පූජනීය ස්ථානයකට, හෝ රාජකීය ස්ථානයකට පිවිසෙන දොරටු අභියස පියගැටපෙළ පාමුල සඳකඩපහණ දෙපස පිහිටන මුරගල හෙළ කලාකරුවාගේ මා හැඟි නිර්මාණයකි. දිගු කලක් මුළුල්ලේ විකාශනය වූ මුරගල ආරක්ෂක ගල්, දොරටුපාල ගල් නමින්ද හැඳුන්වයි.

මුරගලෙහි ආරම්භයසංස්කරණය

 
මිහින්තලය කළුදිය පොකුණ පිහිටි කැටයම් රහිත මුරගලක්

ආරම්භයෙහි හුදු ගල් පතුරක් පමණක් ම වූ මුරගල, කොරවක්ගල සඳහා වූ කූඤ්ඤයක්විය. උදාහරණ වශයෙන්

  • නිතුලත් පහණේ මුරගල
  • රාජාංගනයේ වටදාගෙයි මුරගල
  • වෙස්සගිරියේ මුරගල

සඳහන් කළ හැකිය. පළමුවෙන් ගලෙහි උඩු අයින් අර්ධ කවාකාරව කපා එය විචිත්‍රකිරිම අරඹා ඇත. යටිකුරු පලිහ නමින් හැඳින්වෙන මෙබඳු මුරගල් බුත්තල ‍කෝරළයේ ගල්බුදුන්තැන්නෙන් හමුවේ

පුන්කළස සහිත මුරගලසංස්කරණය

 
පුන්කළස සහිත මුරගලක්

දේශීය සංස්කෘතියේ අනන්‍යතාවය දනවන පුන්කළස මුල්කාලීනව මුරගලට එක් විය. සෞභාග්‍යය, සශ්‍රීකත්වය, දියුණුව හොබවන පුන්කළස ප්‍රථම භාගයේ රේඛාවකින් සටහන්ව ක්‍රමයෙන් විසිතුරු විය.

ඇති මුරගල් මීට උදාහරණ වේ. මින් විශිෂ්ට මුරගල වන්නේ නෙළුවිල මුරගලයි.

වාමනයා සහිත මුරගලසංස්කරණය

 
අභයගිරිය වාමනයා සහිත මුරගලක්

හාස්‍ය රස දනවන බහිරවයා සහිත මුරගල මුරගලෙහි දෙවන අවස්ථාවයි. බහිරව මුරගල ප්‍රධාන කොටස් දෙකකි. ඉන් බහිරවයාගේ හිස මත හක්ගෙඩියක සළකුණක් සහිත මුරගල සංඛ ලෙසත්, පද්මයක සළකුණ සහිත මුරගල පද්ම ලෙසත් හැඳින්වෙයි. මෙබඳු මුරගල් බහුලව දැකගත හැකිවේ. කුවේරයාගේ පරිවාර ජනයා (පද්ම නිධි සහ සංඛ නිධි) මෙනම් වූ බව සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි.

මෙබඳු මුරගල් දක්නට ලැබේ. තොලුවිල දක්නට ඇති මුරගල් ඉන්දීය කැටයම් ආභාෂය ලබා ඇති බව පෙනේ.

නා රුව සහිත මුරගලසංස්කරණය

 
කුට්ටම් පොකුණ නා රුව සහිත මුරගලක්

නා රුව සහිත මුරගල්, මුරගල් වශයෙන් නොසැලකෙන බව චාල්ස් ගොඩකුඹුර මහතාගේ අදහසයි. කෙසේ වෙතත් මේ යුගයේ බහිරව විමානයට නාගයකු රිංගා ගැනීමට දැරූ උත්සාහයක් මුරගලේ විකාශනය තුළ පෙනේ. නා රුව සහිත මුරගල් විශේෂයෙහි ද වර්ග දෙකක් දැකගත හැකිය. එනම් පෙන පහක් සහිත නාග රුව සහ පෙන හතක් සහිත නාග රුව සහිත මුරගල් වශයෙනි.

මෙබඳු මුරගල් හමුවේ. මේ මුරගල් ජලය සංකේතවත් කළ බවට විශ්වාසයක් පවතී.

නාරජු සහිත මුරගලසංස්කරණය

 
රත්නප්‍රාසාද මුරගල

මුරගලේ විශිෂ්ටතම අවස්ථාව නාරජු සහිත මුරගල් අවස්ථාව වේ. එතෙක් පැමිණි මුරගල් සියල්ලෙහිම වූ සියළු අංග නාරජු සහිත මුරගල තුළ දක්නට ලැබේ. ඒ අනූව පුන්කළස රුව නාරජුගේ අත්ල මතද, බහිරව රූ එකක් හෝ සමහරවිට දෙකක් නාරජුගේ පය පාමුලද, නාග පෙන නාරජුගේ හිසවටාද සංඛේතවත් කොට තිබේ.

  • අනුරාධපුරයේ රත්න ප්‍රාසාදයේ මුරගල මීට ‍හොඳම උදාහරණයයි. පස් වන සියවසට අයත් මේ මුරගල මිහිඳු රජ දවස නිමවූවක් බව හොරාකොට් මහතාගේ අදහසයි. දුටුවන් මන බඳනා රාගී හැඟීම් ඉස්මතු කළ නා රජ රුව තාරුණ්‍යයෙන් පිරිපුන් ය. රත්න ප්‍රාසාදයේ මුරගල භාරතයේ තෙලිසා මන්දිරයේ ඇති දානපති යුවල නම් මුරගලට සමාන වේ. පොළොන්නරු යුගයට අයත් විශිෂ්ඨතම මුරගල වටදාගේ නැඟෙනහිර ද්වාරයෙහි පිහිටා ඇත.

මේවාද බලන්නසංස්කරණය

ආශ්‍රිත ග්‍රන්ථසංස්කරණය

  • ගුණරත්න බණ්ඩාර,ජී.ආර්. මහරච්චිමුල්ලේ : අපේ සංස්කෘතික දායාද
  • මද්දුමගේ ,මිල්ටන් :චිත්‍ර කලා අධ්‍යයනය
"https://si.wikipedia.org/w/index.php?title=මුරගල&oldid=356840" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි