මානව දත්

දත් පිළිබඳ
(මානව දත වෙතින් යළි-යොමු කරන ලදි)

මානව දත් යනු මුඛයෙහි දක්නට ලැබෙන කුඩා, චූර්ණීකෘත, සුදුපැහැති ව්‍යුහයන් වන අතර ආහාර කැබලි කර ගැනීමට භාවිතා වෙයි. දත් මත ඇති එනමලය මානව සිරුරේ ඇති ඉතාමත්ම ඝනකමි ද්‍රව්‍යයයි.

කෘන්තක සංස්කරණය

මුඛයෙහි කෘන්තක දත් 8ක් පමණ දැකිය හැක. ඒවායෙහි කෘත්‍ය ලෙස ආහාර කපාගැනීම සිදුවන අතර මෙම කෘන්තක දත් නියනක හැඩය ගනියි.

රදනක සංස්කරණය

රදනක දත් 4ක් මුඛයෙහි පිහිටයි. ඒවායෙහි කෘත්‍ය ලෙස ආහාර ඉරාගැනීම හා දැඩිව ග්‍රහණය කර ගැනීමට යොදාගනියි. රදනක දත් හැඩයෙන් තියුණු , උල්වූ දත් වර්ගයකි.

පුරශ්චාර්වක සංස්කරණය

පුරශ්චාර්වක දත් 8ක් මුඛයෙහි පිහිටයි. ඒවායෙහි කෘත්‍ය ලෙස ආහාර කුඩු කිරිම හා ඇඹරීම සිදු කරයි.

චාර්වක සංස්කරණය

පැතලි මතුපිටක් සහිත පළල් දත් වර්ගයකි. චාර්වක දත් 12ක් ඇත. ආහාර ගිලීමට පෙර ආහාර කුඩු කර ඇඹරීම මෙම දත් මගින් සිදුවේ.

පසුපස චාර්වක දත් ( Rear Molar Teeth ) සංස්කරණය

පසුපස චාර්වක දත් සාමාන්‍ය මිනිසකුගේ වයස අවුරුදු 17 සිට 25 කාලය තුල මතුවේ. සමහර මිනිසුන්ගේ මෙම පසුපස චාර්වක දත් නිසි ලෙස නොවැඩුනහොත් එම දත් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ. තුර්කියේ, මිනිසුන්ගේ මතයට අනුව වයස අවුරුදු 20 පමණ වන විට මෙම පසුපස චාර්වක දත් පැමිණෙන නිසා මේවා ප්‍රන්චාවන්ත දත් ලෙස හඳුන්වයි. අනාගත දන්ත වෛදය ක්ෂේත්‍රයහි දියුණුව සඳහා වර්තමානයේ විද්‍යාඥ මෙම පසුපස චාර්වක දත් හි දන්ත මුලයෙහි ඇති පල්පය යොදාගනිමින් පර්යේෂණ පවත්වයි

 
Centre

ආහාර විකිමේදී,....... සංස්කරණය

ආහාර විකිමේදී ආහාර ගුලියක් සැදීම හා හැපීම පහසු වීම සඳහා මුඛයේ ඇති ඛේට ග්‍රන්ථි මගින් ඛේටය ස්නේහනය කරයි.

ආහාරය මුඛය තුලට ඇතුළු වූ වහාම පිහිතල හැඩති කෘන්තක දත් හා ඉහල හා පහල හනු ආධාරයෙන් ආහාරය කැබලි වලට කපා ගනියි.

ආහාරය යම් තද භවක් ඇත්නම් තියුණු රදනක දත් මගින් ආහාරය කපා , ඉරාගනියි.

ඉන්පසු ආහාරය පුරස්චාර්වක දත් වෙතට දිවෙහි ආධාරයෙන් රදනක දත් සිට ගෙනයයි. පුරශ්චාර්වක දත ආහාර කුඩා කැබලි වලට ඇඹරීමට හා කුඩු කිරිමට මෙම දතෙහි හැඩය වැදගත් වේ.

මුඛයෙහි කෙලවර ඇති විශාල දත් වර්ගයක් වන චාර්වක දත් මගින් කුඩු කල ආහාර අවසන් වතාවට කුඩු කරමින් භෞතික ජීර්ණයට ලක්කරයි.

දිව මගින් මෙම කුඩු කල ආහාර ඛේටය සමග මිශ්‍ර කරමින් ආහාර මාර්ගය තුලට ඇතුල් කරයි.

මුඛය තුලදී, දත් මගින් ආහාර භෞතික ජීර්ණයට ලක්වේ.

දත් මැදීමෙහි ඉතිහාසය සංස්කරණය

ඈත අතීතයේ විවිධ පැරණි ශිෂ්ටාචාර මගින් විවිධ ද්‍රව්‍ය එකතු කරමින් එම ද්‍රව්‍ය අතු කැබැල්ලකට හෝ මුලයකට දමමින් දත් පිරිසිදු කර ගත්හ.

අතීත ඊජිප්ටියානුවන් බිත්තර කටු , ලුහු යමහල් පාෂාණ , ගල් කුඩු , හා ගව අං භාවිතා කරමින් ප්‍රථම වතාවට දත් බෙහෙත් නිපදවන ලදී.

චීන ශිෂ්ටාචාරයේදී ප්‍රථමයෙන්ම උන ලීයකට උරෙකුගේ දැඩි කෙඳි ගටගහමින් පළමු දත් බුරුසුව නිපදවන ලදී.

18 වන ශතවර්ෂයේදී යුරෝපයේ මිනිසුන් තම ඇඟිල්ල භාවිතා කරමින් දත් මදින ලදී. දත් බෙහෙත් ලෙස සෝඩාහි බයිකාර්බනේට් යොදාගන්නා ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=මානව_දත්&oldid=381769" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි