කොළඹ නගරයේ සිට කි.මී. 16 ක් ගිණිකොණ දෙසින් මහරගම නගර සභා බල ප්‍රදේශය පිහිටා තිබේ. ජනගහන හා ‍භෞතික වර්ධනය අතින් ඉහළ වර්ධනයක් පෙන්නුම්

මහරගම
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)
වෙබ් අඩවියhttp://maharagama.uc.gov.lk

කරන අතර, දෙහිවල, කෝට්ටේ, නුගේගොඩ වැනි සංවර්ධිත නගර කේන්ද්‍ර කොට ගෙන ස්ථානගතවීමේ හේතුවෙන් මෙම නගරයේ සංවර්ධන විභවය තවදුරටත් වර්ධනය වෙමින් පවතී. නගරය හරහා දිවෙන හයිලෙවල් මාර්ගය මගින් කොළඹ අග නගරය මෙන්ම අධිවේගි මාර්ග පිවිසුම පිහිටා තිබිම ‍ හේතුවෙන් අනෙකුත්  ප්‍රධාන නගර හා සම්බන්ධිකරණය කරනු ලබයි.

2002 ජනවාරි මස 10 වන දින අංක 1218/35 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගැසට් පත්‍රය මඟින් 2002.047.15 වන දින සිට මහරගම නගර සභාව සංස්ථාපනය කර ඇත. මේ වන විට නගර සභා සේවක හා නිලධාරින් ප්‍රමාණයකින් සමන්විත වී ඇත.කොළඹ දිස්ත්‍රික්කයේ ඉතා ඉක්මනින් සංවර්ධනය කරා ලඟා වී ඇති පළාත් පාලන ආයතනයකි. ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහලින් නංවා ගැනීමටත්, මංමාවත් හා මාර්ග අලුත් වැඩියා කටයුතු ඉතාමත් හොදින් සංවර්ධනය කිරීමටත් බල ප්‍රදේශයේ සෑම කොටසකටම විථ් පහන් සවිකිරිමත් ආදී නොයෙකුත් මහජන සේවාවන් ලබා දීමටත් මහත් සේ ඇප කැප වී සිටි.

ඉතිහාසය සංස්කරණය

1963 දී ව.කි.මී 5 කට පමණ සීමා වී සුළු නගර සභා ප්‍රදේශයක් ලෙස පැවතුන මෙම පළාත් පාලන ආයතනය 1988 වර්ෂයේදී ව.කි.මී 21 ක විශාල ප්‍රදේශයක් බවට පුළුල් වී ප්‍රාදේශීය සභාවක් බවට පත්විය.

2002 ජනවාරි 10 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එවකට ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාව සිටි ඇලික් අළුවිහාරේ මැතිතුමා විසින් “මහරගම නගර සභාව“ යන නිල නාමය නියම කර තිබේ. එම ගැසට් පත්‍රයට අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ 41 කින් සමන්විත භූමි ප්‍රදේශය නගරයක් විය යුතු බවත්, එහි දක්වා ඇති සීමා පරිපාලන සීමා ලෙසත් නම්කර ඇත. 2002 අප්‍රේල් 15 දින මහරගම නගර සභවේ නිල කාලය ආරම්භ විය.

බස්නාහිර පළාතෙහි කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති මහරගම නගර සභා බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් 39.4 ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර උතුරින් හා වයඹ දිගින් කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයෙන් සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයෙන්ද නැගෙනහිරින් හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද දකුණින් කැසබෑව නගර සභා බල ප්‍රදේශයෙන්ද බටහිරින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයෙන්ද මායිම්ව ස්ථානගත වී ඇත.

කොළඹ නගරයේ සිට කි.මී16ක් ගිනිකොණ දෙසින් මහරගම නගර සභා බල ප්‍රදේශය පිහිටා තිබෙන අතර ජනගහනය හා භෞතික වර්ධනය අතින් ඉහළ වර්ධනයක් පෙන්නුම් කෙරේ. නගරය හරහා දිවෙන හයිලෙවල් මාර්ගය මගින් කොළඹ අග නගරය මෙන්ම සබරගමුව, ඌව වැනි පළාත් හා ප්‍රධාන නගරද සම්බන්ධීකරණය කරනු ලබයි.

2021 වර්ෂය වන විට අපේක්ෂිත ජනගහනය 253,047 වන අතර, මෙම නගරය අධි ජන ඝනත්වයකින් යුතු වාණිජ මධ්‍යස්ථානයක් හා ප්‍රධාන නේවාසික නගරයක් ලෙස හඳුනාගෙ ඇත.2014 වර්ෂයේ ජනගහනය 202,557 ක් වන අතර වරිපනම් අය කරන දේපල සංඛ්‍යාව 77,740 ක් වේ.

මෙම පළාත් පාලන ආයතනයේ වගකීම් හා කාර්යභාරය වන්නේ ජනතා තෘප්තියට හේතුවන උපරිම මට්ටමේ සේවාවක් සපයා දීමය. තුලනාත්මක හා ධරණීය සංවර්ධනයක් මගින් ප්‍රාදේශීය ජනතාවගේ ශුභ සිද්ධිය සඳහා වු අපේක්ෂාවන් ලඟා කරදීමට හා ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය නංවාලීම සඳහා ද අවශ්‍ය වන්නා වු යටිතල පහසුකම් සපයා දීම මගින් බල ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය හා ඔවුන්ගේ භෞතික වටපිටාවද වර්ධනය කරලීම නගරසභාවේ අභිමතාර්ථය වන්නේය.

සේවාවන් සංස්කරණය

සෞඛ්‍ය අංශය සංස්කරණය

  • බල ප්‍රදේශයේ කසල එකතු කිරීම
  • කසළ කළමනාකරණය
  • පරිසර බලපත්‍ර නිකුත් කිරීම හා අළුත් කිරීම
  • ගලි බවුසර් මගින් පූතීක ටැංකි පිරිසිදු කිරීම
  • ආයුර්වේද ප්‍රතිකාර ලබාදීම
  • දන්ත වෛද්‍ය සායනය

ආදායම් අංශය සංස්කරණය

  • නොපවරා ගැනීමේ සහතිකය
  • වරිපනම් හිමිකාරිත්වය වෙනස් කිරීම(ඇස්තැරැක්ක A.T.D)
  • වරිපනම් බදු ගෙවීම
  • ව්‍යාපාර/කර්මාන්ත බදුගෙවීම
  • වෙලද බලපත්‍ර ලබාදීම
  • සමාජ ශාලා බලපත්‍ර ලබාදීම
  • පා පැදි බලපත්‍ර/සංදර්ශන බලපත්‍ර
  • ප්‍රචාරක දැන්වීම්
  • ක්‍රීඩා පිටියක් වෙන් කිරීම/නගරශාලා/ ප්‍රජා ශාලා වෙන් කිරීම
  • ආදාහනාගාර වෙන් කිරීම/සුසාන භුමි වෙන් කිරීම
  • සුසානභුමි තුල සිහිවටන ඉදිකිරීම

බදු මුදලින් ලබාදෙන සේවාවන් සංස්කරණය

  • ග්‍රාමීය මාර්ග සංවර්ධනය හා නඩත්තුව
  • මහජන සෞඛ්‍යය හා ආරක්ෂාව
  • ළමා හා මාතෘ සායන
  • වීථී ආලෝක කරණ කටයුතු
  • ආයුර්වේද සේවා
  • පෙර පාසල්
  • සෞන්දර්ය අධ්‍යාපන සේවා
  • වෘත්තීය පුහුණු පාඨමාලා
  • පොදු වෙළදපොල හා සති පොල සංවර්ධන කටයුතු
  • පොදු සුභසාධක කටයුතු සැලසීම
  • වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම

ගොඩනැගිලි හා කර්මාන්ත අංශය සංස්කරණය

  • ඉඩම් අනු බෙදීම අනුමත කිරීම.
  • පිඹුරුපත් අනුමත කිරීම
  • ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.
  • ගොඩනැගිලි සංවර්ධන බලපත්‍රයේ කාලය දීර්ඝ කිරීම.
  • අනුකූලතා සහතික නිකුත් කිරීම.
  • මායිම් තාප්ප සහ රැඳවුම් බැමි සැලසුම් අනුමත කිරීම.
  • අනුමත කිරීම් පිළිබඳ පැමිණිලි
  • අනතුරුදායක ගස් සම්බන්ධ පැමිණිලි
  • මහජන පැමිණිලි

පුස්තකාලයේ සේවාවන් සංස්කරණය

  • මහරගම ප්‍රධාන කාර්යාලය
  • රුක්මලේ
  • මාදිවෙල
  • කොට්ටාව කුලසෙවනමහරගම නගර සභා බල ප්‍රදේශය තුල පුස්තකාල 4 කි.යන ස්ථානයන්හී පවත්වාගෙන යමින් පහත සේවාවන් ලබාදෙනු ලබයි.
  1. පුස්තකාල සාමාජිකත්වය ලබා දීම
  2. ජංගම පුස්තකාල සේවා
  3. සාමාජිකත්වය අළුත් කිරීම.
  4. අධ්‍යයන කටයුතු සඳහා ඉඩපහසුකම් ලබා දීම

සංවර්ධන අංශයේ සේවාවන් සංස්කරණය

  • ප්‍රජා මණ්ඩල ලියාපදිංචි කිරීම
  • මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම
  • මාර්ග පවරා ගැනීම්
  • ආයතනයේ ඵලදායීතා ප්‍රවර්ධනයම.

වෙනත් සේවාවන් සංස්කරණය

  • පෙර පාසැල්
    • මහරගම ප්‍රධාන කාර්යාලය
    • රුක්මල්ගම
    • මිරිහාන
    • දෙල්ගහවත්ත
  • ආයුර්වේද සේවාවන්
  • දන්ත සායනය
  • ආදාහනාගාර 09 ක් මගින් සේවාව සපයනු ලබයි
  • ගමට සෙත සදමින් ප්‍රජා මණ්ඩල හා ප්‍රජා ශාලා පවත්වාගෙන යාම හා සම්බන්ධීකරණය
  • ප්‍රජා පුහුණු වැඩසටහන්
    • සිසිල උයන පුහුණු මධ්‍යස්ථානය

ප්‍රජා පුහුණු වැඩසටහන් සංස්කරණය

  1. සිසිල උයන ස්වයං රැකියා පුහුණු පාඨමාලාව

මහරගම නගර සභා බල ප්‍රදේශයේ පාසල් හැර ගිය හා රැකියා විරහිත කාන්තාවන් සවිබල නැන්වීම හා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම පදනම් කරමින්  ස්වයං රැකියා පුහුණු අත්වැල ව්‍යාපෘතියක් මහරගම නගර සභාව මඟින් පවත්වනු ලබයි. මෙම පාඨමාලාව නොමිලේ පවත්වනු ලබන අතර පාඨමාලා අටකින් සමන්විත වේ.

  • අත්කම් පුහුණු පාඨමාලාව
  • තිරරෙදි හා පැච්වර්ක් පුහුණු පාඨමාලාව
  • රූපලාවන්‍ය පුහුණු පාඨමාලාව
  • කේෂාලංකාරණ පුහුණු පාඨමාලාව
  • රෙදි පින්තාරු පුහුණු පාඨමාලාව
  • මැහුම් පුහුණු පාඨමාලාව
  • පාවහන් නිෂ්පාදන පුහුණු පාඨමාලාව
  • බෑග් නිෂ්පාදන පුහුණු පාඨමාලාව

2. වෘත්තිය පුහුණු පාඨමාලාව -මහරගම නගර සභාව

යොමු සංස්කරණය

http://maharagama.uc.gov.lk

"https://si.wikipedia.org/w/index.php?title=මහරගම_නගර_සභාව&oldid=429230" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි