බිජිං නොහොත් පිකිං යනු උතුරු චීනය හා මහජන චීන සමුහාණ්ඩුවේ අග නගරයයි. මෙම නගරයේ නාගරික කටයුතු පාලනය වන්නේ මධ්‍යම රජය මඟිනි. බිජිං නගරයේ සිමාවන් ලෙස හෙබයි පලාතේ උතුර. බටහිර, දකුණු හා නැගනෙහිරින් සුලු ප්‍රමාණයක් හා ටියාන්ජින් නගරයේ ගිණිකොණත් සිමා වේ. බිජිං යනු චීනයේ ඇති පැරණිතම නගර හතරෙන් එක් නගරයකි.

ටියනන්මෙන්, ස්වර්ගයේ දේවස්ථානය, බීජින්ග් CBD, බීජිං ජාතික ක්‍රීඩාංගනය
     නගරයේ පිහිටීම
රට චිනය
දිස්ත්‍රික්ක 16 දිස්ත්‍රික්ක, 2 රට, 289 නගර සහ ගම්මාන
රාජ්‍යය මහනගර සභා ප්‍රදේශ
නගරාධිපති ගූ ජින්ග්ලොන්ග්
වර්ගඵලය 16,801.25 වර්ග කිලෝමීටර් (6,487 වර්ග සැතපුම්)
උන්නතාංශය 43.5 මීටර් (143 ft)
     ජනගහණය (2010)
මහනගර සභා ප්‍රදේශ 19,612,368
ඝනත්වය 1,167.3 වර්ග කිලෝමීටර් (3,023.3/වර්ග සැතපුම්)
වේලා කලාපය චින (UTC+8)
වෙබ් අඩවිය www.beijing.gov.cn

බිජිං යනු මහජන චින සමුහාණ්ඩුවේ ප්‍රධාන පාලන නගර හතරෙන් දෙවන විශාලතම නගරයයි. එය ප්‍රධාන නගරය හා උප නගරය 16 කින් හා ග්‍රාමිය ප්‍රදේශ දෙකකින් ද යුක්ත වේ. බිජිං යනු ගමනා ගමනයේ කේන්ද්‍රස්ථානයකි. දහස් ගණන් දුම්රිය මාර්ග හා මහාමාර්ග බිජිං නගරය පුරා විහිදි පවති. ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ද කේන්ද්‍රස්ථානය වන්නේ බිජිං නගරයයි. මහජන චින සමුහාණ්ඩුවේ අධ්‍යාපනික, දේශපාලනික හා සංස්කෘතික මධ්‍යස්ථානය වන්නේ ද බිජිං නගරයයි. ඒ අතරට ෂැංහයි හා හොංකොං ආර්ථික ක්ෂේත්‍රයන් ප්‍රධාන තැනක් ගනි. 2008 වසරේ ඔලිම්පික් තරගාවලිය සඳහා සත්කාරක නගරය වුයේද බිජිං නගරයයි.


සටහන් සංස්කරණය

| Beijing |}

"https://si.wikipedia.org/w/index.php?title=බිජිං&oldid=438369" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි