මාර්ක්විස් ඩි සේඩ්
Count de Sade Donatien Alphonse François (උපත:1740 විපත:1814) වඩාත් ප්‍රකට වූයේ මාර්ක්විස් ඩි සේඩ් යන නමිනි. ලේඛකයෙකි. පැරිස් නුවර දී උපත ලැබී ය. ඔහුගේ අතිශය කෲරතර පරපීඩක ලිංගික චර්යාවන් නිසා ඒක්ස්(Aix) හිදී ඔහුට මරණ දඬුවම නියම විය. ඔහු පලා ගිය නමුදු, අත්තඩගුවට ගනු ලදුව වින්සෙන්ස්(1777) හා බැස්ටීල්(1784) බන්ධනාගාරයන්හි රඳවා තබනු ලැබිණි. 1784 දී පමණ ඔහු The 120 Days of Sodom කෘතිය රචනා කළේ ය. පරපීඩක කාමය හැඳින්වීමට යොදන සේඩිසම් (Sadism) යන වදන බිහි වූයේ මොහුගේ නමිනි.