රදැල්ල ක්‍රිකට් පිටිය

රදැල්ල ක්‍රිකට් පිටිය යනු සිරි ලකැ නුවරඑළියට සමීප රදැල්ල ගම්මානයේ පිහිටි ක්‍රිකට් පිටියෙකි. මේ පිටිය දිඹුල ක්‍රිකට් සමාජ පිටිය ලෙස දු හැඳින්වේ.

රදැල්ල ක්‍රිකට් පිටිය
Ground information
Locationරදැල්ල, නුවර එළිය
Establishment1856
Ownerදිඹුල ක්‍රිකට් සමාජය
Tenantsශ්‍රී ලංකා ක්‍රිකට්
End names
ලකුණු පුවරු අන්තය
ක්‍රීඩා මණ්ඩප අන්තය

දිඹුල ක්‍රිකට් සමාජය (1857 – අද)
As of අගෝස්තු 19 2008
Source: CricketArchive

වැදැගත්කම සංස්කරණය

මුහුදු මට්ටමේ සිටැ අඩි  4000 ක උසෙකින් පිහිටා ඇති මේ ක්‍රිකට් පිටිය එ හෙයින් මැ සුවිසෙස් එකක් සේ සැලැකේ. රදැල්ල ක්‍රිකට් පිටිය එ සේ මුහුදු මට්ටමේ සිටැ අඩි 4000ක උසෙකින් පිහිටි ක්‍රිකට් පිටි කිහිපයෙන් එකෙකි. එහි පිහිටීම විසිතුරු කොටැ ඇත්තේ ලොවැ ඇති සොඳුරුතම ක්‍රිකට් පිටි අතුරින් එකෙක් ලෙසිනි.

ඉතිහස සංස්කරණය

රදැල්ල ක්‍රිකට් පිටිය 2399-2400 (කි.ව. 1856) දී ඇරැඹුණු දිඹුල මලල ක්‍රීඩා හා ක්‍රිකට් සමාජයට නිවහන වේ. පළමු සටහන්ගත තරගය 2436 (කි.ව. 1892) නොවැම්බර 18-19 අතර, සංචාරක ලෝඩ් හෝක්ස් XI හා උඩරට XI අතරැ පැවැත්වුණි. මේ පිටිය සත්කාරකත්වය දැක්වූ තවදු සිහිකළ යුතු තරගයක් වනුයේ 2505-2506 (කි.ව.1962) දී පැවැත්වුණු පසු වැ එංගලන්ත ක්‍රිකට් නයුවා වුණු මයික් ස්මිත් විසින් මෙහෙයැවුණු මැක්‍රිස (එම්සීසී) පිල හා උඩරට XI අතරැ තරගය යි.

මේ පිටිය දිඹුල ක්‍රිකට් සමාජය විසින් රග්බි සංගම් තරග සඳහා යොදා ගෙනැ ඇති. සැබැවින් මැ ක්ලිෆර්ඩ් කුසලානයේ අවසන් මහ තරග මේ පිටියේ දී පැවැත්වීම සිරිතක් වැ තිබිණ. [1]

මෑත කලැ සංස්කරණය

මේ පිටියේ වැඩිතම කැපී පෙනෙන තරගය වනුයේ 1983/84 සැරියාවේ දී ජනපතිගේ XI පිලට එදිරි වැ නවසීලන්ත පුහුණු තරගය යි. අවාසනාවන්ත ලෙස වැස්ස හෙයින් තරගය සේදී ගියේ යැ. නමුදු සුරු රිචඩ් හැඩ්ලි පැවැසූයේ ඉහළ උසකින් (උන්නතාංශයකින්) හා වළාකුළු පිරි අහස නිසා මෙය සිරිලකෙහි පන්දු දෝලනය සඳහා හොඳ තැනක් බවයි.

එ තැන් සිටැ මෙහි ක්‍රිකට් ක්‍රීඩා කොටැ ඇත්තේ සුළුවෙනි. යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරග හතරක් මෙහි පැවැත්වුණේ, පාකිස්තාන හා කෙන්යානු වයස 19 න් පහළ තරඟය ද ඇතුළුව යි. මාක්‍රිස (එම්සීසී) 2000/01 දී ජනශක්ති සමූහයට එදිරි වැ පැවැති තරගය මේ පිටියේ පැවැති අවසන් කැපී පෙනෙන තරගය යි.

පිටිය පිළිසකර කරනුව දෑබැඳි ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උදව් කරයි.

පිටියේ ක්‍රීඩා කළ තරඟ ලැයිස්තුව සංස්කරණය

පළමු පන්තියේ තරඟ සංස්කරණය

  • ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ XI ට එදිරිව නවසීලන්තය - 2527(කි.ව.1984) මාරතු 5

A ශ්‍රේණියේ තරඟ සංස්කරණය

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරඟ සංස්කරණය

  • කෙන්යාව 19 න් පහළ එදිරිව පකිස්තානය 19 න් පහළ - 2000 ජනවාරි 12
  • අයර්ලන්තය 19 න් පහළ එදිරිව නෙදර්ලන්තය 19 න් පහළ - 2000 ජනවාරි 19
  • USA 19 න් පහළඑදිරිව අයර්ලන්තය 19 න් පහළ - 2000 ජනවාරි 21
  • USA 19 න් පහළ එදිරිව නෙදර්ලන්තය 19 න් පහළ - 2000 ජනවාරි 23

වෙනත් තරඟ සංස්කරණය

  • උඩරට XI එදිරිව ලෝඩ් හෝක්ස් XI - 1892 නොවැම්බර 18
  • දිඹුල සහ දික්ඔය එදිරිව නව දකුණු වේල්සය (නිව් සවුත් වේල්ස්) - 1914 ජනවාරි 15
  • උඩරට XI එදිරිව මැරිලිබෝන් කඩුලු පන්දු (ක්‍රිකට්) සමාජය - 1962 පෙබරවාරි 13
  • දිඹුල ක්‍රිකට් සංගමයේ සභාපතිගේ XI එදිරිව මදුරාසිය - 1966 අප්රියෙල් 2
  • දිඹුල ක්‍රිකට් සංගමයේ සභාපතිගේ XI එදිරිව ඉන්දීය රාජ්‍ය බැංකුව - 1966 අගෝස්තු 10
  • දිඹුල ක්‍රිකට් සංගමයේ සභාපතිගේ XI එදිරිව හයිද්‍රාබාද් බ්ලූස් - 1967 අප්රියෙල් 5
  • දිඹුල ක්‍රිකට් සංගමයේ සභාපතිගේ XI එදිරිව හොංකොං - 1971 මාරතු 27
  • නුවරඑළිය දිස්ත්‍රික්කය එදිරිව ග්ලොස්ටශයරය - 1987 අප්රියෙල් 5
  • ජනශක්ති සමූහ එදිරිව මේරිල්බෝන් ක්‍රිකට් සමාජය - 2001 මාරතු 1

මේ ද බලන්නැ සංස්කරණය

යොමු කිරීම් සංස්කරණය

 

  1. Marikar, Hafiz (12 June 2021). "Let's preserve the rich rugby legacy of Dimbula, Dickoya and Uva". Sunday Observer. Associated Newspapers of Ceylon. සම්ප්‍රවේශය 17 June 2021.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රදැල්ල_ක්‍රිකට්_පිටිය&oldid=518157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි