පණ්ඩුකාභය රජුට දාව ස්වර්ණපාලී මෙහෙසිය කුසින් උපන් මුටසීව නම් කුමරු පණ්ඩුකාභය රජුගේ ඇවෑමෙන් පසු රජකමට පත් වේ.

මහාවංශයෙහි මෙසේ සටහන් වුවත් රාජාවලිය නමැති ග‍්‍රන්ථයේ සදහන් වන ආකාරයට පණ්ඩුකාභය රජුට අනතුරුව රාජ්‍යය භාරගන්නේ ඔහුගේ පුත් ගණතිස්ස කුමරුය. පුත් මුටසීව රාජ්‍යයට පැමිණෙන්නේ ඊට වසර දහතුනකට පසුවය.

අනුරාධපුරයේ මහමෙව්නා උයන කරවන ලද්දේ මුටසීව රජු විසිනි. එම උයන සදහා භූමිය වෙන් කරන දිනයේ අකල් මහා වැස්සක් ඇති වූ නිසා මහාමේඝවන හෙවත් මහමෙව්නා යන නාමය යෙදුණි.

මුටසීව රජතුමා යුද්ධ කෝලාහල කිසිවක් නැතිව අනුරාධපුරයෙහි වසර හැටක් පමණ රාජ්‍යය කළේය

"https://si.wikipedia.org/w/index.php?title=මුටසීව_රජු&oldid=518534" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි