මෝනා සිං

ඉන්දියානු නිළිය

මෝනා සිං (උපත 8 ඔක්තෝබර් 1980) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකි. සිං වඩාත් ප්‍රකට වූයේ ජසී ජයිසී කොයි නහින්හි ජසී (ජස්මීත් වාලියා) සහ ක්‍යා හුවා තෙරා වාඩා තුළ මෝනා ප්‍රදීප් සිං යන ප්‍රධාන චරිත නිරූපණය කිරීම හේතුවෙනි. එසේම ඇය ජලක් දිඛ්ලා ජා යන රූපවාහිනී වැඩසටහන ජයග්‍රහණය කළ අතර, සුප්‍රකට 3 ඉඩියට්ස් චිත්‍රපටයේ ඇගේ චරිතය හේතුවෙන් ඇය ජන ප්‍රසාදයට පාත්‍ර වූවා ය. බාලාජි ටෙලිෆිල්ම්ස් නිෂ්පාදන සමාගමේ වැඩසටහන් ද්විත්වයක් වන ක්‍යා හුවා තෙරා වාඩා සහ ප්‍යාර් කෝ හෝ ජානේ දෝ තුළ ඇය ප්‍රධාන නිළිය ලෙස කටයුතු කළා ය. 2016 ජූනි මස, ඇය විසින් කවච්...කාලි ශක්තියොන් සේ නැමැති කතාමාලාවේ පරිධිගේ චරිතය නිරූපණය කරන ලදී.

මෝනා සිං
උපත8 ඔක්තෝබර් 1980 (1980-10-08) (වයස 43)[1]
රැකියාවනිළියක, නර්තන ශිල්පිණියක, රූපවාහිනී ඉදිරිපත් කරන්නියක

වෘත්තිය සංස්කරණය

සිං සිය රංගන දිවිය ඇරඹූයේ සුප්‍රකට රූපවාහිනී කතාමාලාවක් වන ජසී ජායිසි කොයි නහින් තුළ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමිනි.[2][3] අනතුරුව 2006දී, කලර්ස් රූපවාහිනී නාළිකාව විසින් විකාශය කළ ජලක් දිඛ්ලා ජා වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගැනීමට ද ඇය සමත් වූවා ය.[4] අනාගතයේ දී චිත්‍රපට කිහිපයක් නිර්මාණය කිරීමට තමා සැලසුම් කොට ඇති බව ඇය වරක් නිවේදනය කළා ය. ඉන් එකක් බොබී පුෂ්කර්ණා සමග සිදු කරන්නට සැලසුම් කොට ඇති බව පැවසිණි.[5] 2006 ජූනි මස, ගීත නිර්මාණයක් සඳහා ඇය සහ තවත් නළු පිරිසක් ලෝක සංචාරයක නිරත වීමට බලාපොරොත්තු විය.[6] 2007 මාර්තු මස ඇය සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් නැමැති රූපවාහිනී ආයතනය සමග සීමිත ගිවිසුමකට අත්සන් තැබුවා ය. ඒ අනුව ඇය මාස 13ක් සඳහා එම නාළිකාවේ සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කළා ය.[7] ඇගේ ඊළඟ රූපවාහිනී වැඩසටහන වූයේ Extreme Makeover යන්නයි.[6] සෝනිහි ජලක් දිඛ්ලා ජා 4 සඳහා සත්කාරකත්වය සැපයූවා ය.[3] එසේම සෙට් මැක්ස් හි Extra Shots සඳහා ද ඇය සිය දායකත්වය සැපයූවා ය. නොයෙකුත් වෙළඳ නාමයන් සඳහා ඇය සන්නාම තානාපතිනියක ලෙස කටයුතු කළා ය.[8] 2011දී සෝනි එන්ටර්ටේන්මන්ට් රූපවාහිනිය තුළ ඇය එන්ටර්ටේන්මන්ට් කේ ලියේ කුච් භි කරේගා වැඩසහෙන සඳහා ද සත්කාරකත්වය සැපයූවා ය. බාලාජි ටෙලිෆිල්ම්ස් ආයතනයේ රූපවාහිනී කතාමාලා වන ක්‍යා හුවා තෙරා වාඩා, ප්‍යාර් කෝ හෝ ජානේ දෝ[9] සහ කවච්... කාලි ශක්තියොන් සේ යන කතාමාලා තුළ ඇය ප්‍රධාන චරිත නිරූපණය කළා ය.[10]

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

රූපවාහිනී වැඩසටහන් සංස්කරණය

ප්‍රබන්ධ වැඩසටහන්

වර්ෂය වැඩසටහන චරිතය
2003–2006 ජසී ජායිසි කොයි නහින් ජස්මීත් වාලියා-සූරි/ජෙසිකා බේදි/නේහා ශාස්ත්‍රි
2008–2009 රාධා කි බේටියාන් කුජ් කාර් දිඛායේන්ගි රෞනාක් කපූර්
2012–2013 ක්‍යා හුවා තෙරා වාඩා මෝනා ප්‍රදීප් සිං/මෝනා චොප්රා/මෝනා ජතින් චොප්රා
2015 ඉත්නා ‍කරෝ නා මුජේ ප්‍යාර් නර්තන දායකත්වය සඳහා විශේෂ අමුත්තකු ලෙස ඇය ලෙසම
2015–2016 ප්‍යාර් කෝ හෝ ජානේ දෝ ප්‍රීත් ඉෂාන් හූදා/ප්‍රීත් සිං
2016 කවච්...කාලි ශක්තියොන් සේ පරිධි රතෝර්/පරිධි රාජ්බීර් බුන්දේලා
රියැලිටි වැඩසටහන්
වර්ෂය වැඩසටහන චරිතය
2006 ජලක් දිඛ්ලා ජා 1 තරඟකාරිණිය (වාරයේ ජයග්‍රාහිකාව)
2007 ෆෙමිනා මිස් ඉන්ඩියා සත්කාරක
2007 ජලක් දිඛ්ලා ජා 2 සත්කාරක
2009 එන්ටර්ටේන්මන්ට් කේ ලියේ කුජ් භි කරේගා 1 සත්කාරක
2009 එන්ටර්ටේන්මන්ට් කේ ලියේ කුජ් භි කරේගා 2 සත්කාරක
2010 එන්ටර්ටේන්මන්ට් කේ ලියේ කුජ් භි කරේගා 3 සත්කාරක
2010 ජලක් දිඛ්ලා ජා 4 සත්කාරක
2010 මීථි චූරි නම්බර් 1 සහභාගීත්වය
2010 ෂාදි 3 ක්‍රෝර් කි සත්කාරක
2011 එන්ටර්ටේන්මන්ට් කේ ලියේ කුජ් භි කරේගා 4 සත්කාරක
2011 තන් කා රිෂ්තා ආරාධිත නිරූපණය
2011 ස්ටාර් යා රොක්ස්ටාර් සත්කාරක
2012 CID වීර්තා අවෝඩ්ස් සත්කාරක
2014 එන්ටර්ටේන්මන්ට් කේ ලියේ කුජ් භි කරේගා 5 සත්කාරක
2015 කොමඩි ක්ලාසස් ඇය විසින්ම
2016 කොමඩි නයිට්ස් ලව් විශේෂ රැප් නිරූපණය
2016 කොමඩි නයිට්ස් බචාඕ ටාසා (කොමඩි නයිට්ස් බචාඕ 2වන වාරය) සත්කාරක

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Jha, Subhash K. (9 October 2008). "'Jassi' Mona Singh bags role in 3 Idiots". Hindustan Times. IANS/Mumbai. 20 October 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 June 2014. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. "Jassi Jaissi Koi Nahin cast: Then and Now". The Times of India. 20 August 2016. සම්ප්‍රවේශය 2016-08-21.
  3. 3.0 3.1 Bhirani, Radhika (2 March 2011). "Mona Singh, the 'Jassi' girl". The New Indian Express. සම්ප්‍රවේශය 2016-08-21.
  4. "Mona 'Jassi' Singh wins Jhalak Dikhhla Jaa". Daily News & Analysis. 27 October 2006. සම්ප්‍රවේශය 2016-08-21.
  5. "Bollywood Interview Mona Singh – 'Jassi'". Femalefirst.co.uk. 17 March 2006. සම්ප්‍රවේශය 7 April 2013.
  6. 6.0 6.1 "Mona dancing". Mumbai Mirror. 23 March 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  7. "Singh on song". Mumbai Mirror. 27 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite news}}: Cite has empty unknown parameter: |1= (help)
  8. "Bausch & Lomb ropes in `Jassi' Mona Singh". The Hindu. 5 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  9. "Mona Singh back on TV with 'Pyar Ko Ho Jaane Do', says doesn't like backstabbing in family dramas". The Indian Express. 2015-10-19. සම්ප්‍රවේශය 2015-10-27.
  10. "Mona Singh keen on season two of Jassi Jaissi Koi Nahin". The Indian Express. IANS. 7 June 2016. සම්ප්‍රවේශය 2016-08-21.
  11. "Mona Singh | Videos, Wallpapers, Movies, Photos, Biography". Bollywood Hungama. සම්ප්‍රවේශය 7 April 2013.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Jhalak

සැකිල්ල:Ugly Betty series

"https://si.wikipedia.org/w/index.php?title=මෝනා_සිං&oldid=544604" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි