කුට්ටම් පොකුණ - අනුරාධපුර ශ්‍රී ලංකාව

නාන පොකුණු සඳහා පුරාණ ශ්‍රී ලංකාවේ පෙන්විය හැකි එක් උදාහරණයක් නම් කුට්ටම් පොකුණයි. මෙය අනුරාධපුර යුගයේ පුරාණ සිංහලයින් විසින් කරන ලද්දකි. මෙය ඔවුන්ගේ වාරි ඉංජිනේරු ශිල්පයේ ද, වාස්තු විද්‍යාත්මක ක්‍රමවල ද සුවිශේෂී අග්‍ර ඵලයක් ලෙස සළකනු ලැබේ.

විශාලත්වයසංස්කරණය

පොකුණ පිහිටි උද්‍යානය සැළසුම් කර තිබෙන්නේ අඩි 18½ ක් පමණ දිග බිම් තීරුවකිනි. විශාලතම පොකුණ දිග අඩි 132 ක් සහ පළල 51 කි. කුඩා පොකුණ අඩි 91 ක් සහ පළල 51 කි. ගැඹුර ලොකු සහ කුඩා දෙක්හි පිළිවෙලින් අඩි 18 ක් සහ 14 කි.

ගොඩනැගීමසංස්කරණය

 
කුට්ටම් පොකුණ

කුට්ටම් පොකුණුවල මතු පිට යටට, සහ පැතිවලට යොදා ඇත්තේ කැපූ ගල් පුවරුය. පොකුණු දෙකේම දෙපැත්තේ පියගැට පෙළවල් දකින්නට ඇත. ඒවා සමෘද්ධිය විදහා දක්වන පුන්කළස්වලින් සහ ලියවැල්වලින් අලංකෘතය. ඉවුරු සකස්කර තිබුනේ භික්ෂූන් වහන්සේලාට ඒවායේ හිඳගෙන කුමක් හෝ භාජනයක් ගෙන දිය නෑමට හැකි වනු පිණිසයි. පෙකුණට ජලය පැමිණියේ ද පිට වූයේ ද භූගත නල මාර්ගයක් මගිනි. පොකුණට ජලය ඇතුළු වන විට එය පෙරීමට උපක්‍රම යොදා තිබුණි. ආචාර්ය සෙනරත් පරණවිතානයන් මෙම පොකුණු යුගල සංරක්ෂණයට මහත් සේ වෙහෙස මහන්සි විය. මෙහිදී පොකුණ පතුලේ තිබී කුඩා මත්ස්‍යයින්, හක් ගෙඩියක්, කකුළුවෙක් සහ නාට්‍යාංගනාවකගේද පිළි රූ සොයා ගනු ලැබිණි.

මේවාද බලන්නසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කුට්ටම්_පොකුණ&oldid=399527" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි