මුර්යොං රජුගේ සොහොන්ගැබ
මුර්යොං රජුගේ සොහොන්ගැබ හෙවත් සොංසන්-රි සොහොන් අං. 7 (공주 송산리 7호분) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 501 සිට 523 දක්වා බෙක්ජේ රාජධානිය පාලනය කළ මුර්යොං රජුගේ සහ ඔහුගේ රැජිනියගේ පුරාතන සොහොන් ගොඩැල්ලයි. සොරුන්ගේ ග්‍රහණයට නතු නොවූ බෙක්ජේ සොහොන්ගැබ් අතිශයින් විරළ නිසා මෙම නොඉඳුල් සොහොන්ගැබ කොරියාවේ විශිෂ්ටතම පුරාවිද්‍යා සොයාගැනීමක් ලෙස සැලකේ. තුන් රාජධානිවලින් එකක් වන බෙක්ජේ රාජ්‍යය පිළිබඳ තොරතුරු සපයන ප්‍රභවයක් ලෙස ද මෙය තීරණාත්මක වේ.[1]
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
මුර්යොං රජුගේ සොහොන්ගැබ | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 무령왕릉 |
හන්ජා | 武寧王陵 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Muryeongwangleung |
මැකූන්–රයිෂවර් | Muryŏngwanglŭng |
මෙම සොහොන්ගැබ පිහිටියේ වර්තමාන දකුණු කොරියාවේ චුංචොංනම්-දෝ පළාතේ ගොංජුහි ය.[2] කොරියානු ඓතිහාසික අඩවිය අංක 13 ලෙස එය නම්කොට ඇත. මුර්යොං රජුගේ සොහොන්ගැබ දකුණු කොරියානු රජයේ තාවකාලික ලෝක උරුම අඩවි ලැයිස්තුවට ඇතුළත් කොට ඇත.
කැනීම්
සංස්කරණයමෙම සොහොන්ගැබ සොයාගැනුණේ 1971දී අං. 5 සහ 6 සොහොන්වල ජලාපවහන කටයුතු සිදු කිරීමේ දී අහම්බෙනි. සහස්‍රකයක් පුරාවට එය නිධන් සොරුන්ගේ සහ මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු නොවී පැවතිණි. මෙය විවෘත කළේ රජුගේ සහ අගබිසවගේ දේහයන් තැන්පත් කොට සියවස් පහළොවකට පසුවයි.[3]
සොහොන්ගැබේ පිටත පස් ගොඩැල්ලක මෙන් ස්වරූපයක් ඇති අතර, එහි විෂ්කම්භය මීටර 20ක් සහ උස මීටර 7.7ක් (අඩි 66 x අඩි 25) වේ. මුල් සොහොන්ගැබ මෙයට වඩා විශාලත්වයෙන් වැඩි වන්නට ඇතැයි විශ්වාස කෙරේ. සොහොන්ගැබ සතුව ජලාවහන ක්‍රමයක් ද පැවතිණි. මෙම සොහොන්ගැබ ඉදිකොට ඇත්තේ දකුණු චීන මූලාදර්ශ අනුව වුවත්, බෙක්ජේහි අංග ද ඇතුළත්ව මෙය කොරියානු-ආරේ සොහොන්ගැබක් ලෙස සැලකේ. වෙන්වෙන්ව ගත්විට සොහොන්ගැබේ ඇතුළත් කොරියානු අංග නම් කුටිවල ඇති ආරුක්කු හැඩැති ස්වභාවය සහ ගඩොලුවල වර්ණ රටාවයි. මුර්යොං රජුගේ ගොඩැල්ලෙහි ශෛලිය දැකගත හැකි වන්නේ ගොංජු ප්‍රදේශයේ පමණි. චීන සම්ප්‍රදායේ දී සොහොන් උතුරට මුහුණලා ඉදිවුව ද, මෙම සොහොන්ගැබ දකුණු දෙසට ඉදිකොට ඇත. කෙසේනමුත්, චීන ක්‍රමය අනුව රජුගේ දේහය නැගෙනහිර කොටසේත්, රැජිනගේ දේහය බටහිර කොටසේත් තැන්පත් කොට ඇත.
ප්‍රධාන කුටිය ඍජුකෝණාස්‍රාකාර අතර, එය කළු ගඩොල්වලින් තනා ඇත. එය උතුරු-දකුණු දෙසින් මීටර 4.2ක ද, නැගෙනහිර-බටහිර දෙසින් 3.14ක දිගිනුත් යුතු අතර, උස මීටර 3.14කි. උතුරු සහ දකුණු බිත්ති ඍජුව පිහිටා තිබුණ ද, නැගෙනහිර සහ බටහිර බිත්ති ඇතුළු දෙසින් වක්‍රාකාරව තනා ඇත. මේ නිසා ආරුක්කු හැඩැති පියස්සක් සෑදේ. දකුණු බිත්තියෙහි ආරුක්කු-හැඩැති දොරටුවක් ඇති අතර, එය සොහොන්ගැබේ පිවිසුම වෙත දිවෙන පැසේජ මඟකට විවෘත වේ. දොරටුවේ දිග මීටර 2.9කි. පළල මීටර 1.04ක් සහ උස මීටර 1.45කි. නැගෙනහිර සහ බටහිර බිත්තිවල පහන් තැබීමට ලූනූ ගෙඩියක හෝ ගිනි සිළුවක හැඩැති අවකාශ දෙකක් තනා ඇති අතර, උතුරු බිත්තියේ ඇත්තේ එවැනි එක් අවකාශයක් පමණි. බිත්තියේ ගඩොලු ස්ථානගත කොට ඇත්තේ සමාන්තරව දිගටි අතට සහ පළල් අතට ය. ගඩොල්වල ප්‍රධාන වශයෙන් නෙළුම් මල් රටාවන් දැකගත හැකි අතර, වෙනත් මෝස්තර ද ඇතුළත් කොට ඇත.
කලා කෘති
සංස්කරණයසොහොන්ගැබේ තිබී භාණ්ඩ 2,906ක් හමුවූ අතර, ඒවා පසුව ප්‍රවර්ග 108කට වර්ගීකරණය කරන ලදී. වඩාත් වැදගත් භාණ්ඩ අතරට, රජු සහ රැජින වෙනුවෙන් නිම කළ රාජකීය ශීර්ෂ පළඳනා යුගළ ද්විත්වයක් සහ වැදගත් තොරතුරු හා දින අන්තර්ගත ශිලා ලේඛන දෙකක් ද අයත් වේ. මෙම සමරු ලේඛන මගින් රජුගේ සහ රැජිනගේ නම සහ වයස ලබාදෙන අතර, ඔවුන් මරණය සහ භූමදානය සිදුවූ දින ද සටහන් කොට ඇත. මෙය කොරියානු සොහොන්ගැබ්වල විරළව දක්නට ලැබෙන ලක්ෂණයකි. මෙම දිනයන් ද අතිශයින් වැදගත් වන්නේ එමගින් කොරියානු ඉතිහාස ලේඛනයක් වන සම්ගුක් සගිහි තොරතුරු පැහැදිළිවම සනාථ කරන හෙයිනි.
සෙසු භාණ්ඩ අතරට චීන සෙලඩන් බුජම්, තඹ පාත්‍රයක්, රනින් හා රිදියෙන් නිමකළ අත් පළඳනා සහ කර්ණාභරණ, පාද ඵලක, ලෝකඩ දර්පණ, මුදු-හැඩැති මිට සහිත අසිපතක් සහ රන් ආලේපිත ලෝකඩ පාවහන් ද වේ. සොහොන්ගැබේ සිවිගෙය දැව මිනීපෙට්ටිවල ශේෂයන්ගෙන් ආවරණය වී පැවතිණි. අවමංගල භාණ්ඩ මිනීපෙට්ටිවලට පහළින් තැන්පත් කොට තිබූ අතර, වඩාත් වැදගත් පුරාවස්තු රජුගේ සහ රැජිනියගේ දේහය මත තැන්පත් කොට තිබිණි. මෙයට උදාහරණයක් ලෙස අසිපත රජුගේ ඉණෙහි සහ ශීර්ෂ පළඳනා රජුගේ හා රැජිනියගේ හිසෙහි තැන්පත් කොට තිබීම දැක්විය හැක.
ගැලරිය
සංස්කරණය-
සොහොන්ගැබේ කැනීම් සිදුවන අවධියේ එහි අභ්‍යන්තරය සහ පිටත පෙන්වන රූ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අයුරු.
-
සිල්ලා සොහොන්ගැබ්වලින් හමුවූ ඒවාට සමාන රන් බඳපටිය.
-
සොහොන්ගැබෙන් හමුවූ ගොගොක් නැමැති කොමා-හැඩැති පබළු.
-
රජුගේ පසෙක තබා තිබූ මුදු ආකාර මිටක් සහිත අසිපත.
-
රාජකීය ශීර්ෂ සහ පාද ඵලක.
-
රාජකීය ශීර්ෂ සහ පාද ඵලක.
-
රන් ආලේපිත ලෝකඩ පාවහන්.
-
මකර සැරසිලි සහිත රැජිනගේ රිදී අත් පළඳනා.
-
රජුගේ සහ රැජිනගේ සොහොන්ගැබේ ආරක්ෂාව පිණිස සොහොන්ගැබ තුළ තැන්පත් කොට තිබූ සොක්සු නැමැති දුලබ ශෛලමය සත්ත්ව රුව.
-
පුද්ගලයින් සහ ඔවුන් ඇතුළත් කෙරුණු වර්ෂ විස්තර කෙරෙන දුර්ලභ ගණයේ රාජකීය සමරු ශිලා ඵලකයක්.
-
රාජකීය මිනී පෙට්ටිවල අනුරූ; ඇණ, වෙනත් ලෝහ නිර්මාණ සහ දැවයේ කොටසක් වර්තමානයේ ශේෂව පවතී.
-
පක්ෂි-හැඩැති රන් ආභරණයක්.
-
රජුගේ රත්රන් කර්ණාභරණ; මෙය දකුණු කොරියාවේ ජාතික වස්තුවකි.
මේවාත් බලන්න
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- සටහන්
- ^ Kim 1973, 1986; Kim and Pearson 1977.
- ^ Tomb of King Muryeong www.art-and-archaeology.com
- ^ Songsan-ri Tombs and Royal Tomb of King Muryeong [UNESCO World Heritage (송산리 고분군과 무령왕릉 [유네스코 세계문화유산])] සංරක්ෂණය කළ පිටපත 2017-12-10 at the Wayback Machine english.visitkorea.or.kr
- ප්‍රභව
- Kim Won-yong. Hanguk Gogohak Gaeseol [Introduction to Korean Archaeology]. Iljisa, Seoul, 1973 (1996). ISBN 89-312-0022-6
- Kim Won-yong. Art and Archaeology of Ancient Korea. Taekwang Publishing Co., Seoul, 1986.
- Kim Won-yong and Richard J. Pearson. Three Royal Tombs: New Discoveries in Korean Archaeology. Archaeology 30(5):302-312, 1977.
- National Research Institute of Cultural Heritage. 'Muryeong Wangneung Article'. In Hanguk Gogohak Sajeon [Dictionary of Korean Archaeology], pp. 413-414. NRICH, Daejeon, 2001. ISBN 89-5508-025-5
- Office of Cultural Properties. Muryeong Wangneung Balguljosa Bogoseo [Excavation Site Report of the Tomb of King Muryeong]. Office of Cultural Properties, Seoul, 1973.
බාහිර සබැඳි
සංස්කරණය- ගොංජු ජාතික කෞතුකාගාරය
- කොරියාවේ දිවිය
- [1] සංරක්ෂණය කළ පිටපත 2007-09-30 at the Wayback Machine
- [2] සංරක්ෂණය කළ පිටපත 2006-04-26 at the Wayback Machine
- සංස්කෘතික උරුමය: මුර්යොං රජුගේ සොහොන
- කොරියාවේ ලෝක උරුමය (PDF)