මූලික අයිතිවාසිකම්
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "මූලික අයිතිවාසිකම්" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
සෑම පුද්ගලයකුම මෙලොව ජීවත් වන විට යුතුකම් හා බැදීම් ඉටු කිරීම සඳහා වූ කිසියම් සබඳතාවයක් දරයි.එය දහමට, සිරිත් විරිත් වලට,නීතියට ආදී වශයෙන් විවිධ විය හැකිය.රටවැසියකු වු විට රටේ නීතියට,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ නියමයන්ට හා මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ යුතුකම් හා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට බැදියාවක් ඇතිවේ.
ඉතිහාසය
සංස්කරණයඅතීතයේ සිට මේ මොහොත දක්වා වූ කාලපරිච්ඡේදය තුල මිනිසාගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන නොනවත්වා ක්‍රියාවට නැංවෙයි.1215 මැග්නා කාටා ගිවිසුම,1776 ඇමරිකානු නිදහස් සටන සහ 1971 අයිතිවාසිකම් ප්‍රකාශනය,1789 ප්‍රංශ විප්ලවය ආදී ප්‍රකාශන විප්ලව හරහා අයිතිවාසිකම් පිළිබද සංකල්පය බිහිවූ අතර මානව හිමිකම් නීතියෙහි පිබිදීම උදෙසා 19 වන සියවසේදී තෝමස් හොබ්ස්,ජෝන් ලොක් වැනි දාර්ශනිකයන්ගේ මත පදනම් විය.මානව අයිතිවාසිකම් පිළිබද සංකල්පය 1948 මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය,1966 ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතිය,1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතිය සහ පසුව කී සම්මුති දෙකට අදාල වෛයිකල්පිත සම්මුතීන් දෙකක් අන්තර්ගත කරමින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පනත එලිදැක්වීමත් සමග බලවත් ලෙස ස්ථාවර විය.අයිතිවාසිකම් යන්න මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් ලෙස දෙයාකාරයකට බෙදේ.විශ්වයේ සමස්ථ මානව වර්ගයාට අදාල වන්නා වූ අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් වේ.මේ ආකාරයට වර්ධනය වූ මානව අයිතිවාසිකම් අතරින් යම් යම් අයිතිවාසිකම් එක් එක් රාජ්‍යයන් විසින් තම රටේ සාමාජික,ආර්ථික,දේශපාලනික,සංස්කෘතික හා වෙනයම් ආවේණික තත්‍වයන්ට උචිත වන ආකාරයට පමනක් උකහා ගෙන එසේත් නැතිනම් අත්‍යවශ්‍යයෙන්ම රැකිය යුතුයයි තමන් පිළිගන්නා අයිතිවාසිකම් ඒ ඒ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර නෛතිකව බලාත්මක කලහ.එම අයිතිවාසිකම් අප මූලික අයිතිවාසිකම් ලෙස හදුනා ගනී.ඒ අනුව මානව අයිතිවාසිකම් වලින් යම් යම් අයිතිවාසිකම් ක්‍රමිකව විකාශනය වීම හරහා මූලික අයිතිවාසිකම් බවට පත්වී ඇති අතර ඒ අනුව එක් එක් රටවල් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් එක හා සමාන නොවේ.උදාහරනයක් වශයෙන් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව "ජීවත් වීමේ අයිතිය" පිළිනොගත්තද දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනී.
විවිධ අධිකරණ බලසීමා තුල මූලික අයිතිවාසිකම්
සංස්කරණයශ්රී ලංකාව
සංස්කරණයශ්රී ලංකාවේ වත්මන් (1978) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ජා වෙයි.
10 වන ව්‍යවස්ථාව
සිතීමේ නිදහස,හෘදය සාක්‍ෂියේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළද ගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට,හෘදය සාක්‍ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.
11වන ව්‍යවස්ථාව
වධහිංසා වලින් නිදහස (කිසිම තැනැත්තකු වධහිංසා වලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය)
12 වන ව්‍යවස්ථාව
(1) සර්ව සාධාරණත්‍වයේ අයිතිවාසිකම (නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය.)
(2) කීසිම පුරවැසියකු වර්ගය,ආගම,භාෂාව,කුලය,ස්ත්‍රී පුරුෂ භේදය,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.
13 වන ව්‍යවස්ථාව
අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්,රදවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම
(1) නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය.යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය.
(2) අත් අඩංගුවෙහි තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තකුම නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර,නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥාව/ලැබූ ආඥාව /මත සහ ආඥාව ප්‍රකාර මිස,ඒ තැනැත්තා තවදුරටත් අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රදවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකළ යුත්තේය.
14 වන ව්‍යවස්ථාව
භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස
අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට
ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට
ඇ) සමාගමයේ නිදහසට
ඈ) වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැදීමේ නිදහසට
ඉ) එකලාව හෝ අන් අය හා සමඟ ,ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව ,තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන්,ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශකිරීමේ නිදහසට
ඊ) එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩිදියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට
උ) එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැකියාවක,වෘත්තියක,කර්මාන්තයක,වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට
ඌ) ශ්‍රී ලංකාව තුල යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට, සහ
එ) ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේය.