ඩඩ්ලි මාලන් වොන් හාට් (උපත: 1965 මාරතු 31, කළුතර දී) යනු 1985 දී එක් එක්දින දෑබැඳියක් ක්‍රීඩා කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි. හේ දැනට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දිවි ගෙවයි.

දෑබැඳි ක්‍රිකට් දිවිය සංස්කරණය

වොන් හාට් 1984 වසරේ එංගලන්තයේ සැරියාවෙකැ යෙදුණු සිරි ලක් සංචිතයට ඇතුළත් වියැ. හේ ලෝඩ්ස්හි පැවැති, එ මැ සැරියාවේ එක මැ ටෙස්ටය සඳහා දොළොස්වැන්නා වියැ. හේ 1985 පෙබරවාරියේ ඕස්ට්‍රේලියාවේ පර්ත්හි දී බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝ නෑවැල් කුසලාන (B&H World Series Cup) එ.දෑ.ත.කැ[1] දී (ODI) ශ්‍රී ලංකාව නියෝජනය කළ නමුදු ඉන් පසු ලැබුණු ඉඩ ස-හිම් වියැ. හේ 1986න් පසු ක්‍රීඩා කිරීම නැවැත්වූ අතර, 1988-89 දී යම් පලවත් බවකින් යුතු වැ මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග තුනකට ක්‍රීඩා කළේ යැ.

හේ 2020 පෙබරවාරියේ දකුණු අප්රිකාවේ පැවැති පනස් විය ඉක්මවූවනගේ ක්‍රිකට් ලෝ කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට නම් විණි. කෙ සේ වුව ද, කිරුළස් වයිරස වසංගතය හෙයින් තුන් වන වටයේ අතරතුර සිටැ තරගවැල ඉදිරියට නොපැවැත්විණ.

තැනැති දිවිය සංස්කරණය

වොන් හාට් මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ ආදි සිසුවෙකි. හේ හිටපු සිරි ලක් ක්‍රිකට් නයු මාවන් අතපත්තුගේ නෑ සොයුරෙකි.

යොමු කිරීම් සංස්කරණය

 

  1. Full Scorecard of Sri Lanka vs Australia 15th Match 1984/85 - Score Report | ESPNcricinfo.com

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මාලන්_වොන්_හාට්&oldid=543972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි