කාලගුණ සිතියමේ රේඛාවකින් විස්තර කෙරෙන ආකාරයට, මෝසම් දෙකිඳ යනු, මුහුදු මට්ටම් පීඩනය අවම[1] ස්ථාන දක්වමින්, උතුරු හා දකුණු අර්ධගෝලයන්හි සුළං රටා අතර පිහිටි, අන්තර් නිවර්තන අභිසරණ කලාපයෙහි කොටසකි[1][2]. දෙකිඳහි සමකය දෙසට වූ කොටසෙහි බටහිර මෝසම් සුළං පවතින අතර එහි ධ්‍රැවය දෙසට නැගෙනහිර වෙළඳ සුළං පවතී.[3] එහි අක්ෂය ඔස්සේ තද වැසි දැකගත හැක. වැසි සමයන්හිදී අදාළ ස්ථානවල මුදුන්වල එම වැසි තත්ත්ව පවතී. එය යම්කිසි ස්ථානයක ධ්‍රැවය පසු කර යන විට එම ස්ථානයේ උණුසුම් සහ වියලි තත්වයක් වර්ධනය වේ. ලෝකයේ වැසි වනාන්තර බොහෝමයක් නිර්මාණය කිරීමෙහිලා මෝසම් දෙකිඳ විශේෂ කාර්යභාරයක් ඉටු කර ඇත.

උතුරු ශාන්තිකරයේ අභිසාරී අනාකූල රේඛාවලින් දැක්වෙන අන්දමට අගෝස්තු මාසය තුල දී ශාන්තිකර සාගරයෙහි පවතී අන්තර් නිවර්තන සන්නිපාත කලාපය සහ මෝසම් දෙකිඳ

"මෝසම් දෙකිඳ" යන පදය බහුලව භාවිතා වන්නේ බටහිර ශාන්තිකරයේ පිහිටි ආසියාව සහ ඔස්ට්‍රලියාව වැනි මෝසම් කලාපයන්හිය. අන්තර් නිවර්තන අභිසරණ කලාපය/මෝසම් දෙකිඳ භූ ස්කන්ධයන්ට සංක්‍රමණය වීමත් සමගම ග්‍රීෂ්ම සෘතු මාස තුල වාර්ෂික වැසි සමය ආරම්භ වනු ඇත. මෝසම් දෙකිඳ ආසන්න ප්‍රදේශයෙහි නිරන්තරයෙන්, හුදෙක් වර්ෂ ගණනාවක වර්ෂාපතනයට සමාන වර්ශාපතනයක්, සාපේක්ෂව කුඩා කාල රාමුවක් තුල ඇති කිරීමට තරම් සමත් වූ අවපාතන සහ නිවර්තන වාසුළි ඇති විය හැක.

සංචලනය සහ ප්‍රබලතාව සංස්කරණය

 
ඔස්ට්‍රලියානු අභිසාරී අනාකූල අක් වෙරළෙහි සහ නිරක්ශාසන්න නැගෙනහිර ශාන්තිකරයෙහි දැක්වෙන අන්දමට, පෙබරවාරි මාසය තුල ශාන්තිකර සාගරය මත අන්තර් නිවර්තන අභිසරණ කලාපයේහි හා මෝසම් දෙකිඳහි පිහිටීම

ග්‍රීෂ්ම සෘතුව අවසාන භාගයෙහි ප්‍රතිවිරුද්ධ අර්ධගොලයෙහි සීත සෘතුව ඉස්මතුවෙනවාත් සමගම බටහිර ශාන්තිකාරයෙහි ඇති වන මෝසම් දෙකිඳ, ඒවායෙහි උපරිම අක්ශාශයට ලඟා වෙමින් උපරිම ප්‍රබලතාවක් පෙන්නුම් කරයි. මෙය අගෝස්තු මාසය තුලදී නැගෙනහිර ආසියාවේ 40 වන සමාන්තරානිකය දක්වාත්, පෙබරවාරි මාසය තුලදී ඔස්ට්‍රලියාවේ 20 වන සමාතරානිකය දක්වාත් ලඟා වේ. විවිධ මහාද්වීපවල උන්සුම්ම කොටස් ආශ්‍රිතව අඩු වායු ප්‍රතිරෝධ වර්ධනය වීම විදහා දක්වන ග්‍රීෂ්ම මෝසම ආක්‍රමණය කරනවාත් සමගම මේවායෙහි ධ්‍රැවය ඔස්සේ ප්‍රගමනය ත්වරිත වනු ඇත.[4][5][6] පෙබරවාරි මාසය[7] තුලදී, දකුණු අර්ධගොලයෙහි, ඔස්ට්‍රලියානු මෝසමේ සහයද සමග මෝසම් දෙකිඳ, බටහිර-වයඹ/නැගෙනහිර-ගිනිකොන දිශානතිය ඔස්සේ, එහි උපරිම දකුණුදිග අක්ෂාංශයට ලඟා වේ.

සැඩ සුළං පහරෙහි බලපෑම සංස්කරණය

අභිසරණ කලාපය තුල මෝසම් දෙකිඳහි සාපේක්ෂ ප්‍රවේගය හෝ භ්‍රමණය ඉහලයාම, සුළං සන්නිපාතය උත්සන්නවීමේ සාමාන්‍ය ප්‍රතිපලයකි. සැඩ සුළං පහර සන්නිපාතය ඉහල නැංවීමට මග පෙන්වීමක් විය හැක. සවිගන්වමින් හෝ නිරක්ෂය ඔස්සේ ගමන්කරන අර්ධ නිවර්තන වැටිය, සැඩ සුළඟ මෝසම් දෙකිඳ පිහිටි ස්ථානයට ඇදී එන බැවින්, මෝසම් දෙකිඳ සවිගැන්වීමට රුකුලක් විය හැක. සාමාන්‍යයෙන් අභිමුඛය, යම්කිසි අර්ධගොලයක උප නිවර්තන හා නිවර්තන හරහා, ඔවුන්ගේ සීත සෘතුවල ගමන් කරන විට, විරූපන රේඛා ඔවුන්ගේ උෂ්ණත්ව අනුක්‍රමණයවල අවම අගයන් පෙන්වන අවස්ථාවල දී, සැඩ සුළං පහරට සමක රේඛාව හරහා සාගරික කලාපවලට ගොස් අනෙක් අර්ධගොලයන්හි ග්‍රීෂ්ම සෘතුවෙහි පවතින මෝසම් දෙනිඳහි තත්වය ඉහල නැංවීමට හැකි වනු ඇත.[8] මෝසම් දෙකිඳ තුල අකුණු කුනාටු නිපාතයක් නිර්මාණය වී තිබීම, සැඩ සුළං පහරක් මෝසම් දෙකිඳට ලඟා වී ඇත්දැයි අනාවරණය කරගැනීමේ ප්‍රදාන ආකාරයකි.

එබ්බුනු අවපාතන සංස්කරණය

 
බංගලාදේශය ආසන්නයෙහෙ මෝසම් අවපාත.

මෝසම් දෙකිඳ තුල සංසරණයක් නිර්මාණය වුවහොත්, එයට මහාද්වීපය හරහා වූ අසල්වැසි තාපජ පාතනය සමග තරංග කිරීමට හැකියාව ලැබෙන අතර එහි පර්යන්තයෙහි සැඩ සුළං දක්නට ලැබිය හැක. මෝසම් දෙකිඳ තුල පවතින එවැනි පුළුල් ස්වභාවයකින් යුත් සංසරණයක් මෝසම් අවපාතයක් ලෙස හැඳින්වේ. උතුරු අර්ධගොලයෙහි මෝසම් අවපාත සාමාන්‍යයෙන් අසමමිතික ස්වරූපයක් පෙන්නුම් කරන අතර ඒවායේ ප්‍රබලතම සුළං නැගෙනහිරදිග පර්යන්තයෙහි පවත්වා ගැනීමට නැඹුරුතාවක් දක්වයි.[9] ඒවා මධ්‍යයේ විශාල ප්‍රදේශයක් ලිහිල් සහ විචල්‍ය සුළංවලින් ආවරණය වන අතර සංසරණ ප්‍රදේශය තුල වැසි සහ අකුණු කුනාටු වර්ධනය විය හැක.[10]

මෝසම් අවපාතයට ඉහල වාතය අපසරණය වීම වැඩිවීමත් සමගම ඉහල ස්තරයන්හි ඉතා වේගයෙන් හමායන සිහින් වාත ධාරා හමුවේ, පද්ධතියෙහි වර්ධනය, ධ්‍රැවය ඔස්සේ සහ බටහිරින් ඉහල නැංවීමට හැකිවන අතර එමනිසා මතුපිට පීඩනයෙහි අනුරූප පහත වැටීමක් දැකගත හැක.[11] මෙවැනි පද්ධති භූමිය ඉහලින් ද වර්ධනය විය හැකි අතර මෝසම් අවපතයයෙහි බාහිර කොටස නිවර්තන සුළිසුළඟට සමානත්වයක් පෙන්වයි.[12] උදාහරණයක් හැටියට ජූලි සහ අගෝස්තු මාස තුල සිදුවන එල් නිනෝ සිද්ධීන්[13] නිසා බෙන්ගාල බොක්කෙහි මෝසම් අවපාත සංඛ්‍යාව ඉහල බැවින් ඉන්දියාව හරහා වාර්ෂිකව මෝසම් අවපාත 7ත් 6ත් අතර සංඛ්‍යාවක් ගමන් කරයි.[4] මෝසම් අවපාත යනු ඉතා කාර්යක්‍ෂම වර්ෂාපතන ඇතිකරන්නන් වන අතර මේවා ඔස්ට්‍රලියානු ශුෂ්ක කලාප වැනි ශුෂ්ක කලාප හරහා ගමන් කිරීමේදී අවරුදු ගනනාවක වර්ෂාපතනයන්ට සමාන වර්ශාපතනයක් ඇති විය හැක.

References සංස්කරණය

  1. 1.0 1.1 "මෝසම් දෙකිඳ". කාලගුණ විද්‍යා ගැටපද විවරණය. ඇමෙරිකානු කාලගුණවිද්‍යාත්මක සංගමය. සම්ප්‍රවේශය 2009-06-04.
  2. බිං වැං. ආසියානු මෝසම. 03-05-2008 දින උපුටා ගන්නා ලදී.
  3. ලෝක කාලගුණ සංවිධානය . රළු කාලගුණ තොරතුරු මධ්‍යස්ථානය. 03-05-2008 දින උපුටා ගන්නා ලදී.
  4. 4.0 4.1 ජාතක මධ්‍යම ප්‍රාන්තික අනාවැකි මධ්‍යස්ථානය (National Centre for Medium Range Forecasting). Chapter-II Monsoon-2004: Onset, Advancement and Circulation Features. 03-05-2008 දින උපුටා ගන්නා ලදී.
  5. ඔස්ට්‍රලියානු ගුවන්විදුලි ප්‍රචාරක සංස්ථාව. Monsoon. 03-05-2008 දින උපුටා ගන්නා ලදී.
  6. ආචාර්ය ඇලෙක්ස් දිකාරියා. පාඩම 4 – සෘතුමය මධ්‍යන්‍ය සුළං ක්ෂේත්‍ර (Seasonal-mean Wind Fields) සංරක්ෂණය කළ පිටපත 2009-08-22 at the Wayback Machine 03-05-2008 දින උපුටා ගන්නා ලදී.
  7. ඇමෙරිකානු ගුවන් හමුදාව.1.2 ශාන්තිකර සාගරය මතුපිට අනාකූල රේඛා. සංරක්ෂණය කළ පිටපත 2013-05-16 at the Wayback Machine 26-11-2006 දින උපුටා ගන්නා ලදී.
  8. චිහ්-ලේයු චෙන් (Chih-Lyeu Chen). ඉන්දුනීසියාව හරහා එන නිරක්ෂාසන්න බටහිර සුළඟට ඊශානදිග මෝසම් සුලඟේ බලපෑම .[permanent dead link] 03-05-2008 දින උපුටා ගන්නා ලදී.
  9. ඇමෙරිකානු ගුවන් හමුදාව. කාණ්ඩය 3. නිවර්තන කුනාටු සැදීම සඳහා ක්‍රියාශීලී දායකත්වය.[permanent dead link] 26-11-2006 දින උපුටා ගන්නා ලදී.
  10. චිප් ගාර්ඩ්. CNMI හි කාලගුණ විචලනය. සංරක්ෂණය කළ පිටපත 2007-06-22 at the Wayback Machine 03-05-2008 දින උපුටා ගන්නා ලදී.
  11. Sixiong Zhao and Graham A. Mills. මෝසම් අවපාත ඔස්ට්‍රලියාවට වාර්තාගත වර්ෂාපතන ගෙන ඒම පිලිබඳ අධ්‍යයනයක්. කොටස II: සංශිප්ත හේතුක විස්තරය . 03-05-2008 දින උපුටා ගන්නා ලදී.
  12. එන් .ඊ. ඩේවිඩ්සන් සහ ජි.ජේ. හොලන්ඩ්. ඔස්ට්‍රලියාව හරහා ගිය තදබල මෝසම් අවපාත දෙකක් සම්බන්ධ සන්ජානනාත්මක විග්‍රහයක්. 03-05-2008 දින උපුටා ගන්නා ලදී.
  13. O. පී. සින්ග්හ්, ටරික් මසූඩ් අලි ඛාන්, සහ සසේඩර් රහමාන් . බෙංගාල බොක්කෙහි මෝසම් අවපාත සංක්‍යාතයෙහි දකුණුදිග දෝලනය කෙරෙහි බලපෑම.[permanent dead link] Retrieved on 2008-05-03.
"https://si.wikipedia.org/w/index.php?title=මෝසම්_දෙකිඳ&oldid=593031" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි