මහාකාලී ලෙන්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලෙන්

කොණ්ඩවතී ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 1වන සියවස සහ ක්‍රි.ව. 6වන සියවස අතර කාලයේ නිර්මාණය වූ ලෙන් 19කින් යුත් සමූහයකි.[1]

කොණ්ඩවතී ලෙන්
කොණ්ඩවතී ලෙන්, අංක 2.
Map showing the location of කොණ්ඩවතී ලෙන්
Map showing the location of කොණ්ඩවතී ලෙන්
Map showing the location of කොණ්ඩවතී ලෙන්
Map showing the location of කොණ්ඩවතී ලෙන්
පිහිටුමඅන්ධේරි (නැගෙනහිර), ලෙන් මාවත අසල, මුම්බායි
ඛණ්ඩාංක19°07′50″N 72°52′27″E / 19.130436°N 72.874133°E / 19.130436; 72.874133ඛණ්ඩාංක: 19°07′50″N 72°52′27″E / 19.130436°N 72.874133°E / 19.130436; 72.874133
භූවිද්‍යාවබැසෝල්ට්
ඇතුළුවීම්20
දුෂ්කරතාවයපහසු

මෙම බෞද්ධ ආරාමය පිහිටියේ බටහිර ඉන්දියාවේ මුම්බායි හි අන්ධේරි හි නැගෙනහිරට වන්නට ය. මෙහි ලෙන් සමූහ දෙකක් ඇති අතර, ඉන් ලෙන් 4කින් යුත් එක් කාණ්ඩයක් වයඹදිගට වන්නට ද, අනෙක් ලෙන් 15 ගිනිකොණදිගට වන්නට ද පිහිටා ඇත. මින් ලෙන් බොහෝමයක් විහාර ශාලා සහ ආවාස ශාලා වන අතර, ගිනිකොණදිග කාණ්ඩයෙහි වූ ලෙන් අංක 9 චෛත්‍ය ශාලාවකි. වයඹදිග ලෙන් ක්‍රි.ව. 4වන-5වන සියවස්වල නිර්මාණය වූ අතර, ගිනිකොණදිග සමූහය ඊටත් පෙර කාලයක ඉදිවී ඇත.

මෙම ලෙන් කැන ඇත්තේ ඝන කළු බැසෝල්ට් පාෂාණයේ ය.

කොණ්ඩවතී හි විශාලතම ලෙනවන ලෙන් අංක 9 තුළ බුද්ධ රූප සහ බෞද්ධ ප්‍රවාදයන්හි එන චරිත නිරූපිත කැටයම් සතක් දක්නට ලැබේ. අවාසනාවට මේ සියල්ල විකෘති කොට ඇත.[2]

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ Jaisinghani, Bella (13 July 2009). "Ancient caves battle neglect". Times of India. සම්ප්‍රවේශය 2009-10-28.
  2. ^ Bavadam, Lyla (18–31 July 2009). "In a shambles". Frontline. 2013-01-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-10-28.

බාහිර සබැඳි

සංස්කරණය

  මහාකාලී ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත සැකිල්ල:Caves around Mumbai

"https://si.wikipedia.org/w/index.php?title=මහාකාලී_ලෙන්&oldid=518728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි