මහාගණපති ( සංස්කෘත: महागणपति , mahā-gaṇapati ), හින්දු දෙවියන් වන ගනේශගේ ස්වරූපයකි. එතුමා උත්තරීතර පරමාත්මය වන අතර ගණපති කේන්ද්‍ර කරගත් ගණාපත්‍ය නිකායේ වැදගත්ම දෙවියන් වේ. එතුමා පරම සත්‍යය වන බ්‍රහ්මන් ලෙස වන්දනාමාන කරන අතර ගණ දෙවියන්ගේ ස්වරූප තිස් දෙකෙන් වඩාත් ජනප්‍රිය ස්වරූපයකි.

මහාගණපති
ගණපතිගේ උත්තරීතර ස්වරූපය
දේවනාගරීमहागणपति
සංස්කෘත පරිවර්තනයMahāgaṇapati
අනුබැඳියබ්‍රහ්මන්, ගනේශ
වාසභවනයස්වනන්දලෝකය
මන්ත්‍රයඕම් ශ්‍රී මහාගණපතයේ නමහ
ආයුධයපාශ, අංකුශ
පෞද්ගලික තොරතුරු
දෙමාපියන්
සොයුරු/සොයුරියන්මහාස්කන්ද
වාහනයමීයා
පාඨ ග්‍රන්ථගනේශ පුරාණය, මුද්ගල පුරාණය
උත්සවගනේශ චතුර්ති

ප්‍රතිමා ශිල්පය සංස්කරණය

ගණ දෙවියන්ගේ අනෙකුත් ස්වරූප සේම මහාගණපති ස්වරූපයට ද ඇත්තේ ඇත් හිසකි. එතුමාගේ නළල් තලයේ තෙවන ඇසක් පවතින අතර් හිසෙහි අර්ධ චන්ද්‍රයා නිරූපණය කරයි.[1] අත් දහයක් ඇති අතර ඒවායේ තම කැඩුණු දළය, දෙළුම් ගෙඩියක්, ගදාවක්, උක් දණ්ඩක්, චක්‍රයක්, ශංකයක්, පාසයක්, පද්මයක්, වී කරලක් හා සහ ස්වර්ණාභරණ බඳුනක් දරා සිටි.

තවත් විස්තරයකින් ඇඟවෙන්නේ එතුමාගේ අත් දහයෙන් දරා සිටින ආභරණ වෙනත් දෙවිවරුන්ගේ තෑගි වන අතර සියලු දෙවිවරුන්ගේ කාර්යයන් ඉටු කිරීමට එතුමා හට ඇති ශක්තිය සහ දේව සභාවේ පවතින ආධිපත්‍යය සංකේතවත් කරන බවයි. එතුමා ඇතැම් විට බොහෝ බීජ සහිත පැඟිරි ගෙඩියක් දරයි, එය මැවීනිර්මාණ ශක්තියේ සංකේතයක් සහ ශිව දෙවියන්ගේ නිරූපණයකි. උක් දණ්ඩෙන් කාම දේවියන් අරුත් ගන්වන අතර පෘථිවි දෙවඟන විසින් ප්‍රධානය කරන ලද වී කරලෙන් සශ්‍රීකත්වය සංකේතවත් වේ.

මහාගණපති ගේ ශක්තිය සංකේතවත් කරන්නේ එතුමාගේ උකුලේ සිටින දේවියගෙනි. ඇය තම වම් අතෙහි පද්මයක් (පවිත්‍රත්වයේ සංකේතයක්) තබාගෙන අනෙක් අතින් දෙවියන්ව වැළඳ ගෙන සිටී.[2][3]

වන්දනාව සංස්කරණය

මහාගණපති තුළින් ගණ දෙවියන් සර්වබලධාරි[3] ලෙස පිළිබිඹු කරයි. මේ අනුව ගණ දෙවියන් හට උත්තරීතර දෙවියන්ගේ තත්ත්වය ලබා දෙන ගණාපත්‍ය නිකායේ වැදගත්ම දෙවියන් වේ. මහාගණපති යනු ගණාපත්‍ය නිකායේ ප්‍රධාන දර්ශන හයෙන් එකක් වන මහා-ගණාපත්‍ය නිකායේ අනුශාසකයයි. විශ්ව ආරම්භයට පෙර සහ විශ්ව විනාශයට පසුවත් මහා ගණපති පවතින බවට විශ්වාසය යි.

අෂ්ටවිනායක දේවස්ථාන අටෙන් එකක් වන රන්ජන්ගාඕන් ගණපති දේවස්ථානයේ මහාගණපති ස්ථාපනය කර ඇත.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Subramuniyaswami p. 71
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Rao නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 3.0 3.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Grewal120 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=මහාගණපති&oldid=492199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි