මැක්බත් (චරිතය)

(මැක්බත්(චරිතය) වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රේෂ්ඨ ගත්කතුවරයෙකු වූ විලියම් ශේක්ස්පියර්ගේ ලෝ ප්‍රකට "මැක්බත්" නාට්‍යයයෙහි කථානායකයා වන්නේ මැක්බත්ය .(1603–1607). ස්කොට්ලන්තයේ ජීවත්වූ "මැක්බත්" රජු මත පදනම් වූ මෙම චරිතය නිර්මාණය සඳහා "හොලින්ශෙඩ්ගේ වංශකථා" නම්වූ බ්‍රිතාන්‍ය ඵෙතිහාසික ග්‍රන්ථයෙහි ඵන්නාවූ තොරතුරු මූලික වශයෙන් යොදාගෙන ඇත.මැක්බත් යනු ස්කොට්ලන්තයේ නායකයකු (ජෙනරාල් කෙනෙකුට සමාන) හා වංශවතෙකු වේ. නාට්‍ය පුර ඔහු ප්‍රතිවීරයෙක් (Ani Hero) ගේ භූමිකාව රඟපාන ඔහු තම බිරිඳ (මැක්බත් ආර්යාව) ගේ බලකිරීම මත රජතුමාව මරා ස්කොට්ලන්තයේ රජු බවට පත් වෙයි. එයින් පසු බියෙන් හා පසුතැවිල්ලෙන් ජිවත් වන ඔහු තමන්ගේ වංශවතුන් කෙරෙහි නිරන්තර අවිශ්වාසයෙන් ජිවත් වෙයි. ඔහු භීෂණයෙන් පිරුන පාලනයක් ගෙනයන අතර මැක්ඩෆ් විසින් පරාජය කිරීමත් සමග ඔහුගේ පාලනය අවසන් වේ. ඔහු විසින් මරා දැමුණු ඩන්කන් රජුගේ පුතා වන මැල්කම්, ඔහුට පසු ස්කොට්ලන්තයේ රජකමට පත් වෙයි.

මූලය සංස්කරණය

ශේක්ස්පියර් විසින් ප්‍රබන්ධිත මැක්බත් චරිතය ස්කොට්ලන්තයේ මැක්බත් රජු ගේ ජීවිතය මුල් කොටගෙන සැකසුන එකකි. මෙය ඉතිහාස පොතක් වන හොලින්ශේ ක්රෝනිකල්ස් හි ඩෆ් රජු හා මැල්කම් ගේ චරිත අනුව ගොඩ නැගී ඇත.

නාට්‍යයේ චරිතය සංස්කරණය

මැක්බත් ආරම්භයේ දී ග්ලාමිස් හි තෙන්වරයා (Thane of Glamis) වන අතර පසුව කොදෝර් හි තෙන්වරයා වී අවසානයේ ස්කොට්ලන්තයේ රජු වේ. මැක්බත්, නාට්‍යයේ ප්‍රධාන චරිතයයි.

නාට්‍ය ආරම්භවන්නේ සිවිල් යුද්ධයක් පසුබිම් කරගෙනය. රජු හමුවට එන තුවාල ලද සොල්දාදුවෙකු මැක්බත් ගේ වීරත්වය හා යුද්ධයේ සමත්කම් විස්තර කරයි. එම යුද්ධය දිනීමෙන් පසු (මෙම සටන ජය ගන්නේ මුලික වශයෙන් මැක්බත් හා ඔහුගේ ලුතිනන් බැංකො (බැන්ක්වෝ) ගේ සහයෙනි) රජු විසින් මැක්බත්ව පසසන අතර, මරා දැමීමට නියමිතව සිටින ද්‍රෝහියෙක් වන කොදෝර් හි තෙන්වරයා ගේ තනතුර රජු මැක්බත් ට පවරා දෙයි. මැක්බත් මායාකාරියන් හමු වීමෙන් පසු ඔහු රජු මරා දැමීම මගින් ඔහුගේ තනතුර ගැනීමට සිත යොමු කරයි. (මධ්‍යතන යුගයේ රජු මරා දැමීම මරණයෙන් දඩුවම් හිමි වන වරදකි). මායාකරින් තම අනාගත වාක්‍ය මගින් දිනෙක මැක්බත් ස්කොට්ලන්තයේ රජු වන බව ප්‍රකාශ කරයි. මේ ගැන ඔහු දෙගිඩියාවෙන් පසු වෙමින් සිටින අතර විටෙක රජු මැරීමට සැලසුම් කරන ඔහු විටෙක රජකම වාසනාව මත ඔහුට ලැබේ යයි සිතා ඒ ගැන කිසිවක් කිරීම අවශ්‍ය නැති බව කියයි. තම නිවෙස වෙත යන මැක්බත් වර මැක්බත් ආර්යාව විසින් රජු මරා දැමීම සදහා පොලඹවනු ලැබේ. මැක්බත් ආර්යාව මේ සදහා සැලසුමක් සකස් කරන අතර මැක්බත් ගේ සිතුවිලි තම බිරිද ගේ බලකිරීම්, මායාකාරි මැහල්ලන් ගේ අනාවැකි හා තමන් ගේ සිතුවිලි අතර දෝලනය වේ. රජු මරා දැමීමට මූලික වූ බලය කුමක්දැයි යන්න අදටත් විවාදිත කරුණකි.

රජු මරා දැමීමට පෙර ඔහුට "මැක්බත් තව දුරටත් නිදා නොගනී, මැක්බත් නින්ද මරා දමා ඇත" (“Macbeth shall sleep no more. Macbeth does murder sleep”) යනුවෙන් ඔහුට ඇසේ. නින්ද පිඩාවට පත් මනසේ සහනය බව මැක්බත් පවසයි. මෙය අනාගතයේ මැක්බත් විසින් ගෙවන පීඩාකාරී ජීවිතය ගැන පෙර ලකුණකි. රජු මරදැමුනද, මිනිසුන් රැසක් මරා දැමු නිර්භීත සෙබළකු වන මැක්බත් සැලසුමට අනුව රජුගේ ආරක්ෂකයින් මෙම මරණයට හසු කිරීමට පැකිලේ. මෙය ඔහු තුල ඇතිවෙන සන්ත්‍රාසය පිලිබිඹු කරයි. අවසානයේ මැක්බත් ආර්යාව විසින් එය සම්පුර්ණ කරයි.

මැක්බත් වසර 10 ක් රජකමෙහි සිටින අතර, ඔහුගේ පාලනය භීෂණයෙන් පිරුන එකක් වෙයි. ඔහු තම රහස දන සිටි බැංකො, තමාට විරුද්ධව සටන් කරන මැක්ඩෆ්ගේ බිරිඳ හා දරුවා ඇතුළු බොහෝ පිරිසක් මරා දමයි. මැක්බත් කිසිවෙක් විශ්වාස නොකරන අතර, මරා දැමීම් නවතා සතුටින් ජිවත් වෙන ලෙස මැක්බත් ආර්යාව කරන ආයාචනය ද නොසලකා භීෂණයෙන් පිරි පාලනයක් ගෙන යයි. ඔහු මායකාරියන් හා ඔවුන්ගේ අනාවැකි වලට වහල් වේ. මැක්ඩෆ් ගේ බිරිඳ හා දරුවා මරාදැමීම ඔහු විසින් කරන දරුණු වැරදීමක් වන අතර මැක්ඩෆ් ඔහුට විරුද්ධව සංවිධානය වීමට පලා යයි. නාට්‍යයේ පස්වෙනි කොටසේදී "බර්මිනම් කලාව ඩන්සිනන් වෙත ඇවිදින තෙක්" ඔහු පරාජය කල නොහැකි බව මායකාරියන් අනාවැකි පල කරයි. මෙයින් ඔහු රැවටීමට පත් වන අතර සටනේදී ඔහු මියයයි.

"https://si.wikipedia.org/w/index.php?title=මැක්බත්_(චරිතය)&oldid=347335" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි