අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකාව තුළ පළමුවන රාජධානිය යි.මෙය අතීත සිංහල රජදරුවන් විසින් ගොඩනගන ලදි. පණ්ඩුකාභය රජ විසින් රාජධානියක් ලෙස ක්‍රි.පු. 377 ගොඩනඟන ලදි. අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම යුගයකි. බුදු දහම මඟින් අනුරාධපුර රාජධානිය කාලාව, සංස්කෘතික, දේශපාලන පෞඩ ඉතිහාසය කරා ලඟා කරන ලදි. බුදු දහම අනුරාධපුර රාජධානිය තුළ ආරම්භ වන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨ රජු ලෙස දුටුගැමුණු රජතුමා නම් කළ හැක. මිට අමතරව වළඟම්භා රජතුමා, ධාතුසේන රජතුමා ද ශ්‍රේෂ්ඨ රජවරු වේ. මෙම රජවරු රට පාලනය කරන සමය අනුරාධපුර රාජධානියේ ශ්‍රේෂ්ඨතම යුගයයි. රාජධානිය මුලික වශයෙන් කෘෂිකර්මය මත පදනම් විය.මල්වතු ඔය ආශ්‍රිතව බිහිවි පසුව වැව් තැනිම මඟින් වියලි කලාපය පුරා ව්‍යාප්ත විය.වසභ සහ මහසෙන් රජවරු විසින් කෘෂිකර්ම කටයුතු සඳහා සමඟ මෙහෙවරක් ඉටු කරන ලදි. වර්තමාන වන විටද නඩත්තු රහිතව වී ගොවිතැන සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන්නේ එකල තනන ලද වැව් විසිනි. ලංකාව තුල ඇති වැව් වැඩි ප්‍රමාණයක් පිහිටන්නේ ද අනුරාධපුර රාජධානිය පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව ය."රජරට" ලෙස ව්‍යවහාර කරන්නේ ද මේ නිසා ය. කෘෂිකර්මයට අමතර ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විඳහා පාමින් වර්තමාන තුළ රටේ සංචාරක කර්මාන්තයට මහඟු ආශීර්වාද වෙමින් සිගිරිය, රුවන්වැලි මහා සෑය, චෙතවනාරාමය අග්‍රගන්‍ය නිර්මාණ බිහි කළේ ද මෙම යුගය තුළ යි. එකල පැරණි ලෝකයේ විශාලතම ගොඩනැගිල්ලක් ලෙස පිළිගැනෙන ලොවාමහාපය අනුරාධපුර යුගයේ ඉංජිනේරු ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විඳහාපායි. වර්තමානය වන විට මෙම නිර්මාණ බොහොමයක් ගල්කණු වලට සීමා වී ඇත. දකුණු ඉන්දීය ආක්‍රමණ සහ රටේ දේශපාලන අස්ථාවරත්වය වැනි හේතු මත අනුරාධපුර රාජධානිය ක්‍රි.ව. 11වන සියවස වනවිට පරිහානියට පත් විය.

අනුරාධපුර රාජධානිය

අනුරාධපුර රාජධානිය
ක්‍රි.පු. 377–ක්‍රි.ව. 1017
Flag of හී ධජය
දුටුගැමුණු රජුගේ රාජධානිය තුල භාවිතා කළ ධජයයි.[N 1]
අනුරාධපුර රාජධානිය තුළ ස්වාධීන ප්‍රදේශ ඇතුළත් සිතියමකි. මෙහි රජරට ලෙස නම් කළ ප්‍රදේශය අනුරාධපුර රාජධානියේ මුලික පාලනය ප්‍රදේශයයි.
අනුරාධපුර රාජධානිය තුළ ස්වාධීන ප්‍රදේශ ඇතුළත් සිතියමකි. මෙහි රජරට ලෙස නම් කළ ප්‍රදේශය අනුරාධපුර රාජධානියේ මුලික පාලනය ප්‍රදේශයයි.
අගනුවරඅනුරාධපුර නගරය
නිල භාෂාව(න්)සිංහල, දෙමළ(දකුණු ඉන්දීය පාලන සමයේ)
Religion
බුදු දහම, හින්දු දහම(දකුණු ඉන්දීය පාලන සමයේ), වෙනත් සුළුතර ආගම්[2]
රජයරාජ්‍ය
• ක්‍රි.පු. 377 සිට ක්‍රි.පු. 367 දක්වා
පණ්ඩුකාභය රජු
• ක්‍රි.ව. 982 සිට ක්‍රි.ව. 1017 දක්වා
පස්වන මහින්ද රජු
ඉතිහාසය 
• Established
ක්‍රි.පු. 377
• Disestablished
ක්‍රි.ව. 1017
වර්ග ප්‍රමාණය
65,610 km2 (25,330 sq mi)
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
උපතිස්ස නගරය
පොළොන්නරු රාජධානිය
Today part of ශ්‍රී ලංකාව

සටහන්සංස්කරණය

  1. මෙම කොඩියේ හිරු-සඳු සහ අසිපත අතගත් සිංහයා මඟින් සිංහල ජාතියත් ගම්භිර බවත් ශ්‍රේෂ්ඨත්වයත් විඳහාපයි.[1]

මූලාශ්‍රසංස්කරණය

  1. "අනුරාධපුර රාජධානිය රාජකීය ධජය". The Sunday Times. 2008-02-03. Retrieved 2009-07-04.
  2. "දකුණු ඉන්දීය ආක්‍රමණ නිසා අනුරාධපුර රාජධානියේ මුහුණුවර" (PDF). Retrieved 2018-01-03.
  3. චන්දර්, ප්‍රකාශ් (1 ජනවාරි 2003). ඉන්ඩියා 2003: පාස්ට් ඇන්ඩ් ප්‍රසන්ට් (1වන සංස්.). APH ප්‍රකාශක සමාගම. පිටුව. 112. ISBN 978-8176484558. http://books.google.co.uk/books?id=4_Rl5c_v1-kC&pg=PA112&dq=kingdom+of+lanka+in+the+Mahabharata&hl=en&sa=X&ei=GRTzU7O6D46rOsGBgdgB&ved=0CCUQ6AEwAQ#v=onepage&q=kingdom%20of%20lanka%20in%20the%20Mahabharata&f=false. Retrieved 19 අගෝස්තු 2014. 
  4. රාවනා - ද ග්‍රේට් කිං ඔෆ් ලංකා - එම්.එස්. පූර්ණලිංගම් පිල්ලෙයි - ගූගල් බුක්ස්. Books.google.com. http://books.google.co.in/books?id=6XnUgrwuqugC&pg=PA81#v=onepage&q&f=false. Retrieved 2014-08-20. 
  5. විල්සන්, එච්. එච්. (1839). "අකවුන්ට් ඔෆ් ද ෆෝ කූ හී". ද ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික් සොෂයිටි. උලාන් ප්‍රෙස්: 135. Retrieved 19 අගෝස්තු 2014.
"https://si.wikipedia.org/w/index.php?title=අනුරාධපුර_රාජධානිය&oldid=455041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි