සිව්වන හා දසවන සියවස් අතර කාලයේ දී දකුණු සේද මාවතේ චීනයේ ගන්සු පළාතේ පිහිටි ඩන්හුවාං කාන්තාර සීමාවේ ආරක්ෂක බලකොටුවක් ලෙස මොගාවෝ ගල් ගුහා සංකීර්ණය හැඳින්වේ. එහි බෞද්ධ බිතුසිතුවම් හා මූර්ති රඳවා ඇති අතර කැටයම් කරන ලද ගුහා 500ක් පමණ තිබේ. එයින් ගල් ගුහා 30ක් පමණක් මහජන ප්‍රදර්ශනය සඳහා මේ වන විටත් විවෘත කර තිබීම විශේෂත්වයකි.

මෙහි ග්‍රීක , පසියානු හා හින්දු ආභාශය ලැබූ මූර්ති දහක් ගණනක් අඩංගු වේ. යෝධ ගලකින් නෙළන ලද බුදුන්ගේ සිනහව සහිත ප්‍රතිමාව , ටැන්ග් රාජවංශ සභිකයින් සංගීතය වාදනය කරන ආකාරය හා මකරුන් 🐉 පියාඹන ආකාරය ඇතුළත් පිළිම මෙහි විශේෂ තැනක් ගනී. ක්‍රි.ව. 366 සිට 13වන සියවසේ මුල් භාගයේ දී ෂියා රාජ වංශය බිඳ වැටුණත් ඩන්හුවාං හී තිබූ බෞද්ධයන්ගේ විශිෂ්ට ස්ථානයක් වන මොගාවෝ ගල් ගුහා සංකීර්ණ⁣යෙහි පැවති ඒ ප්‍රෞඩත්වය ම තවදුරටත් රැකගැනීමට ඔවුන්ට හැකි විය.

ෂියා රාජවංශය බිඳවැටීමත් සමඟ මධයම ආසියාවේ රාජධානි වලින් පැමිණි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සහ මිෂනාරිවරුන්ට බෞද්ධ ආගම ප්‍රචාරය කිරීමට පිවිසිය හැකි ප්‍රධාන ස්ථානයක් බවට ඩන්හුවාං පත්කර ගත්තේ ය. ඒ අතර ක්‍රි.ව. 366 දී ඩන්හුවාං හී සිටින බෞද්ධයන් විසින් මොගාවෝ ගල් ගුහාව බෞද්ධයන් රකින ආරක්ෂක බලකොටුවක් ලෙස නම් කරන ලදී.

පසුව එය දහස් ගණනක් බුදුවරුන්ගේ ගුහාව යන අරුතින් ක්වාංෆෝ ඩොං ලෙසද හැඳින්වේ. එතැන් පටන් ඩන්හුවාං නගරයේ ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක් බවට හා වන්දනාමානයට පත්වන ප්‍රධාන ස්ථානයක් බවට මෙය පත්විය. මොගාවෝ ගල් ගුහාව තුළ ප්‍රාදේශීය සමාජයේ ප්‍රමුඛ කාර්යක් ඉටු කළ පැවදි ප්‍රජාවන් ගණනාවක් සිට ඇත. ඩන්හුවාං පාලනය කිරීමට පැමිණි ආණ්ඩුකාරවරුන් ගෙන් මොගාවෝ බෞද්ධ ගල්ලෙන සදහා ත්‍යාගශීලිව අනුග්‍රහයන් බොහෝමයක් හිමි විය.

ක්‍රි.ව. 1900 හා ක්‍රි.ව. 1911 වන ශතවර්ෂයේ දී මේ ගුහා තුල වැදගත් ලේඛන ඇතුළත් ' පුස්කොළ ගුහාවක් ' සොයාගන්නා ලදි. ඉන් පසුව මෙම පුස්තකාලය තුළින් සොයාගත් එම ලේඛන ලොව පුරා විසිරී ගිය අතර මේවායේ විශාලම එකතුව ඇත්තේ බීජිං , ලන්ඩන් , පැරිස් සහ බර්ලින් නගර වල බව වාර්තා වේ. එයට හේතුව වන්නේ මේ නගරය බටහිරින් චීන පරිපාලන භූමියට වෙළඳුන් ඇතුළු වූ පළමු නගරය වන බැවිනි. සුප්‍රසිද්ධ මොගාවෝ ගල් ගුහා සංකීර්ණය 1987 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කරන ලදි.

"https://si.wikipedia.org/w/index.php?title=මොගාවෝ_ගල්_ගුහා&oldid=439337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි