මිත්තසේන රජ, පස්වන සියවසෙහිදී අනුරාධපුරයේ රජ ලෙසින් සිටිමින් 435 සිට 436 දක්වා රාජ්‍යය පාලනය කලේය.


මිත්තසේන කරල් හොරා යන ගර්භිත නාමයකින් ඉතිහාස ගත වී ඇත ඡත්තගාහක රජු මරා දැමීමෙන් පසුව රජුගේ මිත්‍රයෙක් වූ අමාත්‍යවරයෙකු රජුගේ අවසන් කටයුතු නුවර ඇතුළත දීම සිදු කර මිත්තසේනව රජකර වූ බව කියවේ

මෙහිදී කරල් සොරා යන වචනය පිළිබඳව අර්ථ දක්වන ඇතැම් විචාරකයින් කරල් සොරු යන්නෙන් අර්ථ දැක්වෙන්නේ කැරළිකාර දාමරියෙකු බැව් ප්‍රකාශ කෙරේ තවද කරල් සොරා යන පහත් සුළු සොරකම්වල යෙදෙන්නෙකු රාජකීයන් සමග සබදතා පැවැත්වේ යයි සිතීම ද උගහටය ‍ඓතිහාසික මූලාශ්‍රයන්හි සදහන් නොවූවත් මේ පිළිබඳව කිසියම් ගැටළු සහගත තත්ත්වයක් පවතින බැව් අනුමාන කරති

එනම් මිත්තසේනට සිහසුන ගැනීමට උදව් කළ ඇමතිවරයා ඡත්තගාහක රජුගේ මිත්‍රයෙක් වන බැවිනි සමහර විට සංඝා ඔහු සමග කිසියම් සබදතාවක් තිබෙන්නට ඇත ඇමතිගේ උපක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ නිසා මේ තත්ත්වය උද්ගත වන්නට ඇත කරුණු සදහන් අන්දමට මිත්තසේන රජකමට තෝරා ගත් ඇමතියා කළේ රජු රෝගාතුර වී යයි තෙමේ රාජ්‍ය විචාරණය කිරීමය කෙසේ වුවද මිත්තසේනගේ පාලනය නොරිස්සූ රටවාසීහු තැනින් තැන කැරළි ගැසූහ මේ අවස්ථාවේ දකුණු ඉන්දියානු ආක්‍රමණයකට ලක්දිව ගොදුරු වූ බැව් සදහන් වේ මේ අතර මිත්තසේන රජු මරා මේ රට ආක්‍රමණය කළ පණ්ඩු නම් දෙමළ ආක්‍රමණිකයෙක් මේ රටේ සිහසුන ඩැහැ ගත්තේය

"https://si.wikipedia.org/w/index.php?title=මිත්තසේන_රජ&oldid=594515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි