මහින්ද දේශප්‍රිය
වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය (ඉංග්‍රීසි: Mahinda Deshapriya; උපත 6 ජූනි 1955) යනු ශ්‍රී ලංකා සිවිල් සේවකයෙකි, ඔහු 2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ[1] මැතිවරණ කොමිෂන් සභාවේ 1 වැනි සභාපතිවරයා ලෙස සේවය කළ අතර, මීට පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවේ 2011 සිට 2015 දක්වා 8 වැනි කොමසාරිස් ලෙස සේවය කළේ ය.
මහින්ද දේශප්‍රිය | |
---|---|
මහින්ද දේශප්‍රිය | |
1 වැනි ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති | |
In office 2015 නොවැම්බර් 13 – 2020 නොවැම්බර් 13 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර නිර්මාණය |
අනුප්‍රාප්තිකයා | නිමල් ජී. පුංචිහේවා |
8 වැනි මැතිවරණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් | |
In office 2011 මාර්තු 26 – 2015 නොවැම්බර් 13 | |
පූර්වප්‍රාප්තිකයා | දයානන්ද දිසානායක |
අනුප්‍රාප්තිකයා | නිමල් ජී. පුංචිහේවා |
Personal details | |
උපත | වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය 6 ජුනි 1955 |
සබඳතා | සුනන්ද දේශප්‍රිය (සහෝදරයා) |
අධ්‍යාපනය | ධර්මාශෝක විද්‍යාලය |
Alma mater | පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
2019 නොවැම්බර් 30 වන දින ඔහු කථානායකවරයාට දන්වා සිටියේ තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහුගේ අභිප්‍රාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති බවත්ය .[2][3][4]
පෞද්ගලික ජීවිතය සහ අධ්‍යාපනය
සංස්කරණයශ්රී ලංකාවේ ගාල්ලේ අම්බලන්ගොඩ ගම්මානයේ පදිංචි වඩුගේ පියසේන සහ වැල්ලගේ ඇන්ටි නෝනා යන දෙමාපිය දෙපළගේ සිව්වැනි දරුවා ලෙස ඔහු 1955 ජුනි 6 වැනි දින උපත ලැබී ය.[5] ඔහුට සහෝදරයන් හතර දෙනෙකු සහ එක් සහෝදරියකි. ඔහුගේ පියා වඩුගේ පියසේන පුහුණු සිංහල ගුරුවරයෙකි. ඔහු විශ්‍රාම යන විට රොනාඩු විද්‍යාලයේ විදුහල්පතිවරයා විය. අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලයෙන් උපාධිය ලබා 1961 දී ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් වූ ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. ඔහු පාසලේ දීප්තිමත් සිසුවෙකු මෙන්ම විශිෂ්ට කථිකයෙකු විය. මහින්දගේ පන්ති භාර ගුරුවරයා වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ මව වන ෆොන්සේකා නම් ගුරුවරියකි. මහින්දගේ දැනුම සාමාන්‍යයෙන් පන්තියේ අනෙක් සිසුන්ට වඩා උසස් වූ නිසා ඔහු විශේෂ විභාගයකට මුහුණ දී ඉහළ ප්‍රාථමික පන්තියට මාරු විය.[6]
ඔහු පහේ පන්තියේ සිටිය දී "සිඟිති" සඟරාව පළ විය. ඔහුගේ ලිපි දෙකක් 1965 "සිඟිති" සඟරාවේ ද පළ විය. මහින්ද තරඟ විභාගයෙන් සමත් වී 1966 දී මහා විද්‍යාලයට තේරී පත් විය. දේශපාලන වශයෙන් ඔහු වාමාංශිකයෙකි. පියසේන ගණිතය පිළිබඳ මනා දැනුමක් ඇති අයෙකි. පසුව එම නිවස ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු සාමාජිකයන්ගේ රැස්වීම් ස්ථානයක් බවට පත් වූ අතර එම සාකච්ඡාවේ ලාබාලතම නායකයා වූයේ මහින්දගේ වැඩිමහල් සොහොයුරා වන සුනන්දයි. විජේවීර නායකත්වය දුන් 1971 ජවිපෙ කැරැල්ලේ ප්‍රධාන සැකකරුවෙක් වූ සුනන්ද එම නඩුවේ පස්වැනි සැකකරු විය. පසුව ඔහු "යුක්තිය" පුවත්පතේ කර්තෘ, සහ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු විය. 1970 දශකයේදී මහින්ද සිය සොහොයුරා වන සුනන්දගේ වැඩකටයුතු සඳහා නොමසුරුව දායක වූ අතර සිසුන් අතර විප්ලවීය අදහස් ව්‍යාප්ත කිරීමට මූලික විය.[6]
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු විද්‍යා පීඨයේ කලා කවයේ සාමාජිකයකු විය. ඔහු විශ්වවිද්‍යාලය තුළද සිය දේශපාලන කටයුතු කරගෙන ගියේය.[6] ඔහු 1977 දී භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් සමඟ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය.[1]
වෘත්තීය
සංස්කරණයඋපාධිය ලැබීමෙන් පසු, ඔහු තම අධ්‍යාපන ආයතනය වූ ධර්මාශෝක විද්‍යාලයේ රසායන විද්‍යා සහ ගණිත ගුරුවරයෙකු ලෙස සිය ගුරු වෘත්තිය ආරම්භ කළේ ය.[1] ඔහු 1982 දී මැතිවරණ දෙපාර්තමේන්තුව හරහා ශ්‍රී ලංකා පරිපාලන සේවා හා සම්බන්ධ විය. පසුව 1983 ජූලි 2 වැනි දින මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස් ලෙස පත් කරන ලදී. 1998 දී ඔහු යාපනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ලෙසත් 2006 දී නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙසත් පත් කරන ලදී.[6]
2010 දී අතිරේක කොමසාරිස්වරයා බවට පත් වූ ඔහු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ එතෙක් පැවති මැතිවරණ දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමසාරිස් ධුරය අහෝසි කිරීමත් සමඟ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බවට පත් විය. ඒ 2015 නොවැම්බර් 13 මැතිවරණ කොමිෂන් සභාව ආරම්භ කිරීමත් සමඟයි.[6] මැතිවරණ කොමිසමේ පළමු සභාපතිවරයා ලෙස පත් කෙරුණේ මහින්ද එම තනතුර දැරූ පළමු සහ එකම පුද්ගලයාය.[7] 2015 ජනාධිපතිවරණය ආසන්න කාලයේදී "වෙඩි තියන්න ඔළුවට කකුලට" කියන ප්‍රකාශය අතිශය ජනප්‍රිය වුණා. ඔහු 2015 වසරේ Lanka Market Digest සම්මාන උළෙලේදී වසරේ ශ්‍රී ලාංකික සම්මානය සහ 2016 වසරේ TV Derana හි වසරේ රාජ්‍ය සේවකයා සම්මානයෙන් පිදුම් ලැබීය.[6]
සම්මාන
සංස්කරණය- 2015 වසරේ Lanka Market Digest විසින් "වසරේ ශ්‍රී ලාංකිකයා"
- 2016 දෙරණ රූපවාහිනී නාලිකාව මගින් "වසරේ රාජ්‍ය සේවකයා"
මේකත් බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ a b c "The Commission". Election Commission.
- ^ "Mahinda Deshapriya informs of intention to resign". NewsRadio (ඉංග්‍රීසි බසින්). 2019-11-29. සම්ප්‍රවේශය 2019-12-06.
- ^ "EC Chairman Mahinda Deshapriya offers to resign". www.msn.com. සම්ප්‍රවේශය 2019-12-06.
- ^ "Mahinda Deshapriya tenders resignation?". www.lankanewsweb.net (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-12-06.
- ^ "International Seminar on Strategies for empowering young & future voters" (PDF). Conference proceedings. January 24, 2017.
- ^ a b c d e f "So hello Mako!". Silumina. සම්ප්‍රවේශය 2021-06-08.
- ^ "Sri Lankan Electoral Commissioner Mahinda Deshapriya Sets the Bar High | IFES". www.ifes.org. සම්ප්‍රවේශය 2019-12-26.