මානසික සෞඛ්‍ය උපදේශක
මොහු පුද්ගයින්ට , යුවලන්ට , පවුල්වලට , කණ්ඩායම්වලට සහ විශාල පද්ධතිවලට උපදේශන සේවා සපයන වෘත්තිකයෙක් ලෙස හැඳින්විය හැක. මොහු අධ්‍යාපනයේ සහ රක්ෂාවේ උපදේශන සඳහා ද පුහුණුව ලබා ඇත.
වගකීම් අර්ථ කථනය
සංස්කරණයමානසික සෞඛ්‍ය උපදේශකයෙක් සමාජ සේවකයින්ගෙන් , මනෝ විද්‍යා චිකිත්සකයින්ගෙන් ,හෙදියන්ගෙන් , මනෝ විද්‍යාඥයින්ගෙන් වෙන්කර ගැනීමේ දී වැදගත් වනුයේ ඔවුන් වැඩි වශයෙන් නිරෝගිමත් ආකෘතියක් සේවා දායකයන්ගේ උපදේශනයේ දී යොදා ගැනීමයි. මෙලෙස සේවාදායකයින් සමග කටයුතු කිරීමේ දී ඔවුන් සියලුම පුද්ගලයින් තුළ පවතින ශක්තීන් අවධාරණය කරන අතර මිනිසා යනු ප්‍රශ්න රැසකින් පිරුණු ඒවාට විසඳුම් සොයන පුද්ගලයෙක් ලෙස නොව ධනාත්මක ලෙස සිතමින් ජීවිතය දියුණු කර ගත හැකි අයෙක් ලෙස පහදා දෙයි.
මානසික සෞඛ්‍යය අර්ථ දැක්වීම
සංස්කරණයවෙයාර් විසින් (2000) දී මානසික සෞඛ්‍යය සමාජීය වශයෙන් සකසා අර්ථ දක්වන ලදී. එයට අනුව විවිධ වෘත්තිකයින් ප්‍රජාවන්, සමාජයන් සහ සංස්කෘතීන් මානසික සෞඛ්‍යය සහ එයට හේතු මානසික සෞඛ්‍ය නිර්ණය කිරීම, අවශ්‍යය වෙනස්කම් නිර්ණය කිරීම යන්න විවිධ වූ සංකල්ප මත සිදු කර ඇත. ඇමරිකානු එක්සත් ජනපදයේ විවිධ වෘත්තිකයින් විසින් නිරෝගිතා ආකෘතිය පහදා දීමට උත්සාහ දරා ඇත. ස්විනි සහ විට්මර් (1991) , විට්මර් සහ ස්වීනි (1992) සහ මයර්, ස්වීනි, විට්මර් (2000) යන අය විසින් නිරෝගිතාවය සඳහා ආකෘතියක් ඉදිරිපත් කරන ලදී. එය සඳහා පුරාණ සාහිත්‍යයේ එන මනෝවිද්‍යාව, මානව විද්‍යාව , සමාජ විද්‍යා, ආගමික දර්ශනය සහ ඉගෙනීමෙහි එන සංකල්ප යොදා ගන්නා ලදී. මීට අමතරව පෞරුෂත්ව , සමාජයීය, සායනික සෞඛ්‍යය , වර්ධනය යන මනෝ විද්‍යාත්මක ක්ෂේත්‍රවල සිද්ධාන්ත උපුටා ගන්නා ලදී. මොවුන්ට අනුව ජීවිතයේ ප්‍රධාන කටයුතු පහක් ඇත. එනම් අධ්‍යාත්මික කාර්යයන් සහ විනෝද වීම, මිත්‍ර සම්බන්ධතා , ආදරය සහ ස්වයං මග පෙන්වීම යන්නයි. මීට අමතරව උප කටයුතු 12 ක් ද විග්‍රහකර ඇත. තමා ප්‍රයෝජනවත් බව, පාලනය පිළිබඳ හැඟීම , මානුෂික හැඟීම, පෝෂණය , ව්‍යායාම, ස්වයං රැකවරණය, මානසික ආතති පාලනය, ලිංගික අනන්‍යතාවය, සංස්කෘතික අනන්‍යතාවය, යන ඒවා නිරෝගිමත් ක්‍රියාකාරිත්වයක හා යහ පැවැත්මක චරිත ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇත.