැමති පත්‍රය අනුමත වීමත් සමගම 1897 අප්‍රේල් මාසයේදී සිදු කෙරිනි. ඉන්පසු අනිකුත් ත්‍යාග ප්‍රදාන කමිටුද පිහිටුවන ලදී. ඒ අනුව කැරොලින්ස්කා ආයතනය ජුනි 07 වනදාද, ස්වීඩ්න ඇකඩමිය ජුනි 09 වනදාද, විද්‍යාව පිලිබඳ වූ රාජකීය ස්වීඩන් ඇකඩමිය ජුනි 11 වනදාද පිහිටුව්නා ලදී.නොබෙල් පදනම සම්මාන ප්‍රදානය සිදුවිය යුතු ආකාරය පිලිබඳව එකඟතාවයකට පැමිනුණි. නෝර්වේ නොබෙල් කමිටුව සාම ත්‍යාගය පිලිබඳවත් ස්වීඩ්න් ආයතන අනිකුත් ත්‍යාග පිලිබඳවත් වගකීම දරයි.
නොබෙල් පදනම
සංස්කරණයනොබෙල් පදනම 1990 ජුනි 29 වනදා මූල්‍යමය සහ පරිපාලනය හැසිරවීම සඳහා පෞද්ගලික සංවිධානයක් ලෙස ස්තාපනය කෙරිනි. නොබෙල්ගේ අවසන් කැමති පත්‍රයට අනුව පළමු කාර්යය වූයේ නොබෙල් ඉතිරි කර ගිය ධනය පාලනය කිරීමයි. රොබර්ට් සහ ලුඩ්විග් නොබෙල් ඇසර්බය්ජන්හි තෙල් වෙලඳාමට සම්බන්ද විය. නොබෙල් පදනමේ තවත් වැදගත් කාර්යයක් වූයේ සම්මාන පිලිබඳව ජාත්‍යනතර අවදානය ඇති කිරීමත් ත්‍යාග පරිපාලනය විදිමත් කිරීමත්ය. සම්මානලාභීන් තෝරාගැනීම සම්බන්දයෙන් පදනම මැදිහත් වූයේ නැත. බොහෝ ආකාරයන්ගෙන් නොබෙල් පදනම ආයෝජන සමාගමකට සමාන වේ. ඒ අනුව ඔවුන් නොබෙල්ගේ මුදල් ශක්තිමත් මූල්‍ය පදනමක් ඇති කිරීම සඳහාත් ත්‍යාග සහ පරිපාලන කටයුතු සඳහාත් ආයෝජනය කෙරිණි. නොබෙල් පදනම ස්වීඩ්නයේ බදුවලින්ද(1946 සිටා එක්සත් රාජධානියේ බදුවලින්(1953 සිට )ද නිදහස් විය.1980 සිට පදනමේ ආයෝජනයන් වඩාත් ලාභදායී වී ඇති අතර 2007 දෙසැම්බර් 31 සිට නොබෙල් පදනම පාලනය කරනු ලබන මුදල් ප්‍රමාණය ස්වීඩන් ක්‍රෝනාර් බිලියන 3.628 කි.
නොබෙල්ගේ නීති රීතිවලට අනුව පදනම ස්වීඩන සහ නෝර්වීජියානු ජාතික පුද්ගලයින් 5දෙනෙකුගෙන් සමන්විත වේ. පදනමේ සභාපති ඇතුලු භාරකරුවන් විසින් තෝරා ගැනෙන සාමාජිකයින් 5 දෙනෙකු පත් කරනු ලැබුනේ ස්වීඩ්න් රජු සහිත කවුන්සිලය මගිනි. අධ්‍යක්ෂකවරයා තෝරා ගැනෙන්නේ කමිටු සාමාජිකයින් අතුරෙනි. සහය අධ්‍යක්ෂකවරයා රජු ඇතුලු කවුන්සිලය මගින්ද නියෝජිත්යඉන් දෙදෙනෙකු භාරකරුවන් මගින්ද පත් කෙරේ. කෙසේ වෙතත් 1995 සිට සියලු සාමාජිකයින් භාරකරුවන් විසින් තෝරා ගැනෙන අතර අධ්‍යක්ෂකවරයා සහ සහය අධ්‍යක්ෂකවරයා කමිටුව විසින්ම තෝරා පත්කර ගැනෙයි.
ප්‍රථම ත්‍යාගයන්
සංස්කරණයනොබෙල් පදනම සහ එහි කාර්යයන් තීරනය කිරීමෙන් අනතුරුව නොබෙල් කමිටුව විසින් සමාරම්භක ත්‍යාග උදෙසා නාම යෝජනා භාරගැනීම ආරම්භ කෙරිනි. දෙවනුව ඔවුන් ප්‍රාරම්බ අපේක්ෂකයින්ගේ ලැයිස්තුවක් සම්මාන ප්‍රදානය කරනු ලබන ආයතනයන් වෙත යවන ලදී. ආරම්භයේදී ජෝර්ගන් ලෝව්ලන්ඩ්(Jørgen Løvland), බිජෝන්ස්ටිජර්න් බිජෝන්සන්( Bjørnstjerne Bjørnson) සහ ජොහැන්නස් ස්ටීන්( Bjørnstjerne Bjørnson) යන ප්‍රකට පුද්ගලයින් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කරන ලදී. සාමය සඳහා පියනගන 19වන සියවසේ අග භාගයේදී සාම ත්‍යාගය පිරිනැමුනේ පරසිඳු චරිත දෙකක් වූ අන්තර් පාර්ලිමේන්තුව පිහිටුවීමේ සම ප්‍රාරම්භකයෙකු වූ ෆෙඩ්‍රික් පැසීටත් (Frédéric Passy) ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ පුරෝගාමියා වූ හෙන්රි ඩූනට්ටත්(Henry Dunant) ය.
නොබෙල් කමිටුවේ භෞතික විද්‍යාව ත්‍යාගය සඳහා යෝජිත ලැයිස්තුවේ එක්ස්-රේ කිරණ සොයාගැනීම නිසා විල්හෙල්ම් කොන්රඩ් රෝන්ට්ජන්ගේත්( Wilhelm Conrad Röntgen) කැතෝඩ කිරණ සොයාගැනීම නිසා පිලිප් ලෙනාර්ඩ්ගේ(Philipp Lenard) නමත් ඇතුලත් විය. විද්‍යාව පිලිබඳ රාජකීය ඇකඩමිය එම ත්‍යාගය සඳහා රෝන්ට්ජන්( Röntgen) තෝරා ගන්නා ලදී. 19වන සියවස අග භාගයේදී බොහෝ රසායනඥයින් අගය කලයුතු දායකත්වයක් එම ක්ෂේත්‍රය වෙනුවෙන් ලබාදෙන ලදී. එනිසා රසායන විද්‍යාව ත්‍යාගය පිරිනැමිය යුත්තේ කාටදැයි යන ගැටලුවට මුහුණ දීමට ඇකඩමියට සිදුවිය. ඇකඩමියට නාම යෝජනා 20ක් ලැබුන අතර ඉන් 11ක්ම ජේකොබ්ස් වැන් හොල්ෆ් (Jacobus van't Hoff.) උදෙසා වෙන්විය. ඔහු රසායන තාප ප්‍රගති විද්‍යාව උදෙසා දැක්වූ දායකත්වයට පලමු රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමි කර ගත්තේය.
ස්වීඩ්න් ඇකඩමිය පලමු නොබෙල් සාහිත්‍ය සම්මානය උදෙසා සලී පෘඩොම්මේ(Sully Prudhomme ) කවියා තෝරා ගැනින. ස්වීඩන් ලේඛකයින්, කලාකරුවන් සහ සාහිත්‍ය විචාරකයින් 42දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමක් මෙම තීරනය උදෙසා විරෝදය පල කරන්නට වූයේ ලියෝ ටෝල්ස්ටෝයිට(Leo Tolstoy ) ජයග්‍රහණය ලබා දෙතැයි යන අපේක්ෂාවෙනි. බර්ට්න් ෆෙඩ්ල්මෑන්(Burton Feldman) ඇතුලු පිරිසක් මෙම සම්මානය විවේචනය කලේ පෘඩොම්මේ අශිෂ්ට කවියෙකු ලෙස සලකමිනි. ෆෙඩ්ල්මෑන් ගේ විග්‍රහය වූයේ කමිටු සාමාජිකයින් බහුතරය වික්ටෝරියානු සාහිත්‍යා ප්‍රියකල බැවින් වික්ටෝරියානු කවියෙකුට සම්මානය හිමිවූ බවයි. ප්‍රතම කායික විද්‍යා/ වෛද්‍ය විද්‍යා ත්‍යාගය ජර්මානු කායික වෛද්‍ය හා ක්ෂුද්‍ර ජීව විද්‍යා වෛද්‍ය එමිල් වොන් බෙහ්රින්ග්ටයි(Emil von Behring.).1890 සමයේදී ඔහු දහස් ගනනකට මරු කැඳවූ ඩිප්තීරියා රෝගය සඳහා ප්‍රතිජීවකයක් නිපදවන ලදී.
දෙවන ලෝක යුද්ධය
සංස්කරණය1938 දී සහ 1939 දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මානු අධිරාජ්‍යයේ සම්මාන ලාභීන් තිදෙනෙකුට (රිචර්ඩ් කූන්(Richard Kuhn), ඇඩොල්ෆ් ෆ්‍රෙඩ්‍රිච් ජොහාන් බියුට්නන්ඩ්ට්( Adolf Friedrich Johann Butenandt) සහ ගර්හර්ඩ් ඩොමැග්ක්(Gerhard Domagk) )සම්මානය පිලිගැනීම තහනම් කෙරිනි.ඔවුන් පසුව අධිකාර පත්‍රය සහ පදක්කම ලබා ගැන්මට සමත්විය. දෙවන ලෝක යුද්ධ සමයේ ස්වීඩනය ඊට මැදිහත් නොවූවද සම්මාන ප්‍රදානය සිදුවූයේ අක්‍රමවත් ලෙසිනි. 1939දී සාම ත්‍යාගය පිරි නොනැමිනි. ජර්මනිය නෝර්වේ යටත් කර ගැනීම නිසා 1940 සිට 1942 දක්වා කාලය තුල කිසිදු සම්මානයක් ප්‍රදානය නොවුනි. ඉන් පසු වසරේ සාම ත්‍යාගය සහ සාහිත්‍ය ත්‍යාගය හැරුනු කල අනිකුත් ත්‍යාග ප්‍රදානය කෙරුනි.
නෝර්වේ යටත් කරගත් කාලයේදී කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු රටෙන් නෙරපා දමන ලදී. ඉතිරි සාමාජිකයින් නාසීන්ගෙන් වද හිංසා ලැබීමෙන් වැලකුනේ නොබෙල් පදනම මගින් ඔස්ලෝ නුවර කමිටු ගොඩනැගිල්ල ස්වීඩ්න් දේපොලක් බව ප්‍රකාශ කිරීමෙනි. ස්වීඩනය සමග යුද්ධයක් නොතිබූ බැවින් එය ජර්මානු හමුදාවන්ගෙන් ආරක්ශා විනි. මෙම සාමාජිකයින් කමිටුවේ කමිටුවේ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කලමුත් කිසිදු ත්‍යාගයක් ප්‍රදානය නොවුනි. 1944 දී පිටුවහල් කල සාමාජිකයින් තෙදෙනාත් ඇතුලුව සාම ත්‍යාගය පිරිනැමීමට නාම යෝජනා කැඳවන ලදී.
ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය
සංස්කරණය1968 දී ස්වෙරිප්ස් රිස්ක් බැංකුව විසින් 300 වන සංවත්සරය සැමරුවේ ප්‍රණාමයක් ලෙස විශාල මුදල් ප්‍රමාණයක් නොබෙල් පදනමට ලබා දීමෙනි. මින් පසු වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයක් ප්‍රථම වරට පිරිනමන ලදි. විද්‍යාව පිළිබද රෝයල් ස්ටිවන් ඇකඩමිය විසින් සම්මාන ලාභීන් තෝරන ලදි. මෙලස ජෑන් ටින්බර්ගන් හා රැක්නර් හ්‍රිරිස්චි විසින් ආර්ථික විද්‍යාවේ ක්‍රියාවලිය විශ්ලේශනය කිරීමට ගතික ආදර්ශ සොයා ගැනීම සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලදහ. එය නොබෙල් ත්‍යාගයක් නොවූවද එය ප්‍රදානය කරනු ලබන්නේ අනෙක් සම්මාන සමඟිනි. නාම නිවේදනයද අනෙකුත් සම්මාන ලාභීන්ගේ නම් සමඟම සිදු කරන අතර පිරිනැමීමද ස්වීඩන් ප්‍රදානෝත්සවයේදීම සිදු කරනු ලැබේ. මින් සමඟම නොබෙල් කමිටුව තවත් නව ත්‍යාග පිරිනැමීම සිදු නොකීරීමට තීරණය කරන ලදි.
සම්මාන ප්‍රදාන ක්‍රියාපටිපාටිය
සංස්කරණයසම්මාන ප්‍රදාන ක්‍රියාපටිපාටිය සියළුම නොබෙල් ත්‍යාග සඳහා සමාන වේ. ප්‍රධාන වෙනස වන්නේ එක් එක් යෝජනා සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට ආඑති අයිතියේ ඇති වෙනසයි.
නාම යෝජනා
සංස්කරණයනොබෙල් කමිටුව විසින් සැප්තැම්බර් මස 3000 ක් පමණ පුද්ගලයින් වෙත නාමයෝජනා පත් යවනු ලබයි. මෙම පුද්ගලයින් බොහෝ විට අදාල ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීයව ක්‍රියාකාරී පුද්ගලයින් වේ. සාම ත්‍යාගය උදෙසා, රාජ්‍යන්ට, ජ්‍යාත්යන්තර අධිකරණ සාමාජිකයන්ට, මහාචාර්යවරුන්ට, ප්‍රධාන දේවගැතිවරුන්ට, පූර්ව සාම ත්‍යාග ලාභීන්ට සහ නෝර්වේ නොබෙල් කමිටුවේ වත්මන් හා පැරණි සාමාජිකයන්ට නාමයෝජනා යවනු ලබයි. නාම යෝජනා පත් භාර දීමේ අවසන් දිනය වන්නේ සම්මාන ප්‍රදානය කරන වසරේ ජනවාරි 31 වේ. නොබෙල් කමිටුව සලකා බැලිය හැකි නාම 300ක් පමණ ඒ අතරින් තෝරා ගනු ලබයි. නාම යෝජනා වූවන්ගේ නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට ප්‍රකාශයට පත් කිරීම හෝ ඔව්න් යෝජිත බව ඔවුට දැනුම් දීම මින් සිදු නෙකෙරේ. නාමයෝජනා ත්‍යාග ප්‍රධානයෙන් පසු වසර 50 දක්වා සීල් තබනු ලැබේ.
තෝරාගැන්ම
සංස්කරණයනොබෙල් කමිටුව විසින් අදාල ක්ෂේට්ත්‍රයන්ගේ ප්‍රවීණයන්ගේ උපදෙස් මත වාර්තාවක් පිළියෙල කරනු ලබයි. මෙය අපේක්ෂයන්ගේ නම් ලයිස්තුව සමඟ ත්‍යාග ප්‍රධානය කරන ආයතන වෙත යවනු ලබයි. එම ආයතනයන් සම්මාන ලාභීයා හෝ සම්මාන ලාභීන් බහුතර ඡන්දයෙන් තෝරා ගැනීම සඳහා එක් රැස් වෙයි. නැවත සලකා බැලිය නොහැකි ඔවුන්ගේ තීරණය ඡන්දය අවසන් වූ විගසම නිවේදනය කරනු ලබයි. එක් සම්මානයක් සඳහා උපරිම ලෙස සම්මාන ලාභීන් තිදෙනෙකු තෝරා ගනු ලබයි. යම් ආයතනයකය පිරිනැමිය හැකි ත්‍යාග හැරුනු විට අනෙකුත් සම්මාන ලබා දිය හැක්කේ පුද්ගලයින්ට පමණි. යම් හෙයකින් සාම ත්‍යාගය නොදෙන්නේනම් අදාල මුදල අනෙකුත් සම්මාන අතරේ බෙදී යයි. මෙය 19 වරක් සිදුවී ඇත.
මරණයෙන් පසුව සිදු කරන නාමයෝජනා
සංස්කරණයමරණයෙන් පසුව සිදු කෙරෙන නාමයෝජනා සඳහා ඉඩ නොලැබුණද නාමයෝජනා වූ කාලය තුළ මියයන අය සම්මානය සඳහා සුදුසුකම් ලබයි. මෙය දෙවරක් සිදු වී ඇත. 1931 දී සාහිත්‍ය ත්‍යාගය එරික් ඇක්සල් කාර්ල්ෆෙල්ඩ්ටත් 1961 දී සාම ත්‍යාගය එක්සත් ජාතීනේ සංවිධානයේ ලේඛම් ජනරාර් ඩෑග් හැමර්ස්ක්ජෝල්ඩ් හටත් මරණයෙන් පසුව සම්මාන පුදකිරීම සිදු විය. 1974 සිට ඔක්තෝම්බර් මාසයේ ප්‍රකාශය සිදි කරන විට සම්මාන ලාභීන් ජීවතුන් අතර සිටිය යුතු බව තීරණය වී ඇත. විලියම් විකරි සම්මානය ප්‍රකාශය පත් කිරීමෙන් පසුව සම්මානය ලබා ගැනීමට පෙට මරණයට පත් වූ අයෙකි. 2011 ඔක්තෝම්බර් 03 දින කායික හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ත්‍යාගය රැල්ෆ්. එම්. ස්ටීන්මෑන් හට ලබා දීම පිළිබඳ ප්‍රකාශය එළි දැක්වින. නමුත් ඔහු එයට වසට තුනකට පෙර මියගොස් සිටි බව ඔවුන් දැන නොසිටියහ. පසුව ඔවුන් සාකච්චා කර මරණයෙන් පසු නාමයෝජනා ඉදිරිපත් නොකලඳ ඔහුගේ ත්‍යාගය වෙනස් නොකිරීමට තීරණය කරන ලදි.
හදූනා ගැනීමට ගතවන කාල පමාව
සංස්කරණයනොබෙල්ගේ අවසන් කැමති පත්‍රයට අනුවපෙර සම්මානය පිරිනැමුනේ නව සොයාගැනීම් උදෙසාය. කෙසේ උවත් පසුව මෙම පූර්ව සොයාගැනීම් පසුව අපකීර්තියට පත් විය. ජොහැන්නස් නයිබිගර් 1926 දී සාවද්‍ය පිළිකා කාරකයක් සොයා ගැනීම පෙනුවෙන් කායික විද්‍යා හෝ වෛද්‍ය විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද්දේය. මෙවන් දුශ්කර අවස්තා මඟ හැරිමට සම්මානය සදහා නිර්දේශ වන්නෙ පරීක්ෂක කාලය සමත් වූ සොයාගැනීම් පම්ණි. කායික විද්‍යා කා වෛද්‍ය විද්‍යා නොබෙල් කමිටුවේ හිටපු සභාපති රැල්ෆ් පීටර්සන්ට අනුව මිණුම් දණ්ඩ - පූර්ව වර්ශය - නොබෙල් කමිටුව විසින් පරිවර්තනය කරනු ලැබුවේ - නව සොයාගැනීමේ පැහැදිලි/ප්‍රත්‍යක්ෂ බලපෑම ලැබෙන වර්ෂය ලෙසිනි.
සාහිත්‍ය ත්‍යාගය සාමාන්‍යයෙන් පිරිනමනු ලබන්නේ ජීවිත කාලයක් පුරා සිදුකෙරුනු නිර්මාණයන් අගය කිරීමක් වශයෙනි. සාම ත්‍යාගයද පිරිනමනු ලබන්නේ ජීවිත කාලයක් පුරාවට සුදුකළ කාර්යයන් අගය කිරීමක් ලෙසිනි. 2008 මාර්ටි අහ්මිසාරි ජ්‍යාත්යන්තර අර්බූධ විසදීමට ගත් උත්සාහය උදෙසා සම්මානයට පාත්‍ර වීම මෙයට උදාහරණයකි. නමුත් මෑත කාලීන සිදුවීම් උදෙසාද සම්මානයට පාත්‍ර විය හැකියි. උදාහරණයක් ලෙස කොෆි අනන් 2001 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේඛම් ජනරාල් ධූරය ලැබීමන් වසර 4කට පසුව වේ. එයට සමානව යසර් අර්ෆත්, යීස්තක් රාබින් හා ශිමොන් පියර්ස් 1999 දී සාම ත්‍යාගය ලැබුවේ ඔස්ලෝ සම්මුතිය සාර්තකව අවසන් කර වසරකට පසුව වේ.
නොබෙල්ගේ අවසන් කැමති පත්‍රයේ, සම්මාන ප්‍රදානය විය යුත්තේ ඉන් පෙර වර්ෂයේ සිදුවූවක් සඳහා විය යුතු බව සදහන් වූවත් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව සඳහා සම්මානයන් පිරිනමනු ලබන්නේ අඳාල සොයාගැනීම පුළුල්ව පිළිගැනීමකට ලක්වූ පසුව වේ. මෙයට ඇතැම් විට දශකයක් ගත විය හැකිය. උදාහරණයක් ලෙස සුබ්‍රමණියම් 1983 සම්මාන ලැබුවේ 1930 දී තාරකා ව්‍යූහ පරිණාමට පිළිබඳ පර්යේශනයන් සඳහා වේ. සියළුම විද්වතුන් ඔවුන්ගේ සොයාගැනීම් පිළිගැනීමට ලක් වන තෙක් ජීවත් නොවෙති. ඇතැම් සොයාගැනීම් සම්මාන සඳහා සලකා බැලීමට ලක් කළ නොහැකේ ඒවා සොයාගත් පුද්ගලයින් මිය ගොස් සිටින බැවිනි.
සම්මාන ප්‍රදානෝත්සවයන්
සංස්කරණයසාම ත්‍යාගය හැරුණු කොට සෙසු නොබෙල් ත්‍යාග පිරිනැමීම සිදු කරනු ලබන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් නුවරදී නොබෙල්ගේ මරණයේ සංවත්සර දිනය වන දෙසැම්බර් 10 වන දිනයි. සම්මානලාභීන්ගේ දේශන පැවැත්වීම සම්මාන ප්‍රදානෝත්සවයට පෙර දින පැවැත්වේ. සාම ත්‍යාගය සහ එය ලබන්නන්ගේ දේශනය නෝර්වේහී ඔස්ලෝ නුවර දෙසැම්බර් 10 වන දින වාර්ශික ප්‍රදානෝත්සවයේදී පැවැත්වේ. සම්මාන උළෙල හා ඊට සමගාමී භෝජන සංග්‍රහයක් ඉතා වැදගත් ජ්‍යාත්යන්තර සිදුවීම් ලෙස සලකනු ලැබේ. ස්වීඩන් උත්සවයේ සම්මාන පිරිනැමීම ස්ටොක්හෝල්හී උත්සව ශාලාවේත් භෝජන සංග්‍රහය ස්ටොක්හෝල් නුවර් ශාලාවේ පැවැත්වේ. නොබෙල් සාම ත්‍යාග උළෙල නෝර්වීජියානු නොබෙල් ආයතනයේ (1905-1946), ඔස්ලෝ විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ (1947-1989) සහ ඔස්ලෝ නගර ශාලාවේදී (1990 -) පැවැත්වේ.
ස්ටොක්හෝම් නුවර නොබෙල් උත්සවයේ උච්චතම අවස්ථාව වන්නේ ස්වීඩනයේ රජු අතින් නොබෙල් සම්මානලාභීන් සිය සම්මාන ලබා ගැනීමට ඉදිරියට පැමිණෙන අවස්ථාවයි. ඔස්ලෝහීදී නෝර්වේ රජු ඉදිරිපිට නෝර්වීජියානු නොබෙල් කමිටුවේ සභාපති වරයා විසින් සම්මානය පුද කරනු ලබයි. 1902 සිට ස්ටොක්හෝම්හීදී රජු විසින් සාම ත්‍යාගය හැරුනු විට අනෙක් ත්‍යාග පිරිනමනු ලබයි. ප්‍රථමයෙන්ම දෙවන ඔස්කාර් රජු විදේශිකයන්ට සම්මාන පිරිනැමීම අනුමත නොකළද නමුත් ඒ සමඟ ඉන් ස්වීඩනයට ලැබෙන ප්‍රසිද්ධිය වටහා ගැනීමෙන් ඔහුගේ මතය වෙනස් විය.
නොබෙල් භෝජන සංග්‍රහය
සංස්කරණයස්වීඩනයේ සම්මාන ප්‍රධානෝත්සවයෙන් පසුව ස්ටොක්හෝල්ම් නුවර් ශාලාවේදී ස්වීඩන් රජ පවුල හා 1300 පමණ වන අමුත්තන් සහභාගී වන භෝජන සංග්‍රහයක් පැවැත්වේ. මෙය රාත්‍රී ආහාරය, විනෝදාත්මක අංග හා නර්ථනයකින් සමන්විත වන අතර දේශීය හා විදේශීය මාධ්‍ය රාශියකින් ආවරණය කරනු ලබයි. 1930ට පෙර මෙය පැවැත්වූයේ ස්ටොක්හෝම් ග්‍රෑන්ස් හෝටලයේ උත්සව ශාලාවේ වේ.
නොබෙල් සාම ත්‍යාගය සඳහා භෝජන සංග්‍රහය ඔස්ලෝ ග්‍රෑන්ඩ් හෝටලයේ සම්මාන උළෙලින් පසුව පැවැත්වේ. ඊට සම්මානලාභීන්, නෝර්වේ අගමැති, නෝර්වේ රජු හා රැජින සහභාගී වේ. අමුත්තන් 250ක් සහභාගී වන මෙහිදී ආහාර පටිපාටීන් 5කින් අමුත්තන් සංග්‍රහ ලබයි. ප්‍රථම වතාවට 1979 ඔස්ලෝ නුවරදී පවත්වන්නට යෙදුන භෝජන සංග්‍රහය තෙරේසා ම්ව්තුමිය එයට වැය වන මුදල් දුප්පත් ජනයාට දීම වඩාත් සුදුසු යැයි පවසමින් එයට සහභාගී වීමෙන් වැළකුණු නිසා ප්‍රථම වතාවට 1979 දී භෝජන සංග්‍රහය අවලංගු කරන ලදි. ඇය ඒ සදහා වෙන් කෙරුනු ඩොලර් 7000ක මුදල නත්තල් දිනයේදී නිවාස නොමැති 2000ක පුද්ගලයින් උදෙසා රාත්‍රී ආහාරය ලබා දීමට වැය කළාය.
නොබෙල් දේශන
සංස්කරණයනොබෙල් පදනමේ නීතියට අනුව සෑම සම්මානලාභියෙක්ම තම සම්මානයට අදාල විශය පිළිබඳව දේශනයක් කළ යුතුය. මෙම දේශන නොබෙල් සතියේදී පැවැත්වේ. (නොබෙල් සම්මානලාභීන් ස්ටොක්හෝම් නුවරට පැමිණිමෙන් ඇරඹෙන මෙම සතිය භෝජන සංග්‍රහයෙන් අවසන් වේ) නමුත් මෙය අනිවාර්ය නොවේ සම්මානලාභීන් බැඳි සිටින්නෙ සම්මානය ලැබීමෙන් පසුව මසක් ඇතුලත දේශනය පැවැත්වීමටයි. ඇතැම් දේශන ලැබීමෙන් ඊට පසුවත් පැවැත්වී ඇත. උදාහරණයක් ලෙස 1906 දී සාම ත්‍යාගය දිනූ ඇමරිකානු ජනාධිපති තියඩෝර් රූස්ට්වෙල් සිය දේශනය පැවැත්වූයේ 1910 දී තම ධුර කාලය අවසන් වීමෙන් පසුව වේ. මෙම දේශන සංවිධානය කරනු ලබන්නේ සම්මානලාභීන් තෝරා ගන්නා ආයතන විසින්ම් වේ.
ත්‍යාග
සංස්කරණයපදක්කම්
සංස්කරණයනොබෙල් ත්‍යාග පදක්කම් 1902 සිට නිර්මාණ කරන ලද්දේ ස්වීඩනයේ මින්වර්කට්t(Myntverket) හා නෝර්වේ මඟිනි. එතැන් පටන් එය නොබෙල් පදනමේ වෙළඳ ලකුණ ලෙස ලියාපදිංචි වී ඇත. සෑම පදක්කමක් මතම වම් කෙලවරේ නොබෙල්ගේ ඡායාරූපයක් ඇත. භෞතික විද්‍යාව, කායික විද්‍යා හෝ වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව හා සාහිත්‍ය උදෙසා වන සම්මාන සඳහා පිදෙන පදක්කම් වල ඔහුගේ ඡායා රූපයක් හා ඔහුගේ උපත හා විපත සිදුවූ වර්ෂයන් සඳහන් වූ සමාන මුහුණත් ඇත. නොබෙල්ගේ රූපයක් සාම ත්‍යාග පදක්කමේත්, ආර්ථික විද්‍යා පදක්කමේත් අනිකුත් ඒවායින් තරමක් වෙනස් නිර්මාණ සමඟ සමන්විත වේ.
1980ට පෙර පදක්කම් නිර්මාණය වූයේ කැරට් 23 රන් වලිනි. නමුත් ඉන් පසුව එය නිර්මාණය කරන ලද්දේ කැරට් 18 මිශ්‍ර රන් වලින් හා කැරට් 24 රන් ආලේප කිරීමෙනි. එක් එක් පදක්කමේ බර රන් ප්‍රමාණයන් සමඟ වෙනස් වන අතර සාමාන්‍ය බර ග්‍රෑම් 175ක් පමණ වේ. විශ්කම්භය මිලි මීටර් 66 ක් වන අතර මිලි මීටර් 2.4 ක් පමණ පළල් වේ. ඒවායේ රන් පරිමාව හේතුවෙන් මේවා සොරකම් කිරීම් වලට ලක් වීමේ සම්භාවිතාවට ඉහළ වේ. දෙවන ලෝක යුධ සමයේ ජර්මානු විද්වතුන් වන මැක්ස් වොන් ලුවී(Max von Laue ) හා ජේම්ස් ෆ්‍රෑන්ක්(James Franck) විසින් සිය පදක්කම් සැඟවීම පිණිස කොපෙන්හේගන් වලට යන ලදි. ජර්මනිය ඩෙන්මාර්කය ආක්‍රමණය කළ විට රසායන විද්‍යාඥ ජෝර්ජ් ද හෙවසි(George de Hevesy)නාසි ජර්මනිය ඒවා රාජ සංතක කිරීම වැලැක්වීමට එය රසායන මිශ්‍රණයක සඟවන ලදි.යුද්ධයට පසු ඒවා නැවත සකස් කරන ලදි.
අධිකාර පත්‍රය
සංස්කරණයනොබෙල් සම්මාන ලාභීන් ස්වීඩන් රජුගෙන් හෝ නෝර්වීජියානු නොබෙල් කමිටු සභාපතිගෙන් අධිකාර පත්‍රයක් ලබා ගනයි. විශයට අදාල සම්මාන ප්‍රදාන ආයතන විසින් විශේෂයෙන්ම සම්මාන ලාභීන් උදෙසා නිර්මාණය කරනු ලබයි. එහි පින්තූරයක් හා එම සම්මාන ලාභියා එම සම්මානය ලැබීමට හේතු කාරකය සඳහන් වන වගන්තියක් ඇතුලත් වේ. එබදු උපුටා දැක්වීම්ක් කිසිදු සාම ත්‍යාග ලාභියෙකුගේම අධිකාර පත්‍රයේ ඇතුලත් නොවේ.
ත්‍යාග මුදල
සංස්කරණයසම්මාන ලාභීන් ඔවුන්ගේ සම්මාන ලබන විට ඔවුන්ට ප්‍රදානය කෙරෙන මුදල් ප්‍රමාණය ඇතුලත් ලේඛණයක් ප්‍රදානය කෙරේ. මෙහි ප්‍රමාණය එම වසරේ නොබෙල් පදනමට ප්‍රදානයල කළ හැකි මුදල් ප්‍රමාණය මත රඳා පවතී. මෙම මුදල් ප්‍රමාණය 1980 සිට වැඩි වී ඇත. 2009 දී මූල්‍යමය ත්‍යාගය ස්වීඩන් ක්‍රොන් මිලියන 10ක් විය. සම්මානයට දෙදෙනෙකු හිමිකම් කියයි නම් එම ත්‍යාග මුදල දෙදෙනා අතරේ සමව බෙදීයයි. තිදෙනෙකුනම් මුදල සමානව බෙදීමට හෝ එක් අයෙකුට අඩක් හා අනෙක් දෙදෙනාට අනෙක් අඩ සමව බෙදා දීමටත් සම්මාන ප්‍රදාන කමිටුවට බලය ඇත. ත්‍යාග ලාභීන් සිය මුදල් ත්‍යාග විද්‍යාවේ, සාහිත්‍යයේ හා මානවවදයේ සුබ සිද්ධිය උදෙසා පරිත්‍යාග කිරීම සුලබව සිදු වේ.
මතභේදයන් හා විවේචන
සංස්කරණයමතභේදයන්ට ලක්වන කාරණා
සංස්කරණයනොබෙල් තේරීම් කමිටුවට වැඩි වශයෙන් එල්ල වන චෝදනා වන්නේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව කියාත්මක වීම හා නෙබෙල් ත්‍යාගය සැබවින්ම හිමි විය යුතු පුද්ගලයන් නොතකා හැරීම යන කාරණා මත වේ. එමෙන්ම සාහිත්‍ය සදහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමීමේදී යුරෝපීය කේන්ද්‍රගත වීමක් ඔවුන් අනුගමනය කරයි යනුවෙන් තවත් චෝදනාවක් ඔවුන්ට එල්ල වේ.
සාමය සදහා වන නොබෙල් ත්‍යාගය
සංස්කරණය- නොබෙල් ත්‍යාගයන් අතරින් වඩාත්ම විවේචනයට බදුන් වු නොබෙල් ත්‍යාගය වන්නෙ හෙන්රි කිසින්ගර් (Henry Kissinger) සහ ලී ඩක් තෝ (Lê Ðức Thọ) යන දෙදෙනාට පිරිනැමුණු නොබෙල් ත්‍යාගය වේ. ඔවුන් පසුව එම ත්‍යාගය ප්‍රතික්ෂේප කලහ. මෙමගින් ඇතිවු මතභේදය එවකට නොබෙල් කොමිටුවේ උන් නෝර්වීජියානු සාමාජිකයන් දෙදෙනෙක් විරුද්ධත්වය දැක්වීමක් ලෙස ඉල්ලා අස්වීමටද හේතු විය. උතුරු වියට්නාමය හා ඇමරිකා එක්සත් ජනපදය අතර තාවකාලික සාමයක් ඇතිකිරීමට මුල් වීම යන කාරණය මත හෙන්රි හා තෝ යන දෙදෙනාට 1973 වර්ශයේ ජනවාරි මස නොබෙල් ත්‍යාගය පිරිනැමුනි. නමුත් මෙම ත්‍යාගය ඔවුන්ට ලබා දීම පිළිබද නිවේදනය නිකුත් වන විටත් එම රටවල් අතර යුධ සටන් නොකඩවා පැවතුනි. විචාරකයන් විශාල ප්‍රමාණයක් කිසින්ගර් සාමය ඇති කරන්නෙක් නොව සාමය කඩ කරන්නෙක් ලෙසත් වියට්නාම් යුද්ධය තවත් පුලුල්ව ව්‍යාප්ත කිරීමටත් හේතු වුවෙක් ලෙස ප්‍රකාශ කරති.
ඊශ්‍රායලය හා පලස්තීනය අතර සාමය ඇති කිරීමට දායක වීම යන කාරණය සහ මත යසර් අර්ෆත් (Yasser Arafat), ශිමොන් පෙරෙස්(Shimon Peres) සහ යිස්ට්සාක් රේබින්(Yitzhak Rabin) යන අයට 1994 වසරේදී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුනි. නමුත් ඒ හා සම්බන්ඳව පැවති ගැටළු ගණනාවකට විසඳුම් ලැබුනේ නැත. ප්‍රධාන වශයෙන් ඔවුන් විසින් අවසාන විසධුමකට එළඹ නොසිටීම හා පලස්තීන සරණාගතයින්ගේ තත්වය පිළිඹඳව සලකා නොතිබීම මින් ප්‍රධාන වේ. නොබෙල් ත්‍යාගය පිරිනැමීම සඳහා නිවේදනය නිකුත් කළ විට නොබෙල් කොමිටුවේ සාමාජිකයන් පස් දෙනෙකු විසින් අර්ෆත් ත්‍රස්තවාදියෙකු ලෙස හා ඔහු යටත් විය යුතු බවට ප්‍රසිද්ධියේ චෝදනා කලහ. මීට අමතර්ව අර්ෆත් පිළිබඳව තවත් සැක සහිත කරුණු විවිධ පුවත් පත් හරහා ප්‍රස්ද්ධියට පත් විය.
තවත් මතභේදයට තුඩු දුන් නොබෙල් ත්‍යාගයක් වන්නේ 2009 වසරේදී බැරැක් ඔබාමාට ලබා දුන් නොබෙල් සාම ත්‍යාගයයි. මෙම ත්‍යාගය සඳහා බැරක් ඔබාමා නිර්දේශ වන විට ඔහු ජනාධිපති ලෙස පත් වී දින 11ක් පමණි. නමුත් සත්‍ය වශයෙන් නිර්ණය කිරීම සිදුවූයේ ඉන් පසු මාස 11ක කාලය තුළ වේ. ඔබාමා විසින් තමන් එම ත්‍යාගයට හිමි කම් කීමට සුඩුසු නැති බව හා ඔවුන් විසින් තමන්ව ඒ සදහා තෝරා නොගත යුතු බව ප්‍රකාශ කලේය. මින් පෙර සාම ත්‍යාගය ලබා ගත් පුද්ගලයන් කොටස් දෙකට බෙදුනු අතර කොටසක් ඔහු එයට සුදුසු නොවන බවත් අනෙක් පිරිස ඔබාමා විසින් ඔහුගේ ත්‍යාගය ටවමත් උපයාගෙන නොමැති බවත් ප්‍රකාශ කලහ. ඒ අතරින් ජිමී කාටර් (Jimmy Carter) හා අල් ගෝර් (Al Gore) වාමාංගික නැමියාව පිළිඹඳ චෝදනාවත් මතු කලහ.
සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය
සංස්කරණය2004 වසරේදී එල්ෆ්‍රෙඩෙ ජෙලිනෙක් (Elfriede Jelinek) සඳහා පිරිනමන ලද සාහිත්‍ය ත්‍යාගය නිසාවෙන් ස්වීඩන ඇකඩමියේ සාමාජිකයෙක් වන කාන්ට් අන්ලන්ඩ් (Knut Ahnlund) විරෝදය දැක්වීමක් ලෙස ඉල්ලා අස් වීමට හේතු විය. මෙලෙස ඉල්ලා අස් වෙමින් ඔහු දක්වා සිටියේ මෙලෙස ජෙලිනෙක්ට ත්‍යාගය පිරිනැමීම සියලු ප්‍රගතිශීලී බලවේගයන්ට නැවත පිළිසකර කළ නොහැකි හානියක් හා සාහිත්‍යට කලාවක් ලෙස ඇති පොදු දැක්ම ව්‍යාකූල කරන බවයි. ඔහු ජෙලිනෙක්ගේ නිර්මාණ "වගන්ති රාශියක් කිසිදු කලාත්මක ව්‍යුහයක් නොමැතිම ගොඩ ගැසීම්" ලෙස පෙන්වා දුන්නේය. 2009 වසරේදී හර්ටා මුලර් (Herta Müller) හට පිරිනැමුනු සාහිත්‍ය ත්‍යාගයත් විවේචන රාශියකට බඳුන් විය. වොශිංටන් පෝස්ට් පුවත්පතට අනුව ඇමරිකානු සාහිත්‍ය මහාචාර්ය වරු හා විචාරකයින් ඇය පිළිබඳව ඉන් පෙර දැනගෙන සිට නොමැත. මේ හේතුවෙන් විශාල පිරිසක් නොබෙල් ත්‍යාගය පිරිනැමීම යුරෝ කේන්ද්‍රීයව සිදුවන බව විශ්වාස කරන්නට විය.
විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය
සංස්කරණය1949 වසරේදී පෘතුගීසි ස්නායුවේදියෙකු වන අන්තෝනියෝ ඊගාස් මෝනිස් (António Egas Moniz) හට කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඔහුගේ prefrontal leucotomy ක්‍රමවේදය සඳහා පිනැමුණු ලදි. නමුත් ඉන් පෙර වසරේදී ආචාර්ය වෝල්ටර් ෆීම්න් (Dr. Walter Freeman) විසින් වඩාත් වේගවත් හා පහසු ක්‍රමවේදයක් ගොඩනගා තිබුණි. නමුත් ප්‍රසිද්ධිය හේතුවෙන් ෆීමන්ගේ ක්‍රමවේදය නිසි සලකා බැලීමක් හා නූතන වෛද්‍ය ආචාර ධර්මයන් නොතකමින් භාවිතයට ගැනුනි. වෛද්‍ය විද්‍යාව පිළිබඳ නව එංගලන්ත සඟරාව (The New England Journal of Medicine) වැනි බලපෑම් සහගත ප්‍රකාශනයන් නිසාවෙන් leucotomy හෝ lobotomy ඉතාමත් ජනපිය විය. මේ නිසා මෝනිස් නොබෙල් ත්‍යාගය ලබාගෙන ඉදිරි වසර තුන තුළ 5,000 කට ආසන්න lobotomy ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදය තුළ සිදු විය.
මඟහැරුනු සිදුවීම්
සංස්කරණයනෝර්වීජියානු නොබෙල් කොමිටිය මහත්මා ගාන්ධි තුමා 1937-39 කාලයේ ඔහුගේ ක්‍රියාකාරකම් සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන බව එතුමා ඝාතනය වන්නට දින කිහිපයකට පෙර 1947 වර්ශයේදී ස්තීර කරන ලදි. පසුව නෝර්වීජියානු නොබෙල් කමිටුව විසින් ඔහුට නොබෙල් ත්‍යාගය ලබා දෙන්නට නොහැකි වීම පිළිබදව තමන් කනගාටු වන බව ප්‍රකාශයට පත් කරන ලදි. නෝර්වීජියානු නොබෙල් කමිටු සාමාජික ජියර් ලන්ඩෙස්ටාඩ් (Geir Lundestad) විසින් 2006 වසරේදී "කිසිදු සැකයකින් තොරව වසර 106 වන අපගේ ඉතිහාසය තුල සිදුවූ විශාලතම අත්වැරදීම වන්නේ මහන්මා ගාන්ධි තුමාට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමමට නොහැකි වීමයි. මහත්මා ගාන්ධි තුමා හට නොබෙල් සාම ත්‍යාගයක් නොමැති වීම ගැටළුවක් නොවූවත් ගැටලුව වන්නේ නොබෙල් සාම ත්‍යාගය මහත්මා ගාන්ධි තුමා නොමැතිම තිබීමයි" යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේය. 1948 වසරේදී (මහත්මා ගාන්ධි තුමා මියගිය වසර) නොබෙල් කමිටුව සාම ත්‍යාගය පිරිනැමීම "මේ වසරේදී නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කිව හැක්කෙක් ජීවතුන් අතර නොමැත" යනුවෙන් ප්‍රකාශ කරමින් අත්හිටුවන ලදි. පසුව 1989 දී දලයි ලාමා තුමාට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන විට නොබෙල් කමිටුවේ සභාපති එය මහත්මා ගාන්ධි තුමා සිහි කිරීමක් ලෙසද එය සලකන බව ප්‍රකාශ කරන ලදි. මෙලෙස ඔවුන්ගේ දායකත්වය උදෙසා පිලිගැනීමට පත් උසස් පුද්ගලයින් රාශියක් මෙලෙස මඟ හැරී ඇත. මහත්මා ගාන්ධි තුමා ලෙසම, එලිනෝර් රූස්වෙල්ට් (Eleanor Roosevelt), වාක්ලව් හැවෙල් (Václav Havel), කෙන් සාරෝ-විවා (Ken Saro-Wiwa), සාරි නස්සෙයිබෙහ් (Sari Nusseibeh) සහ කොරාසොන් ඇක්කුයුනෝ(Corazon Aquino) යන පුද්ගලයින්ද මෙලෙස නොබෙල් ත්‍යාගය කිසිදා නොලද නමුත් ලැබීමට සුදුසු පුද්ගලයෝ වෙති.
සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමීමේදීද මෙවන් මතභේදයට තුඩු දුන් අඩුපාඩු රැසක් සිදු වී ඇත. ඇඩම් කිර්ස්ච් (Adam Kirsch) අදහස් කරන පරිදි විශිෂ්ට ලේඛකයෝ රාශියක් දේශපාලන හා අනෙක්-සාහිත්‍යමය හේතූන් නිසා නොබෙල් ත්‍යාගයයෙන් පිදුම් ලබා නැත. යුරෝපීය හා ස්වීඩන් ජාතික ලේඛකයන් සඳහා වැඩි අවදානයක් යොමු කිරීම යන කාරණයත් විවේචනයට බඳුන් වනනකි. නොබෙල් ත්‍යාගය පිරිනැමීමේදී යූරෝ කේන්ද්‍රීය වීම හා එහි ප්‍රතිඵලයක් ලෙස ඇකඩමිය විසින් ත්‍යාගය පිරිනැමීමේදී යුරෝපීය ලේඛකයන්ට පිරිනැමීමට නැමියාවක් දක්වන බව ස්වීඩන ඇකඩමියේ ස්තීර ලේකම් පීටර් එංග්ලන්ඩ් (Peter Englund) විසින් 2009 දී පිළිගන්නා ලදි. මෙලෙස නොබෙල් ත්‍යාගයෙන් පිදුම් නොලද විශිෂ්ට ලේඛකයන් අතර එමිල් සෝලා (Émile Zola), ජෝර්ජ් ලුයිස් බෝගෙස් (Jorge Luis Borges), මාසෙල් ප්‍රොවුස්ට් (Marcel Proust), එසාරා පවුන්ඩ් (Ezra Pound), ජේම්ස් ජොයිස් (James Joyce), අගස්ට් ස්ට්‍රින්බර්ග් (August Strindberg), සයිමන් වෙස්ට්ඩිජ් (Simon Vestdijk), ජෝන් උප්ඩිකේ (John Updike), ආතර් මිලර් (Arthur Miller), චිනුආ ඇචෙබේ (Chinua Achebe) සහ මාක් ට්වේන් (Mark Twain) කැපී පෙනේ.
පුද්ගලයින් තිදෙනෙකුට වඩා එකවර ත්‍යාගය පිරි නොනැමීමට ඇති දැඩි නීතියද මතබේධයන්ට තුඩු දෙන කාරණයක් වේ. මෙලෙස පිළිගත් හා කැපී පෙනෙන දායකත්වයන් කළ කණ්ඩායම් හා පුද්ලයින් තිදෙනෙකුට වඩා වැඩි පිරිසක් එකතුව කළ දායකත්වයන් නොබෙල් ත්‍යාහය ලැබීමට සුදුසු වූවද මඟ හැරීමට ලක් වේ. 2002 වසරේදී කෝචි ටනකා (Koichi Tanaka) සහ ජෝන් ෆෙන් (John Fenn) යන දෙදෙනාට ප්‍රෝටීන රසායන විද්‍යාවේ අංශයේ mass spectrometry ගොඩනැංවීම වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පිරිනමන ලදි. නමුත් ෆ්‍රැන්ක්ෆර්ට් (Frankfurt) විශ්ව විද්‍යාලයේ භෞතික හා න්‍යායාත්මක රසායන විද්‍යා ආයතනයේ (Institute for Physical and Theoretical Chemistry)හි ෆ්‍රාන්ස් හිල්ලෙන්කෑම්ප්(Franz Hillenkamp) සහ මයිකල් කැරස් (Michael Karas) යන අයගේ දායකත්වයන් හඳුනා නොගන්නා ලදි. මේ හා සමානව මරණයෙන් පසු සම්මානය පුද කිරීම නහනම් කිරීම නිසාවෙන් යම් පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව ඔහුගේ දායකත්වයන් හඳුනා ගැනීමට ලක් නොවීම විවාදපන්න කරුණකි. 1962 දී ඩී.එන්.ඒ (DNA) ව්‍යූහය සොයාගැනීම වෙනුවෙන් කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ෆ්‍රැන්සිස් ක්‍රික් (Francis Crick), ජේම්ස් ඩී. වෙට්සන් (James D. Watson) සහ මොරිස් විල්කින්ස් (Maurice Wilkins) යන අයට පුද දෙන ලදි. නමුත් එයට ප්‍රධාන දායකත්වයක් සැපයූ රොසලින් ෆ්‍රෑන්ක්ලින් (Rosalind Franklin) එයට වසර 4කට පෙර ඩිම්බකෝශ පිළිකාවකින් මියගොස් සිටියාය.
සොයාගැනීම් සඳහා නිමැවුම් වලට වඩා අවධානයක් හිමි වීම
සංස්කරණයඇල්ෆ්රඩ් නොබෙල් තම ධනය වාර්ශිකව මූල්‍යමය ත්‍යාග ලෙස එම වසරට පූර්වගාමීව මනුශ්‍ය වර්ගයාට විශාලතම සුබසිද්ධිය සැලසූ අයට ලබා දීමට වෙන් කර ඇත. ඔහු පවසා ඇති පරිදි භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුත්තේ භෞතික විද්‍යා ක්ෂෙත්‍රය තුළ වඩාත්ම වැදගත් සොයාගැනීම හෝ නිමැවුම කළ පුද්ගලයාට වේ. නොබෙල් විසින් මෙහි සොයාගැනීම් යන්න වැඩියෙන් අවධාරණය කර නොමැත. නමුත් ඉතිහාසය පුරාවට වැඩි අවධානයක් නොබෙල් කමිටු විසින් නිමැවුම් වලට වඩා සොයාගැනීම් සඳහා යොමු කර ඇති බව භෞතික විද්‍යාව සඳහා පිරිනමා ඈති සමස්ථ නොබෙල් ත්‍යාග ප්‍රමාණයෙන් 77% ක් සොයාගැනීම් සඳහා හා 23% ක් නිමැවුම් සඳහාද පිරිනමා තිබීමෙන් තහවුරු වේ. ක්‍රිස්ටෝප් බාර්ට්නෙක් (Christoph Bartneck) සහ මැතියස් රෝටෙර්බර්ග් (Matthias Rauterberg) විසින් පුවත් පත්හි පලකරන ලද Nature and Technoetic Arts හි සොයාගැනීම් සඳහා නිමැවුම් වලට වඩා වැඩි අවධානයක් හිමී වීම නොබෙල් ත්‍යාගය එහි සැබෑ අදහස වන "සමාජයට කරන ලද විශාලතම දායකත්වයට" යන්නෙත් ඉවත ගෙන යන්නක් බවට වාද කරයි.
විශේෂිත අග්‍රගන්‍ය සම්මානිතයන්
සංස්කරණයබහුවිධ සම්මානිතයන්
සංස්කරණයපුද්ගලයින් සිවි දෙනෙකු නොබෙල් ත්‍යාග දෙක බැගින් ලබා ගැනීමට සමත් වී ඇත. මාරියා ස්ක්ලෝඩොව්ස්කා කියුරි (Maria Skłodowska-Curie) විසින් 1903 දී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය විකිරණශීලීතාවය සොයා ගැනීම උදෙසා ලබා ගත් අතර 1911 දී ශුද්‍ර රේඩියම් වෙන් කරගැනීම උදෙසා රසායන විද්‍යාව සඳහා පිදෙන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. එකිනෙකට වෙනස් විද්‍යා විශය පථ දෙකක් උදෙසා නොබෙල් ත්‍යාග ලඳ එකම පුද්ගලයා ලෙසද මාරි කියුරි හදුනා ගත හැක. 1954 දී ලිනස් පෝලින්ග් (Linus Pauling) විසින් රසායනික බන්ධන සහ සංකීර්ණ ධාතූන් සඳහා එහි යෙදීම් පිළිබද ඔහුගේ පර්යේශණයන් උදෙසා රසායන විද්‍යාව සඳහා පිදෙන නොබෙල් සම්මානය ලබා ගන්නා ලදි. එමෙන්ම පෝලින්ග් විසින් 1962 දී ඔහුගේ ප්‍රති-න්‍යෂ්ටික කියාවාදය උදෙසා ලබා ගන්නා ලදි. මෙමඟින් එකක් අනෙකට සම්බ්න්ද නැති නොබෙල් ත්‍යාග දෙකක් ලබා ගත් එක්ම පුද්ගලයා බවට පෝලින්ග් පත් වේ. ජෝන් බාර්ඩීන් (John Bardeen) දෙවරක් භෞතික විද්‍යාව සදහා නොබෙල් සම්මානයෙන් පිදුම් ලබා ඇත. ඔහු විසින් 1956 දී ට්‍රාන්සිස්ටරය නිපදවීම උදෙසා හා 1972 දී අධිසන්නායකතාවය පිළිබ්ද න්‍යාය ඉදිරිපත් කිරීම වෙනුවෙන්ද ලබා ගන්නා ලදි. ෆෙඩ්‍රික් සෑන්ගර් (Frederick Sanger) විසින් රසායන විද්‍යාව උදෙසා නොබෙල් සම්මානයෙන් දෙවරක් පිදුම් ලබා ඇත. ඔහු විසින් 1958 දී ඉන්සියුලින් අණුවේ ව්‍යුහය නිර්ණය කිරීම උදෙසා හා 1980 දී DNA අණුවේ මූලික අනුක්‍රමය නිර්ණය කිරීම සඳහා ක්‍රමවේදයක් නිමැවීම වෙනුවෙන්ද ලබා ගන්නා ලදි.
සංවිධාන දෙකක් විසින් සාමය සදහා නොබෙල් ත්‍යාගය කීප වරක් ලබාගෙන ඇත. අන්තර්ජාතික රතු කුරුස කමිටුව විසින් 1917 හා 1944 වර්ෂවල ලෝක යුධ සමයන්හීදී ඔවුන්ගේ කටයුතු සඳහා දෙවරක් හා 1963 වසරේදී ඔවුන්ගේ සියවස් සැමරුම් වසරේදීද වශයෙන් සම්පූර්ණයෙන් තුන් වතාවක් සාම ත්‍යාගයෙන් පිදුම් ලබා ඇත. එමෙන්ම සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මණ්ඩලය විසින් සරණාගතයින් උදෙසා 1954 හා 1981 වසර වලදී නොබෙල් සාම ත්‍යාගයෙන් දෙවරක් පිදුම් ලබා ඇත.
එකම පවුලේ සම්මාන ලාභීන්
සංස්කරණයකියුරි පවුල විසින් වැඩිම නොබෙල් සම්මාන ප්‍රමාණයක් ලබාගෙන ඇත. මාරි කියුරි විසින් 1903 දී භෞතික විද්‍යාවට හා 1911 දී රසායන විද්‍යාව වෙනුවෙන්ද නොබෙල් සම්මාන දෙකක් ලබාගෙන ඇති අතර ඇයගේ ස්වාමි පුර්ෂයා ඇය හා භෞතික විද්‍යාව සඳහා වන ත්‍යාගයට සම හිමිකම් කියයි. ඔවුන්ගේ දියණිය වන අයිරීන් ජුලියට් කියුරි (Irène Joliot-Curie) විසින් 1935 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ඇයගේ සැමියා වන ෆෙඩ්‍රික් ජුලියට් කියුරි (Frédéric Joliot-Curie) හා එකතුව ලබා ගත්තාය. මින් අමතරව මාරි කියුරිගේ සැමියාගේ දෙවන දියණිය 1965 දී යුනිසෙෆ් (UNICEF) ආයතනයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන විට සාමය සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිධුම් ලැබුවාය.
කියුරි පවුලේ වාර්තාවට සම කළ හැකි වැනත් පවුලක් හමු නොවූවත් සම්මානිතයන් දෙදෙනා බැගින් වන පවුල් කීපයක් ඇත. සැමියා හා බිරිඳ වන ගර්ටි රැඩ්නිට්ස් කෝරි (Gerty Radnitz Cori) හා කාර්ල් ෆර්ඩිනැන්ඩ් කෝරි (Carl Ferdinand Cori) යන දෙදෙනා විසින් 1947 වසරේදී කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබ්ල් ත්‍යාගය සමව ලබා ගත්හ. ජේ. ජේ. තොම්සන් (J. J. Thomson) විසින් ඉලෙක්ට්‍රෝනයන් අංශු බව පෙන්වා දීමෙන් 1906 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබා ගත්තේය. ඔහුගේ පුත්‍රයා වන ජෝර්ජ් පැගෙට් තොම්සන් (George Paget Thomson) එම ත්‍යාගයම 1937 දී ඉලෙක්ට්‍රෝනයන්ට තරංගමය ගුණයන් පවතින බව පෙන්වා දෙමින් දිනා ගන්නා ලද්දේය. විලියම් හෙන්රි බ්‍රැග් (William Henry Bragg) හා ඔහුගේ පුත්‍රයා වන විලියම් ලෝරන්ස් බ්‍රැග් (William Lawrence Bragg) යන දෙදෙනා විසින් භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය 1915 දී සමව ලබා ගත්හ. නීල්ස් බෝර් (Niels Bohr) විසින් භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය 1922 දී දිනා ගත් අතර ඔහුගේ පුත්‍රයා ආගේ බෝර් (Aage Bohr) 1975 දී එම ත්‍යාගයෙන්ම පිදුම් ලැබීය. මාන් සීග්බාන් (Manne Siegbahn) භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය 1924 දී ලබා ගත් අතර ඔහුගේ පුත් කායි සීග්බාන් (Kai Siegbahn) භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයම 1981 දී දිනා ගන්නා ලද්දේය. හාන්ස් වොන් ඉයුලර්-කෙල්පින් (Hans von Euler-Chelpin) රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය 1929 දී ලබා ගත් අතර ඔහුගේ පුත් උල්ෆ් වොන් ඉයුලර් (Ulf von Euler) කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය 1970 දී ලබා ගන්නා ලදී. සී. වී. රාමන් (C.V. Raman) භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය 1930 දී ලබා ගත් අතර ඔහුගේ බෑණනුවන් වන සුබ්‍රමණියන් චන්ද්‍රසේකර් (Subrahmanyan Chandrasekhar) විසින්ද භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය 1983 දී දිනා ගන්නා ලදී. ආතර් කොන්බර්ග් (Arthur Kornberg) කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය 1959 දී ලබා ගත් අතර ඔහුගේ පුත් රොජර් (Roger) පසුව රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය 2006 දී ලබා ගන්නා ලදී. ජාන් ටින්බර්ජන් (Jan Tinbergen) විසින් පළමු ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලබා ගත් අතර ඔහුගේ සහෝදරයා නිකලස් ටින්බර්ජන් (Nikolaas Tinbergen) 1973 දී කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි කර ගන්නා ලදි.
ප්‍රතික්ෂේප කිරීම් හා වැලැක්වීම්
සංස්කරණයසම්මාන ලාභීන් දෙදෙනෙකු විසින් ස්වේච්චාවෙන් නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කර ඇත. 1964 ජීන් පෝල් සාත්‍රේ (Jean-Paul Sartre) හට සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූවද "ලේඛකයෙකු විසින්, එය කෙතරම් ගෞරවාන්විත ආකාරයකට සිදු වූවත් තමා ආයතනයක් බවට පත්වීම වැළැක්වීමට ඉඩ නොදිය යුතුය" යනුවෙන් පව්සමින් ප්‍රතික්ෂේප කරන ලදි. ලී ඩක් තෝ (Lê Ðức Thọ) හට 1973 දී පැරිස් සාම ගිවිසුම උදෙසා සාම ත්‍යාගය හිමි වූවත් වියට්නාමයේ සත්‍ය සාමයක් නොමැති බව පවසමින් එය ප්‍රතික්ෂේප කරන ලදි.
තෙවන ජර්මන් රාජ්‍ය කාලයේදී රිචඩ් කාන් (Richard Kuhn), ඇඩොල්ෆ් බුතෙනන්ඩ්ට් (Adolf Butenandt) හා ජෙර්හර්ඩ් ඩොමග්ක් (Gerhard Domagk) යන තිදෙනාට නොබෙල් ත්‍යාග ලබා ගැනීම් ඇඩොල්ෆ් හිට්ලර් විසින් තහන කරන ලදි. එම සියලු දෙනාම ඔවුන්ගේ රන් පදක්කම් හා සහතික පත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලබා ගත්හ. 1958 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිඳුම් ලත් බොරිස් පැස්ටර්නැක් (Boris Pasternak) විසින් තම ත්‍යාගය ප්‍රතික්ෂේප කලේය. එලෙස කිරීමට හේතුව වූයේ සෝවියට් ආණ්ඩුව විසින් ඔහු තම ත්‍යාගය ලබා ගැනීමට ස්ටොක්හොල්ම් (Stockholm) වෙත ගියහොත් කුමන ක්‍රියා පටිපාටියක් ගනියිදැයි ඇති බිය නිසාවෙනි. ඔහුගේ මෙම ප්‍රතික්ෂේප කිරීම ස්වීඩන ඇකඩමිය "මම ප්‍රතික්ෂේප කිරීම කිසිදු ආකාරයකින් සම්මානයේ වලංගු භාවය බිඳකඳු අඩු නොකරයි" යනුවෙන් ප්‍රකාශ කරමින් එම වසරේ සාහිත්‍ය සඳහා වන සම්මානය උළෙලේදී පුද දීම කළ නොහැකි බවත් එය පැස්ටර්නැක් විසින් ලබා ගන්නා තුරා තමන් විසින් තබා ගන්නා බවත් ප්‍රකාශ කළහ. පසුව 1989 දී පැස්ටර්නැක්ගේ පුත්‍රයා විසින් තම පියා වෙනුවෙන් ලබා ගන්නා ලදි.
නොබෙල් ත්‍යාගයේ ස්මාරකය
සංස්කරණය"Planet of Alfred Nobel" නම් අනුස්මරණ සංකේතය 2008 සැප්තැම්බර් 13 දින (Dnipropetrovsk University of Economics and Law) නීතිය හා ආර්ථික විද්‍යාව පිළිබඳ ද්නිප්‍රොපෙට්‍රොව්ස්ක් සරසවියේදී විවෘත විය. අතක් මත ලෝක ගෝලයක් පවතින ලෙස කළු ගලින් මෙය නිමවා ඇත. ලෝක ගෝලය වටා පියාඹන ගැහැනු රුවක් (විද්‍යාවට අධිපති දෙවඟනගේ රුව) සළකුණු කර ඇත. එමඟින් තර්කනය හා බුද්ධිය නිරූපණය කරයි.
ගෝලය වටා නොබෙල් සම්මාන ලාභීන් 802කගේ මුහුණු නෙරා එන පරිදි කැටයම් කර ඇත. මෙය නිර්මාණය කිරීමට යුධ මිසයිල භාවිතයෙන් පසු ඉතිරි වෙන ලෝහ යොදාගෙන ඇත.
ආශ්‍රිත ලිපි
සංස්කරණය
ග්‍රන්ථ නාමාවලිය
සංස්කරණය- Abrams, Irwin (2001). The Nobel Peace Prize and the Laureates. Watson Publishing International. ISBN 0881353884. http://books.google.com/?id=ny77bPwKxaUC&printsec=frontcover&q=.
- Crawford, Elizabeth T (1984). The Beginnings of the Nobel Institution – The Science Prizes, 1901–1915 (First ed.). Maison des Sciences de l'Homme & Cambridge University Press. ISBN 0-521-26584-3. http://books.google.com/?id=EGfhs_tvjVYC.
- Feldman, Burton (2001). The Nobel prize: a history of genius, controversy, and prestige. Arcade Publishing. ISBN 1559705922. http://books.google.com/?id=xnckeeTICn0C&printsec=frontcover&q=.
- Gribbin, John (1985). In Search of Schrödinger's Cat: Quantum Physics and Reality. Corgi. ISBN 0-552-12555-5.
- Jones, Brenn (2003). Learning about love from the life of Mother Teresa. PowerKids Press. ISBN 0823957772. http://books.google.com/?id=Bg6_1Ejy9r4C&dq=Mother+Teresa+Nobel+banquet+cancelled.
- Levinovitz, Agneta Wallin (2001). Nils Ringertz. ed. The Nobel Prize: The First 100 Years. Imperial College Press and World Scientific Publishing. ISBN 981-02-4664-1. http://books.google.com/?id=QMSg5mRJiukC&printsec=frontcover&q=.
- Leroy, Francis (2003). A century of Nobel Prizes recipients: chemistry, physics, and medicine. CRC Press. ISBN 0824708768. http://books.google.com/?id=8DjwaFWE4fYC&printsec=frontcover&q.
- Pais, Abraham (1983). Subtle Is the Lord: The Science and the Life of Albert Einstein (Third ed.). Oxford University Press. ISBN 0195204387. OCLC 8195995. http://books.google.com/?id=IQibQgAACAAJ.
- Shalev, Baruch Aba (2005). 100 years of Nobel prizes (Third ed.). The Americas Group. ISBN 9780935047370. http://books.google.com/?id=PfRaPHr86XUC.
- Sohlman, Ragnar (1983). The Legacy of Alfred Nobel – The Story Behind the Nobel Prizes. The Nobel Foundation. ISBN 0-370-30990-I.
- Wilhelm, Peter (1983). The Nobel Prize. Springwood Books. ISBN 9780862541118. http://books.google.com/?id=CNnZKHxQpO4C.