යක්ඛ (නේපාලි याक्खा, //යාක්ඛා//) යනු ලිම්බු, සුනුවර්, රායි, දේවාන් ජනයා වැනි අනෙකුදු කිරාත් ජන කොටස්වලට ද වඩාත් දුරින් අන් සියලු චීන-තිබ්බත දනන්ට ද නෑ වන, ඉන්දු උප මහදිවෙහි ප්‍රධාන විසින් වත්මන් නේපාලයේ හා ඉන්දියාවේ හා වෙසෙන ස්වදේශික ජනවගෙකි. ඔහු (ඔවුහු) නේපාලයේ පෙරැ-ඉතිහස් (prehistoric) කිරාත් රජ පෙළපතින් පැවැතෙන්නෝ වෙති. නැඟෙනහිරි නේපාලයේ පහළ අරුන් දෙණියේ වෙසෙන යක් දනෝ යැපුම් ගොවියෝ වෙති. ගණනින් ඔවුන් දහස් ගණනක් පමණක් වන අතර ඔවුනගේ බස වඳ වීමට අසල් යැ. [4] [5]

යක්ඛ (යාක්ඛා)
याक्खा
සැහිරි වතින් සැදි යක් කතුන්
Total population
   නේපාලය 24,336(2011)[1]
 ඉන්දියාව
Sikkim 193 (2006)[2]
Languages
යක් බස, නේපාලි
Religion
Majority:කිරාති ඇදැහිය 81% Others:හින්දු ඇදැහිය11.50% [3]
Related ethnic groups
  • ලිම්බු, හා රායි

යක්ඛ යන වදනේ මුල ගැනැ වියතුන් නන් මත පළ කරති. එක් චින්තන ගුරුකුලයක් කියා සිටිනුයේ ආරිය සකු වියරණයට අනුවැ යක්ෂ යන ජනවාර්ගික නම ආර්ය-හින්දු මිථ්‍යා කතාහි යක්ස-ෂ් ලෙස අකුරු විනිස දක්වා ඇති බවයි (බුදුනු දහම් ලියැවිලිවලැ තාපස භික්ෂූන් වහන්සේ නමක් සඳහා භිසු-ෂු යනු යෙදෙන්නා සේ). ජනප්‍රවාදගත යක්ස-ෂ් යනු, ආගමික හින්දු ගත්හි, වේදයෙහි හා පැරැණි සකු ලිවිසැරියෙහි හා යාක්ඛා යන දූෂිත නමෙන් සැඳැහුණ ද, 'යාක්ඛා' යනු ඓතිහාසික වැ සිය අනන්‍ය නම් (endonyms) භාවිතයට අනුකූල වේ. යාක්ඛවා හෝ යාක්ඛබා හෝ යනු තැනැත්තකු හැඟැවීමටත් යාක්ඛමා යනු තැනැත්තියක හැඟැවීමටත් ගැනේ. [6]

බැහැරියන් විසින් යොදාගැනෙනා නම් (Exonyms)

සංස්කරණය

ප්‍රිත්වි නාරායන් ෂා යටතේ ගෝර්කාවරුන් විසින් කිරාති බිම යටත් කර ගැන්මෙන් පසු ඔවුන් පිළිගත් මජ්හියා, ජිම්දාර් හා දේවන් හා යන නම්වලිනුදු යකුන් හැඳින්වෙයි. එ බිමෙහි අයිතිය මතු නො වැ එ පෙදෙසේ දිවි ගෙවන යක් මෙන් මැ නො-යක් දනන් විසින් පරිහරණය කෙරෙන ඉඩම්වලින් බදු එකතු කිරීමේ වගකීම ද යකුනට පැවැරුණි. ඉන්දියාවේ ඩාර්ජිලිං දෙසිත්තේ හා සිකිමයේ හා දේවාන් යනු යක්ඛ යන්නෙහි පර්යාය පදයක් ලෙස පොදුවේ යෙදෙන අතර, දේවානයන් සේ මැ ඔවුන් වෙනත් පසුගාමී පන්ති කාණ්ඩයට ඇතුළත් වේ. [7]

යක්ඛ බිම (යක්ඛලෙන්)

සංස්කරණය

අද, යක්ඛ මා බිම ඓතිහාසික කිරාති පෙදෙස (එනම් කත්මණ්ඩු මිටියාවතට නැඟෙනහිරින්) තුළැ වන බිම් කඩක් ලෙස සැලැකේ. ප්‍රිත්වි නාරායන් ෂා විසින් නේපාලයේ ජාතික එක්සත් කිරීම අතරතුර, කිරාත් බිමෙහි සැහිරි ජනාවාස (traditional bases) ඒකාබද්ධ කැරුණි. අරුන් ගඟට නැඟෙනහිරින් වූ ලිම්බුවාන් පෙදෙසෙහි ෆාර් කිරාත් (පල්ලෝ? කිරාත්) 'තුම්' දා හතකට බෙදා ඇති. මේ 'තුම්' දා හත අතර, පංච් (5) ඛපාන්, පංච් (5) මජ්හියා හා දාස් (10) මජ්හියා හා; ටින් තුම් යක්ඛලෙන් යකුනගේ සැහිරි පෙදෙස (traditional area) සේ සැලැකේ. මෙම යක් පෙදෙස නැඟෙනහිරි නේපාලයේ නැඟෙනහිරින් ටර්හාතුම් දෙසිත්තට හා ටප්ලෙජුං දෙසිත්තට හා මායිම් වැ ඇති සංඛුවසභ දෙසිත්තේ දකුණු කඩයි. දකුණින් ධංකුට දෙසිත්ත; හා බටහිරින් භෝජ්පූර් දෙසිත්ත; . Sibhuwa, Syabun, Wana, Dadagau, Swachi, Yangsijong යනු 5 Khapan හි නම් වේ; Madi Mulkarka, Tamafok, Mamgling, Ankhibhuin, Chanuwa, Dandagaun, යනාදී නම් Majhis 10 වන අතර Hattisudhe, Kingring, Chapabhuin, etc යනු 5 Majhiya නම් වේ. [8]

ඇදැහිය, බස හා හැදියාව

සංස්කරණය

යකුනට වෙන මැ බසක්, හැදියාවක් හා සැහිරියාවෙක් හා ඇති. යක් බස තිබ්බතු-බුරුමානු බසකි. නූතනවාදයේ ඇරැඹුම හා බැහැරි සාධක හා යක් බස හිගු (rapid) අතුරුදහන් වීමකට ලක් කර ඇති. [9] යක්හු කිරාති සොබා දහම් වැඳීම අදහත්. යකුනගේ පෙළපත් නම් දෙ-තිසක් (තාර් 32ක්) ඇති. සෑම තාර් එකකම Sameychong නමින් උප සමූහයක් ද ඇති. එකම Sameychong ඇති පවුල් අතර විවා සිදු නොවේ.

ජනගහනය

සංස්කරණය

නේපාලයේ 2011 දෑ ජන හා නිවාස හා සංගණනයට අනුවැ, නේපාල යක් ජනගහනය 24,336 කි. [10] නේපාලයේ 2001 ජන සංගණනයට අනුවැ, නේපාලයේ යකුන් 17,003 ක් සිටි අතර, එයින් 81.43% කිරාත්වරු, 14.17% හින්දුහු හා 1.04% බුදුනුවෝ හා වූ හ. ඩාර්ජිලිං හා කලම්පොන්ග් හා දෙසිතිහි, සිකිම්, ඊසානදිගු ප්‍රාන්ත හා ඉන්දියාවේ අනෙකුදු පෙදෙස්හි හා යක්හු දහස් ගණනක් වෙසෙති.

2011 නේපාල සංගණනය වන විට පළාත අනුව යක් දනන්ගේ නිතැරියාව පහත පරිදි යැ.

  • කෝෂි පළාත (0.4%)
  • මාදේශ් පළාත (0.1%)
  • Bagmati පළාත (0.0%)
  • ගන්දකි පළාත (0.0%)
  • ලුම්බිණි පළාත (0.0%)
  • Sudurpashchim පළාත (0.0%)
  • කර්නාලි පළාත (0.0%)

පහත දෙසිතිහි යක් දනන්ගේ නිතැරියාව දෑ සැමැනියට (national average) (0.1%) වඩා වැඩි විය: [11]

  • සංඛුවසභ (4.5%)
  • ධනකුට (3.1%)
  • ඉලාම් (0.6%)
  • පාර්සා (0.4%)
  • බාරා (0.2%)
  • Taplejung (0.2%)
  • ටෙහෙරතුම් (0.2%)
  1. ^ "Population Monograph of Nepal Volume II" (PDF).
  2. ^ "LINGUISTIC AND RELIGIOUS MINORITIES UNDER SSP LED GOVERNMENT" (PDF).
  3. ^ "Caste ethnicity and religion of Nepal Ministry of Health" සංරක්ෂණය කළ පිටපත 2022-05-31 at the Wayback Machine (PDF).
  4. ^ K. David Harrison When Languages Die: The Extinction of the World's Languages and the .
  5. ^ Mark-Anthony Falzon Multi-Sited Ethnography: Theory, Praxis, and Locality in .
  6. ^ "Kirat Yakkha Chhumma UK". Kiratyakkhachhumma.co.uk. සම්ප්‍රවේශය 2015-12-23.
  7. ^ "Archived copy" (PDF). 2015-06-08 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-01-06.{{cite web}}: CS1 maint: archived copy as title (link)
  8. ^ "Kirat Yakkha Chhumma". KYC, UK. සම්ප්‍රවේශය 2018-05-04.
  9. ^ "Yakkha". Himalayan Languages. සම්ප්‍රවේශය 2015-12-23.
  10. ^ "National Population and Housing Census 2011" (PDF). Central Bureau of Statistics, Government of Nepal. සම්ප්‍රවේශය 2017-10-26.
  11. ^ 2011 Nepal Census, District Level Detail Report, https://cbs.gov.np/wp-content/upLoads/2018/12/Volume05Part02.pdf, ප්‍රතිෂ්ඨාපනය 2023-04-12 

යොමු කිරීම්

සංස්කරණය
  • . Dallas, Texas. {{cite book}}: Missing or empty |title= (help)
  •   Ph.D. Thesis.
  • Whelpton, Joanna; Pfaff-Czarnecka (eds.). Amsterdam. pp. 325–350. {{cite book}}: Missing or empty |title= (help)
  • Russell, Andrew J. (Summer 2000). "The Missing and the Met: Routing Clifford amongst the Yakha in Nepal and NE India". Journeys. 1 (1): 86–113. doi:10.3167/146526000782488045.
  • Russell, Andrew J. (2004). "Traditions in Transition: Sanskritization and Yakkhafication in East Nepal". History and Anthropology. 15 (3): 251–261. doi:10.1080/0275720042000257458. OCLC 366675559.
  • Russell, Andrew J. (September 2007). "Writing Traveling Cultures: Travel and Ethnography amongst the Yakkha of East Nepal". Ethnos: Journal of Anthropology. 72 (3): 361–382. doi:10.1080/00141840701576976.
  • . Chennai. {{cite book}}: Missing or empty |title= (help)
  • (නේපාල බසින්). {{cite book}}: Missing or empty |title= (help) Discussion on the history of the Kirat Yakkha.

බැහැරි ඈඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=යාක්ඛා_ජනයා&oldid=593047" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි