රන්බීර් කපූර් යනු 1982 සැප්තැම්බර් 28 වන දින උපන් ඉන්දියානු නලුවෙකි. සිය බොලිවුඩ් වෘත්තීය ජීවිතය තුළින්, ඔහු ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය සහ වැඩිම වැටුප් ලබන නළුවන්ගෙන් එක් අයෙක් බවට පත්ව ඇත. ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන 5ක් ඇතුළු සම්මාන රැසක්, දිනා ගත් දක්ෂ සහ හැකියාවන් රැසකින් පිරිපුන් නලුවෙකි. රන්බීර් කපූර්, නළුරිශී කපූර්ගේ සහ නිලිනීටු සින්ග්ගේ පුතා වන අතර, අධයක්ෂකවරයෙක් හා නළුවෙකු වන රාජ් කපූර්ගේ මුනුබුරාය. ඔහු, පිළිවෙලින්, දෘශය කලා පාසල සහ ලී ස්ට්‍රාස්බර්ග් රඟහල හා චිත්‍රරපට ආයතනයේ චිත්‍රපට නිපැයුම සහ රංගන ක්‍රම පිලිබඳව ඉගෙනුම ලැබූ අතර, 2005දී සංජය ලීලා බන්සාලිගේ බ්ලැක් චිත්‍රපටයට සහය දක්වනවා.

රන්බීර් කපූර්
උපත28 සැප්තැම්බර් 1982 (1982-09-28) (වයස 41)
රැකියාව
  • නලුවෙක්
  • චිත්‍රපට නිශ්පාදකයෙක්
සක්‍රීය වසර2007–අද දක්වා
දෙමව්පියන්(s)රිශී කපූර්
නීටු සින්ග්
අත්සන
ගොනුව:Ranbir Kapoor Signature.png

රන්බීර් කපූර් ඔහුගේ චිත්‍රපට මංගලාවතරනය සංජය ලීලා බන්සාලි නිපැයූ ඛේදජනක ආදර කතාවක් වන සාවරියා (2007) හරහා සිදු කල අතර, ඔහු එය සඳහා ෆිල්ම් හොඳම පිරිමි නවකයාට හිමි ෆෙයාර් සම්මානය දිනා ගනු ලැබුවා. ඔහු 2009 — වෙිකප් සිඩි, විකට චිත්‍රපටයක් වන ආජබි ප්‍රේම් කී ඝසබ් කහානී, සහ රොකට් සිංගේ: සේල්ස්මන් ඔෆ් දි යර් යන චිත්‍රපට තුනේ ඔහුගේ රංගනය සඳහා හොඳම නළුවාට හිමි ෆෙයාර් සම්මානය නිපුණතා සම්මානය දිනා ගනු ලැබුවා. රොක්ස්ටාර් (2011) සහ හාස්‍යජනක චිත්‍රපටයක් වන බර්ෆි! (2012) යන චිත්‍රපට 2 සඳහා රන්බීර් කපූර් එකපිට හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය 2වරක් දිනා ගනු ලැබුවා . යේ ජවානී හේ දිවානී (2013) චිත්‍රපටයට ඔහුගෙන් ලැබුනු දායකත්වය මත එය වැඩිම ආදායම් ඉපයූ බොලිවුඩ් චිත්‍රරපට වලින් එකක් බවට පත් වූ අතර, බොලිවුඩ් නළුවන් අතර ප්‍රමුඛ පෙලේ නළුවෙකු බවට පත් වීමට මෙය ඔහුට මාර්ගය පාදන ලදි. චිත්‍රරපට රඟපෑම් වලට අමතරව, කපූර් පුන්යාධාර කටයුතු සඳහාද සහය දක්වන අතරම ඔහු ඉන්දීය සුපර් ලීග් පාපන්දු කණ්ඩායමේ අයිතිකරුද වනවා. ඔහුගේ සාමාන්‍ය ජීවිතයේ සිදුවීම් ඉන්දියාවේ වාර්තාකරුවන්ගේ අවධානය බොහෝ සේ දිනගෙන තිබෙනවා.

"https://si.wikipedia.org/w/index.php?title=රන්බීර්_කපූර්&oldid=460144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි