මානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසු


මනුෂ්‍යයෙකු ලෙස උත්පත්තිය ලැබීම නිසා මිනිසාටහට හිමිවන අයිතිවාසිකම් පොදුවේ මානව අයිතිවාසිකම්ලෙස පිළිගනු ලැබේ.මෙකී අයිතිවාසිකම් හි ඉතිහාසය විමසීමේදී එය මිනිසාගේ ප්‍රාථමික යුගය කරාම ගමන් කරන බව පෙනේ.ඉන් අදහස් වනුයේ මිනිසා ප්‍රාථමික සමාජවල පටන් තම අයිකිවාසිකම් වෙනුවෙන් කටයුතු කළ බවයි.ඒ සඳහා විවිධ අරගල, ලේ වැගිරීම්, සටන් පවා සිදු වු බව ඉතිහාසය සාක්ෂි දරයි.කෙසේ නමුත් අයිතිවාසිකම් යනු රන් බන්දේසියක බහා මිනිසාට හිමි වුවක් නොව විවිධ උත්සාහයන්ගේ අවසානයේ ජයග්‍රහණයක් බව පැහැදිලිය.1945 වසර යනු ලෝක ඉතිහාසය තුළ සුවිශේෂී කඩයිම් වර්ෂයක් වේ.ඊට හේතුව 2වන ලෝක සංග්‍රාමයෙන් පසු ලෝකයේ නව පුනරුදය ඇරඹෙන්නේ එකී වසරේ සිට වීම නිසායි.එම නිසා 1945 න් පසු අවධිය තුළ මානව අයිතිවාසිකම්විකාශනය වු ආකාරය සාකචාවට

ගොනුව:Hr-8.jpg


මානව අයිතිවාසිකම් නිර්වචනය

සංස්කරණය

(1)මානව අයිතිවාසිකම් යනු;

'මෙලොව උත්පත්තිය ලබන සෑම මනුෂ්‍යයෙකු විසින්ම ඔහුගේ හෝ ඇගේ භාෂාව, ආගම,වාර්ගිකත්වය , ලිංගිකත්වය ආදී කිසිවක් නොතකා සහජයෙන්ම උරුමකරගත්තා, කිසිම ව්‍යවස්ථාදායකයකින්,නිතියකින් හෝ කඩ කළ නොහැක්කාවුත් උල්ලංඝනය කළ නොහැක්කාවුත් අයිතිවාසිකමකි'.

(කරුණාදාස, 2006, 01)


(2)මානව අයිතිවාසිකම් යනු:

'සාමාන්‍යය අයිතිවාසිකම් වලින් වෙනස්වන්නා වුත්, සමස්ථ මනුෂ්‍යය පුජාව වෙත,මනුෂ්‍යයන් වීමේ හේතුව නිසාම නිසගයෙන්ම හා සහජයෙන්ම උරුම වන්නාවුත්, කිසිම නිතියකින් කඩකළ නොහැක්කාවුත් සුවිශේෂී නිතියක් වන්නේය'.

(කරුණාදාස, 2006,77)


(3)මානව අයිතිවාසිකම් යනු:

'දෙවියෙක්, සතෙක් හෝ යන්ත්‍රයක් නොවන පුද්ගලයා මනුෂ්‍යයෙකු වන අතර එලෙස මනුෂයයෙකු වීම නිසාම හිමිවන අයිතිවාසිකම් මානව අයිතිවාසිකම්වේ.මේවා හැමවිටම යුතුකම් හා බැදී පවතී.'

(New Standard Encyclopedia, Volume6,282)


(4)මානව අයිතිවාසිකම් යනු:

'මනුෂ්‍යයෙකු වීම නිසාම පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායකට මානව අයිතීන් හිමි වේ.මිනිසුන්ගේ හැකියාවන් වර්ධනයට හා මිනිසුන්ට ජීවත්වීමේ රුකුලක් වශයෙන් මානව අයිවාසිකම් පවතී.එමෙන්ම සෑම පුද්ගලයෙකුටම මේවා සමානව පවතී.'

(එ.ජා.මාකව හිමිකම් විශ්ව ප්‍රකාශනය.)

1945ට පෙර මානව අයිතිවාසිකම් පිළිබඳ සුවිශේෂී අවස්ථා

සංස්කරණය

1945 වසර යනු මානව අයිතිවාසිකම් ක්‍ෂෙත්‍රයේ සුවිශේෂී කඩඉමකි.ඊට හේතුව 2 වන ලෝක මහා සංග්‍රාමයට පසු බිහි වු එ.ජා.සංවිධානය කේන්ද්‍රගත කරගනිමින් මානව අයිතිවාසිකම් පිළිඳව විශ්ව ප්‍රකාශනය බිහිවීමයි.එහෙත් ඒ සඳහා 1945 ට පෙර සිටම පසුබිම සැකසී තිබේ.


‍ සුවිශේෂී සිද්ධීන්-

1215 - මැග්නාකටා ගිවිසුම.
1688 - අයිතිවාසිකම් පනත.
1628 - ඉංග්‍රිසි විප්ලවය.
1776 ජුලි 04 - ඇමරිකා එක්සත් ජනතා ස්වාධීනතා ප්‍රකාශය.
1789 අගෝස්තු 28 දා - මිනිසා හා ප්‍රංශ පුරවැසියාගේ අයිතිවාසිකම්
1857 - ඉන්දියානු නිදහස් සටන.
1917 - ඔක්තෝම්බර් විප්ලවය.


ඉහත අවස්ථාවලදී සිදු වු මහජන එකතු වීම්, ඉල්ලීම් හා අයිතීන් වෙනුවෙන් කළ අරගලවල ප්‍රතිඵලයක් ලෙස මානව අයිතිවාසිකම් වර්ධනය වු බව කිව හැකියි.

1945 ට පසු මානව අයිවාසිකම් ක්ෂෙත්‍රයේ සුවිශේෂී කඩයිම්

සංස්කරණය

එ.ජා.මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය(U.D.H.R)

සංස්කරණය

මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙතෙක් ලොව ඇති වු විශිෂ්ඨතම ලියවිල්ල ලෙස සැළකෙනුයේ 1948.12.10 සම්මත වු මෙම ලියවිල්ලයි.2 වන ලෝක යුද්ධයෙන් පසු සිදු වු මානව හිමිකම් ක්‍ෂෙත්‍රයේ මහාවිනාශය නැවත සිදුනොවීමට ලෝක ප්‍රජාවම එක් කළ අවස්ථාවක් ලෙස මෙම ලියවිල්ල සැලකේ.අද වන විට මෙම ගිවිසුමේ වගන්ති තම රටවල් තුළ ක්‍රියාත්මක කිරීමට රාජ්‍යය 191 කටයුතු කරන අතර වගන්ති 30 කින් යුක්ත මෙම ප්‍රකාශනය තුළින් මිනිසකුට හිමිවිය යුතු සෑම අයිතිවාසිකමක්ම තහවුරු කොට ඇත.




ආර්ථික/ සාමාජික/ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය(I.C.E.S.E.R)

සංස්කරණය

1996 දී ඇති වු ආර්ථික, සාමාජිය, සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මගින් ඉහත අයිතීන් තහවුරු කර ඇත.මිනිසාට සමාජය තුළ ජීවත්වීමේදී හිමිවිය යුතු නිදහස් රැකියාවක් තෝරා ගැනීමේ අයිතිය, සාධාරණ වැටුපක් ලැබීමේ අයිතිය, සංගමයේ නිදහස වැනි ආර්ථික,සාමාජීය හා සංස්කෘතික අයිතීන් මෙම ගිවිසුම මගින් ලොව පුරා සහතික කොට ඇත.




සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය(I.C.C.P.R)

සංස්කරණය

මිනිසාගේ මුලිකවම තහවුරු විය යුතු අයිතිවාසිකමක් වු සිවිල් හා දේශපාලන අයිතීන් තහවුරු කරනු ලබන්නේ මෙම සම්මුතිය මගිනි.කුරිරු සහ අවමන්සහගත සැළකිලි වලින් මිදීමේ අයිතිය / සාධාරණ නඩුවිභාගයක අයිතිය / මත දැරීමේ හා ප්‍රකාශ කිරීමේ අයිතිය වැනි සිවිල් පුරවැසිටයකු ලෙස හිමිවිය යුතු අයිතිවාසිකම් හා දේශපාලන අයිතිවාසිකම් මෙම සම්මුතිය මගින් සාක්‍ෂාත් කරනු ලබයි.18 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් මෙම හිමිකම් තහවුරු කරනු ලබයි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ 1 වන ප්‍රොටෝකෝලය.

සංස්කරණය

කිසියම් රටක අධිකරණ ක්‍ෂෙත්‍රයේ ගතහැකි අවසාන ක්‍රියාමාර්ගයද ගත් නමුත් තෘප්තිමත් පිළිතුරක් නොලැබුණු විට සාමාජික රටවල පුරවැසියන්ට එ.ජා.මානව හිමිකම් කමිටුවට පැමිණිළි කිරීමට ඉඩසලසා ඇත්තේ මෙම ප්‍රොට්‍රෝකෝලය මගිනි.ශ්‍රි ලංකාව ද 1997 දී මෙම සම්මුතියට අත්සන් කරම්න් එහි ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත.


සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ 2 වන ‍ප්‍රොටෝකෝලය.

සංස්කරණය

සාමාජික රටවලින් මරණීය දණ්ඩනය ඉවත් කිරීම සඳහා මෙම සම්මුතියට එකඟ රාජ්‍යයන් සෑම අවශ්‍යය, ක්‍රියාමාර්ගයක්ම ගතයුතු බව මෙම ගිවිසුම ප්‍රකාරව කියවේ.

ස්ත්‍රීන්ට එරෙහිව කෙරෙන සියලු ආකාරයේ වෙනස්කොට සැළකීම තුරන් කිරීමේ සම්මුතිය.

සංස්කරණය

1979 දී මෙම සම්මුතිය කෙටුම්පත් කළ අතර 1981 සැප්තැම්බර් 03 දා සිට ක්‍රියාත්මක වේ.ලොවපුරා හිංසනයට ලක් වු ස්ත්‍රීවර්ගයා වෙනුවෙන් ඉදිරිපත් වු ප්‍රබලර සම්මුතිය ලෙස මෙය සැළකේ.

 





වධහිංසා සහ වෙනත් අමානුෂික දඬුවම් හා අවමන් සහගත සැළකිලි වලට එරෙහි සම්මුතිය.

සංස්කරණය

C.A.T. ලෙස මෙම සම්මුතිය අර්ථ දැක්වේ.





ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (C.R.C).

සංස්කරණය

මේ මගින් ළමා අයිතීන් සුරකිනු ලැබේ.අප රටේ ළමා ආරක්‍ෂක අධිකාරියක් පිහිටුවා ඇත්තේද මෙහි මඟපෙන්වීම අනුවය.මෙම සම්මුතිය 1989 සිට ක්‍රියාත්මක වේ.

 

1945 න් පසු මානව අයිතිවාසිකම් රැකගැනීම සඳහා ඉවහල් වු සම්මුතීන් ඉහතින් සාකච්ඡා කරනු ලැබිය.






මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කරන ආයතන-

සංස්කරණය

මානව අයිතිවාසිකම් තහවුරු කරන ඒ වෙනුවෙන් පමණක් පෙනීසිටින රාජ්‍යයමය හා රාජ්‍යයමය නොවන සංවිධානද, කළාපීය සංවිධාන ද බොහෝමයක් රටපුරා ඇත.ඒවා පහත පරිදි වේ.


ජාත්‍යයන්තර ආයතන-

සංස්කරණය

මානව අයිතිවාසිකම් කොමිසම.

වියානා සම්මුතිය හා ලෝක මානව අයිතිවාසිකම් පිළිබඳ සමුළුවේදී සැකසු වැඩසටහන්.

 

එ.ජා.මානව අයිතිවාසිකම් පිළිබඳ කොමසාරාස් ධූරය.

ජාත්‍යයන්තර අපරාධ අධිකරණය(I.C.C).

අන්තර්ජාතික අධිකරණය(I.C.J)

එ.ජා.යුධඅපරාධ විනිශ්චය සභාව. උදා:-යුගෝස්ලෝවියාව පිළිබඳ හා රුවන්ඩාව පිළිබඳ අපරාධ විනිශ්චය සභාව

අන්තර්ජාතික නීතිකොමිසම.

අන්තර්ජාතික නීතිවේදීන්ගේ කොමිසම


කළාපීය සංවිධාන-

සංස්කරණය

මානව අයිතිවාසිකම් පිළිබඳ යුරෝපා අධිකරණය.

මානව හා පුද්ගල අයිතිවාසිකම් අප්‍රිකානු කොමිසම

ඉස්ලාම් ජනතාවගේ මානව අයිතිවාසිකම් පිළිබඳ "කයිරෝ සම්මුතිය".

මානව අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ඇමරිකානු අධිකරණය.


රාජ්‍ය්‍ය නොවන සංවිධාන.

සංස්කරණය

Human Rights Watch සංවිධානය

Freedom සංවිධානය

Amnesty International සංවිධානය

Baharain Center For Human Rights සංවිධානය

Article 18 සංවිධානය


ශ්‍රි ලංකාව තුළ මානව අයිතීන් සුරක්‍ෂණය කරන ආයතන-

සංස්කරණය

ශ්‍රේෂ්ඨාධිකරණය

 

මානව හිමිකම් කොමිසම

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්

නීති ආධාර පදනම

නීති ආධාර කොමිසම

මානව හිමිකම් ආයතනය

මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය

මානව අයිතිවාසිකම් පිළිබඳ නීතිවේදී සංවිධානය


මේ සියලුම ආයතන 1945 න් පසු නුතන අවධිය තුළ බිහි වු ඒවා වේ.එබැවින් 1945 අවධිය අයිතිවාසිකම් ක්‍ෂෙත්‍රයේ ස්වර්ණමය යුගය ලෙස සැළකුවහොත් එය අතිශෝක්තියක් නොවනු ඇත.



මානව අයිතිවාසිකම් පිළිඹිබු කරන සුවිශේෂී ක්‍ෂෙත්‍ර-

සංස්කරණය
  • මහජන අර්ථසාධන නඩුක්‍රමය-

ඉන්දීය හිටපු අගවිනිසුරු වන පි.එන්.භගවතී මහතා විසින් හදුන්වා දෙනු ලැබු මහජන අර්ථසාධන නඩුක්‍රමය ද 1945 න් පසු දශකය තුළ සුවිශේෂී ඉදිරිගමනක් පිළිභිබු කරන අවස්ථාවකි. "කොන් වී ඇති සමාජ කණ්ඩායම් සහ සම්පත් ප්‍රහීනතාවය නිසා නීතියේ ප්‍රවේශය අහිමි වී ඇති අය ආරක්‍ෂාකර ගැනිමට විනිශ්චයකාරවරු ගතිජව හා නිර්මාණශිලීව කටයුතු කිරීම". (සිරිවර්ධන,1993,16)


  • වැඩිහිටි අයිතිවාසිකම් පිළිබඳ නීති-

වයස අවු:60 ඉක්ම වු නමුත් ඒවා බලාත්මක කර ගැනීමට වයෝවෘද්ධභාවය බාධාවක් වු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට කටයුතු යෙදීම සුවිශේෂී අවස්ථාවකි.

  • ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම්-
 
  • පාරිභෝගික ආරක්‍ෂාව පිළිබඳ අයිතිවාසිකම්-
  • පරිසරය පිළිබඳ නීති-



මානව අයිතිවාසිකම් බිඳවැටෙන අවස්ථා හා මානව අයිතිවාසිකම් සඳහා පවතින අභියෝග-

සංස්කරණය
 

මේ වන විට ලෝකය පුරා මානව අයිතිවාසිකම් ක්‍ෂෙත්‍රය තුළ සීඝ්‍ර ප්‍රගමනයක් ඇතිබව නොරහසකි.සෑම ඉසව්වක්ම ආවරණය කරමින් මානව අයිතිවාසිකම් සුරක්‍ෂිත වී ඇත.එහෙත් සුපරික්‍ෂාකාරීව බැලීමේදී ඇතැම් අවස්ථාවල මානව අයිතීන් ඉටු වී නොමැති අතර ඇතැම් ක්‍ෂෙත්‍ර සම්බන්ධයෙන් මානව අයිතීන් සුරක්‍ෂිත කොට නැති බව පෙනේ.


  • පසුගිය දා ඉරාකයේ "අබුහරීම්" සිරකඳවුර තුළ සිදු වුවායැයි කියන අමානුෂික හා අතිශය කෲර හිංසනයන්.
  • වර්තමානයේ ලොවපුරා පවතින විවිධ යුධ කටයුතු නිසා ද,දහස් ගණනකගේ මානව අයිතිවාසිකම් කඩ වී ඔවුන් හිංසනයට ලක් වී ඇත.මොවුන් මෙම යුද්ධ වලට ඍජුවම සම්බන්ධ නොවුනද මෙකී විපාක වලට මුහුණදීමට සිදුවීම ඛේදනීය තත්වයකි.
  • ලොවපුරා පවතින ගරිල්ලා සංවිධාන වලට ළමා සොල්දාදුවන් යොදා ගනිමින් ළමා අයිතීවාසිකම් උල්ලංඝනය කිරීම.
  • කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ඉතා දැඩිව සාකච්ඡා කරන මෙවන් සමයකදීම මැදපෙරදිග කළාපය තුළ කාන්තා අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය කිරීම.

උදා:තලෙයිබාන් පාලනය තුළ කාන්තාවන්.

  • ඇතැම් සම්මුතීන්/ප්‍රඥප්ති බොහෝමයක් කොළයට සිමා වී පැවතීම.ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම.
  • මානව අයිතිවාසිකම් වලට වඩා වැඩිවේගයකින් විද්‍යයාව හා තාක්‍ෂණය දියුණුවීම තුළ සමහර අයිතිවාසිකම් විද්‍යයාවේ හා තාක්‍ෂණයේ බලමහිමය නිසා යටපත් වී ඇත.නුතනයේ නිපදවන භාණ්ඩ (පරිගණක),ජානපිටපත් තාක්‍ෂණය, අධිශීතකරණය කල ශුක්‍රානු භාවිතය, නළ දරු උපත්, අනායාස මරණ, කෘත්‍රිම ජීවිතාධාරක ආදිය යොදාගැනීම තුළ මානව අයිතිවාසිකම් අභියෝගයට ලක් වී ඇත.ඒ අනුව සිදුවිය යුත්තේ මානව අයිතිවාසිකම් ද විද්‍යයාව හා තාක්‍ෂණය මෙන් ක්‍ෂණිකව යාවත්කාලීන වීමයි.


ඉහත දැක්වු තොරතුරු වලට අනුව මානව අයිතිවාසිකම් යනු ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකී සෑම දෙනාටම සමානව ලැබෙන ,සර්ව භෞමික සංකල්පයක් නොවේ.ඒ අනුව මෙයින් අපට ගම්‍යය කරනුයේ මානව අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමට මෙහට වඩා ක්‍රමවේද, ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි.ඒ අනුව පවත්න අභියෝග හදුනාගෙන පිළියම් කළයුතු වේ.එවිට මේ ලොව මීට වඩා සුන්දර ස්ථානයක් වනු නිසැකය.




ආශ්‍රිත ග්‍රන්ථ

සංස්කරණය

1අන්තර්ජාතික මානව අයිතිවාසිකම්; 2003; එ.ජා.ප්‍රවෘත්ති කේන්ද්‍රය; බෞද්ධාලෝක මාවත; කොළඹ 07

2කරුණාදාස ඩබ්.එම්; ජාත්‍යයන්තර මානුෂ්‍යයවාදී නීතිය; 2006; ඉමේජ් ලංකා ප්‍රින්ටර්ස්; දෙහිවල.

මේ අඩවියත් බලන්න

සංස්කරණය